බෝතලේ සේනානායක පරපුර සිංහලේ සංස්‌කෘතික උරුමයක්‌

වෛද්‍ය ජයසේන දහනායක

ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසන ඉතිහාසයට ඉතාමත් සමීපතම සම්භාවනීය පරපුරකට සිතා මතාම අවමන් කිරීමේ දුෂ්ට ෙච්තනාවෙන් පසුගියදා දිවයින පුවත්පතෙහි පළකර තුබූ ලිපියක්‌ කියෑවීමෙන් කම්පාවට පත්වූ අපට මෙම ලිපිය ලියන්නට සිත් විය. කිරිඳිවැල කරුණාතිලක නම් ලේඛකයකු විසින් ඒ ලිපිය ලියා තිබුණේ අහුන්ගල්ලේ දේ.සු. ද සොයිසා මහතුන් ලියූ ලිපියකට පිළිතුරු වශයෙනි. කෙසේ වෙතත් ඒ ලිපියෙන් පාඨක ජනයාට දුන් වැරදි වැටහීම නිවැරදි කිරීමත්, එකී අවමන් ලිපිය ලියූ අයගේ නොදැනුවත්කම පෙන්වාදීමත් මේ ලිපියේ අරමුණයි.

ලක්‌දිවැ ජාතික ආගමික හා සංස්‌කෘතික වශයෙන් සුවිසල් පෙරැළියකට මුල් වූ මහින්දාගමනය දක්‌වා ඈත. අතීතය හා බැඳෙන ඓතිහාසික සිදුවීම් රැසකට සම්බන්ධ හාපිටිගම් කෝරළේ උඩුගහ පත්තුවේ "බෝතලේ" ගමැ සේනානායක පරපුරේ ආදීමයා වූයේ, මහාමහින්ද මහරහතන් වහන්සේට සහ සංඝමිත්තා මෙහෙණියට මාමා වූ සූර්ය වංශික බෝධිගුත්ත රාජකුමරුගේ පරපුරෙන් පැවැත ආ රාජකුමාරයෙකි.

"සමන්තපාසාදිකා" නම් අටුවා ග්‍රන්ථය පෙන්වා දෙන හැටියට මහා මහේන්ද්‍ර සහ සංඝමිත්තා යන දෙදෙනාගේ මව, අශෝක අධිරාජයාණන්ගේ මෙහෙසියක වූ සූර්යවංශික "වේදීස" දේවියය. එතුමියට කනිටු සොහොයුරන් අට දෙනෙක්‌ වූහ. ඒ අට දෙනාගෙන් වැඩි මහල් කුමරුවා, බෝධිගුප්තය. ඔහුට කනිටු වූයේ, සුමිත්ත කුමාරයාය. සිරිමහා බෝධි දක්‌ෂිණ ශාඛාව බෝධිගුප්ත කුමරුට පාවාදී එහි නඩත්තුව හා ආරක්‌ෂාව ද ඔහුට පැවරූ අශෝක අධිරාජයාණෝ අටළොස්‌ කුලවාසීන්ගේ රැකවරණය "සුමිත්ත" කුමරුට පැවරූහ. එතුමෝ තම දේවියගේ සොහොයුරු දෙපොළට මහත් ඇල්මක්‌ දැක්‌වූහ.

ඒ හෙයින් ම තමන් හා සම තනතුරෙහි තබා, තමන් පැළඳි ආභරණ පළඳවා තමන්ට කළමනා සියලු පෙරහර කරවා, ඉහත කී වගකීම් ද පවරා, මහා බෝධි ස්‌නානය කැරවීම සඳහා ස්‌වර්ණාභෘංගාර (රන් කෙන්ඩි) 08 ක්‌ සහ රජතභෘංගාර (රිදී කෙන්ඩි) 8 ක්‌ බෝධිගුප්ත කුමරුට දුන් බව "ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසන ඉතිහාසය" පෙන්වා දෙයි.

