ඉන්දියාවේ නැන්දනියෝ සංවිධානයක් පිහිටුවා ගනිති
තම අයිතින් සුරක්‌ෂිත කරලීමේ හා තමන් සම්බන්ධව සමාජයේ පවතින දුර්වල ප්‍රතිරූප සම්බන්ධව අභියෝග කරලීමේ අරමුණින් ඉන්දියාවේ නැන්දනියන් (මදර් ඉන් ලෝස්) 500 ක් පමණ දෙනා පසුගියදා බැංගලෝරයට රැස් වී නව සංවිධානයක් පිහිටුවාගෙන තිබේ.
ඉන්දීය සමාජයේ තම පුතුන්ගේ මනාලියන්ට වධ හිංසා පැමිණවීම හා ඇතැමුන් ගිනි තබා මරණයට පත් කිරීම සම්බන්ධව දරුණු චෝදනා එල්ල වී ඇති ඉන්දීය නැන්දනියන් අපරාධකරුවන් ලෙස සමාජය විසින් හංවඩු ගසා තිබීම නිසා ඔවුන් සමාජයෙන් කොන් කිරීමට පටන්ගෙන ඇතැයි සමස්‌ත ඉන්දීය නැන්දනියන් සුරක්‌ෂිත කිරීමේ සංවිධානය (ඕල් ඉන්ඩියන් මදර් ඉන් ලෝ ප්‍රොටෙක්‌ෂන් ෆොaරම්) පවසයි.
මෙම තත්ත්වයට රූපවාහිනිය ඇතුළු ජනප්‍රිය සංස්‌කෘතික අංගයන්ද වගකිව යුතු බවත් එම මාධ්‍යයන් මගින් නැන්දනියන් ලේ පිපාසයෙන් පෙළෙන යක්‌ෂනියන් ලෙස හංවඩු ගැසීම නිසා නැන්දනියන්ට එරෙහිව හිංසා කිරීම් සිදු කිරීම හා ඔවුන්ගේ සිවිල් අයිතීන් අහිමි කිරීමට හේතු වී ඇතැයි එම සංවිධානයෙහි සම්බන්ධිකාරකා නීතා දුලියා පවසන්නීය.
නැන්දනියන් සිය ලේලිවරුන්ගේ කායික හිංසනයට හා වධ බන්ධනයන්ට නිරතුරුව ලක්‌වූවද ජනප්‍රිය මාධ්‍යයන් සමාජයට පෙන්වා දෙනුයේ නැන්දනියන් දරුණු පිරිසක් ලෙස බව ඇය කියයි. මෙම තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ නැන්දනියන්ට හා ඔවුන්ගේ පවුල්වලට එරෙහිව සාවද්‍ය නඩු පැවැරුම් රැසක් සිදු කර ඇති අතර ඔවුනට නීතියේ පිළිසරණ ද අහිමිව ගොස් ඇතැයි දුලියා වැඩිදුරටත් සඳහන් කරයි.
නැන්දනියන් හා ලේලිවරුන් අතර ගැටුම ඉන්දීය පවුල් සංස්‌ථාවේ දක්‌නට ලැබෙන ප්‍රධාන අංශයක් ලෙස සැළැකේ. මෙම ගැටුම බොලිවුඩයේ ටෙලි නාට්‍යවල අතිශයින් ජනප්‍රියතම තේමාව බවට පත්ව තිබේ. මෙහිදී ලේලිවරුන් සැම විටම ගොදුර බවට පත්වන අතර ඔවුන් තම පවුලේ ආරක්‌ෂාව තකා සිය සැමියන්ගේ පවුලට එක් වීමෙන් පසුව ඇය සැමියන්ගේ මවුවරුන් අතින් හිංසාවට ලක්‌වේ.
තම සැමියාගේ පවුලේදි ලේලිය සිය නැන්දනිය අතින් හිංසාවට පත් වනුයේ දැවැද්ද සඳහා ලබා දෙන ත්‍යාග හා මුදල් සම්බන්ධයෙනි. මෙවැනි අවස්‌ථාවලදී ලේලිය ගින්නට හසු වී මුළුතැන්ගෙයිම මිය ගොස් සිට හමුවූ අවස්‌ථාද වාර්තා වී තිබේ.
එමෙන්ම ඇතැම් නැන්දනියන් තම පුතාගේ නම ගෙන යැම සඳහා පුත්‍රයෙකුම පතන බැවින් ලේලිවරුන්ට සිදු වන ගැබ් ගැනීම් ගබ්සා කර ගැනීමට පොළඹවන අවස්‌ථාවන් පිළිබඳව ද වාර්තා වී ඇත.
එහෙත් නැන්දනියන් සුරක්‌ෂිත කිරීමේ සංවිධානයේ සම්බන්ධිකාරිකා නීතා දුලියා පවසනුයේ ඉන්දියාවේ ජාතික පවුල් සෞඛ්‍ය සමීක්‌ෂණයකට අනුව වයස අවුරුදු 15 ත් 49 ත් අතර කාන්තාවන් නැන්දනියන්ට වඩා අට ගුණයකින් පමණ වැඩියෙන් තම මවුවරුන් අතින් හිංසනයට ලක් වන බවයි.
ලන්ඩනයේ ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට ඩීන් නෙල්සන් සැපැයූ වාර්තාවක් ඇසුරෙනි.
Powered By -
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v