මිහිඳු මා හිමියන් සමඟ මිහින්තලාවට වැඩම කළ සුමන සාමණේරයන් වහන්සේ මිහිඳු හිමියන්ගේ බැනනුවන්ය. සංඝමිත්තාවන්ගේ පුතණුවන්ය. පියාණන් අග්ගි බ්‍රහ්මා නම් ශාක්‍ය කුමාරයාය. අනාගාමී වූ භණ්‌ඩුක උපාසකතුමාද මිහිඳු මා හිමියන්ගේ දෙවෙනි සහෝදරියගේ පුත්‍රයෙකි. මේ අනුව, අශෝක අධිරාජයා, වේදිස දේවිය, බෝධිගුත්ත, සුමිත්ත, අනුබුදු මිහිඳු මා හිමි, සංඝමිත්තා තෙරණිය, සුමන සාමණේරයන් වහන්සේ, භණ්‌ඩුක උපාසකතුමා ආදීන් ඔවුනොවුන්ට සමීපතම ඥති පිරිසකි. මේ පුණ්‍යකාමී බෝතලේ සේනානායක පරපුරද බෝධිගුත්ත රාජකුමාරයාගේ පෙළපතින් පැවත එන හෙයින් අතීතයේ එකම ඥති පිරිසක්‌ වූ බව මෙයින් සනාථ වේ.

බෝධිගුත්ත රජකුමරුගෙන් ඇරඹි මහාබොAධීන් වහන්සේගේ බාරකාරත්වය හා නඩත්තුව, එතුමාගෙන් පසුද ඒ පරපුරටම පැවරුණු රාජකාරියක්‌ ලෙස දිගින් දිගටම පැවත ගෙන ආ බව ගෝඨාභය හෙවත් මේඝවර්ණාභය රජතුමාගේ රාජ්‍ය කාලයෙහි (ක්‍රි. ව. 253 සිට 266) ද අවිච්äන්නව පැවත ආ බව පැහැදිලිය. ඒ වන විට මේ රාජකීය පරපුර "බෝධාහර කුලය" නමින් පතළව සිටි බව "මහාවංසයෙහි" සඳහන් වෙයි. එකල මහාබෝධි භාරකාරත්වය රාජ පෙළපතටම උරුම වූ උසස්‌ ථානාන්තරයක්‌ බව ඓතිහාසික මූලාශ්‍රයන් ගෙන් තහවුරු වෙයි.

බෝතලේ ගම ජනාවාසයක්‌ බවට පත්වී දැනට ශත වර්ෂ 17 ක්‌ පමණ වෙයි. ශ්‍රී බුද්ධ වර්ෂ 796 සිට 809 දක්‌වා ගෝඨාභය රජු රාජ්‍ය පාලකයා වූයේ ශ්‍රී. බු. ව. 794 සිට 796 දක්‌වා රාජ්‍ය කළ සිරි සංඝබෝධි රජුගෙන් රාජ්‍ය පැහැර ගෙන රජු මැරවීමෙනි. ඒ මරණය සඳහා උපක්‍රම යෙදූ ගෝඨාභය රජුගේ සිතට ඒ අපරාධය සිහි වූ සැමවිට ම බියක්‌ ඇති විය. රටවැසියෝද රජු කෙරෙහි අප්‍රසාදයක්‌ දැක්‌වූහ. ඒ හෙයින් අමාත්‍යවරුන් සමග සාකච්ඡා කර ඊට පිළියමක්‌ වශයෙන්, සඟබෝ රජ හිස දන් දුන් තැන විහාරයක්‌ කැරවීමටත්, ඒ රජු වෙනුවෙන් පින්කම් කොට රටවාසීන්ගේ සිත් පහදවා ගැනීමටත්, කල්පනා කළ රජතුමා විහාර කර්මාන්තයට අවශ්‍ය දැව දඬු උළු, ගඩොල්, හා මාර්ගෝපකරණ රැස්‌කොට ගෙන, කම්කරු සේවකාදීන්ද කැටුව එහි රෝපණය කිරීමට මහා බෝධි අංකුරයක්‌ද පාත්‍රයට අරගෙන මැති ඇමැතිවරුන්ද කැටුව පිටත් වූහ.

එකල මා ඔයෙන් දකුණ ඝන කැලෑවෙන් වැසී තිබිණි. ගස්‌වැල් කපාගෙන මඟ එළි පෙහෙළි කරගෙන ගමන් කරන්නට සිදුවිය. මා ඔයෙන් එතෙරව තරමක්‌ දුර ගමන් කළ පිරිස හිරු අවරට බැස ගිය වේලාවේ එදින රාත්‍රිය ගත කරන්නට සුදුසු තැනක්‌ බලද්දී, සිත් කලු බිම් පෙදෙසකට ළඟා වූහ. එතැන නවාතැන් ගන්නට සූදානම් කර ගත් පිරිස, රැගෙන යමින් සිටි බෝධි අංකුරයද මදක්‌ උස්‌ වූ තලාවෙක තැබූහ. පසුදින එතැනින් ගමන් ඇරඹීමට සූදානම්ව, බෝධි අංකුරයගෙන යැමට බලන විට විස්‌මයජනක හාස්‌කමක්‌ දුටුවහ. එනම්, දේව අස්‌ථිතයකින් මෙන් ඉබේ මුල් ඇදී රෝපණය වී තුබුණු බෝධි අංකුරය දැක, එපවත් රජතුමාට දැන්වූහ. රජුද විස්‌මය බලා බෝධිය ඉතැනින් ඉවත් නොකිරීමට නියම කොට, ඊට රැකවල්ලා වතාවත් කිරීමටද පිරිසක්‌ රඳවා ඔවුනගේ නඩත්තුවට ගම්වරද පවරාදී, බෝධි අංකුරය තලාව මත පිහිටි හෙයින් ඒ බිම "බෝතලේ" නමින් හැඳින් වූහ.

මෙහි මුලින් කී බෝධිගුත්ත රාජකුමරුගේ පරපුරෙන් පැවත ආ අමාත්‍යවරයෙක්‌ද ඒ පිරිස අතර වූයේය. රජතුමා එතුමන්ට බෝතලේගම නින්දගමක්‌ කැර දී, බෝතලේ සහ අත්තනගල්aලේ නතර කළ පිරිසේද අධිපති පදවිය සමග "සේනානායක" යන ගෞරව නාමය පිරිනමා බෝධි අංකුරය රැකබලා ගන්නට නියම කළේය. එතුමන්ට අවැසි දැසි දස්‌ කම්කරු ජනයා ද බාර කැර දුන්නේය. ඒ අමාත්‍ය තෙම බෝතලේ නිත්‍ය වාස භූමිය කොටගෙන, අත්තනගලු විහාරයේ සියලුම කර්මාන්ත කටයුතු නිමවා අලංකාර විහාරයක්‌ කැරවූහ. බෝතලේ බෝධි අංකුරය පිහිටි භූමිය ද සුද්ධ පවිත්‍ර කරවා, එතැනද "ගෝඨාභයාරාමය" නමින් සකලාංග පූර්ණ විහාරයක්‌ කැරවීය. රජතුමා තමන් වෙත පවරා දුන් දෙපළාතේ මැ වැස්‌සන්ගේ හිත සුව පිණිස කටයුතු කරමින්, ඔවුන්ට ගම්බිම්ද පවරාදී දෙපළාතම දියුණු කළහ. එසේ තමන්ට පැවරූ රාජකාරි කටයුතු මැනවින් ඉටුකළ එතුමා වරින් වර අනුරාධපුර රජවාසලට ගොස්‌ රජතුමන් බැහැදැක තම රාජකාරි නිසි සේ සපුරා ඇති බව ඔප්පුකොට රාජ වරප්‍රසාද ද දිනාගත්තේය.

මේ රාජවංශික බෝධාහාර අමාත්‍යවරයාණෝ තමන්ට සුදුසු කුල කුමරියක්‌ අනුරාධපුරෙන් කැඳවා සරණ පාවාගෙන ඉසරුමත්ව විසූහ. ගෝඨාභය රජුගේ කාලයේ සිට මේ වනවිට වර්ෂ 1700 කට වැඩි කාලයක්‌ වරින් වර රාජශ්‍රීයට සැපත් රජකුමරුවන් ගෙන්ද තනතුරු ලබා ගනිමින් ජාතික හා ආගමික දියුණුවට නිරන්තරයෙන්ම ඇප කැපවීම ජන්ම උරුමයක්‌ හෙවත් වගකීමක්‌ කොටගත් ඒ රාජවංශික සේනානායක අමාත්‍යවරයා, බෝතලේ සේනානායක පරපුරේ මුල් ම ජන නායකයාය. එතුමෝ හාපිටිගම් කෝරළේ සහ සියනෑ කෝරළේ යන දෙපළාතේම ගම් දනව් පිsහිටුවමින්, ගොඩ මඩ ගොවිතැන් දියුණු කළහ. රජයට අය බදුද උපදවා දුන්හ. බෝතලේ ගෝඨාභයාරාමයේ ප්‍රධාන කැපකරු දායකත්වය එදා සිට අද දක්‌වාම සේනානායක පරපුරේ ප්‍රභූන් විසින්ම උසුලනු ලැබේ. බෝතලේ ගමැ ප්‍රධාන නිවාස ග්‍රාමය කැරගෙන අත්තනගල්ලේ සිරි සංඝබෝධි විහාරය හා බෝතලේ ගෝඨාභයාරාමය යන දෙතැන්හි මැ කාලයක්‌ තිස්‌සේ විහාර ප්‍රතිසංස්‌කරණයන්ටද දායකත්වය දෙමින් ග්‍රාම සංවර්ධන කටයුතු, කෘෂිකාර්මික සංවර්ධන කටයුත,= වාරිමාර්ග ප්‍රතිසංස්‌කරණ කටයුතු සහ ආර්ථික සංවර්ධන කටයුතු දියුණුවට සෑම කල්හිම ඇප කැපවූ බවට අපේ ඉතිහාසය සාක්‍ෂි දරයි.

මෙකී අන්දමට බෝතලේගම සේනානායක ප්‍රභූ පරපුර සිය පලාත්වාසීන්ගේ සමුන්නතියට ක්‍රියාකරමින් ගමේ නායකත්වයට ගැළපෙන ආකාරයට ක්‍රියා කළ බවට සිංහල බෝධි වංශය, මහා වංශය, දීපවංශය, සමන්තාපාසාදිකාව ආදී ඉපැරණි ග්‍රන්ථයන්හි කරුණු දැක්‌වෙයි. ඒ ඉතිහාස පවත් පිළිබඳ නොදැනුවත්ව කිරිඳිවැල කරුණාතිලකයන් ලියා තුබූ කරුණුවල කිsසිදු සත්‍යයක්‌ නැත. මූලාශ්‍ර නැත. ඔහු ඒ ලිපියෙන් කියා තිබුණේ බෝතලේ සේනානායකවරු දුම්කොල වෙළෙ¹මට ආ පරපුරක්‌ බව ය. නම්බුව පතා සේනානායක නාමය තමන් ම පටබැඳ ගත් බව ද සඳහන් කර තිබිණි. මෙ රටැ ජනතාවගේ ආදරයට හා සම්මානනීය ගෞරවයට කවදත් බඳුන් වූ මේ පරපුර ගැන ද්වේශයෙන් එබඳු අවමානයක්‌ කිරීම ජාතික අපරාධයකි. ඇත්ත නැත්ත කර, මෙසේ අමූලික බොරු ගොතා ලියා බුද්ධිමත් පාඨක ජනතාව නොමඟ යෑවීම රස්‌සාව කැරගත් මෙබඳු ලියන අප්පුලා ගැන අනුකම්පා කළ යුතුය.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v