2009 සැප්තැම්බර් 12 සෙනසුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Divaina Editor
    Submit Your Opinion
    contact webmaster

ලක්‌ෂ 25 ක පෞද්ගලික
ඇප මත ජෝර්ජ් මාස්‌ටර්
හා දයා මාස්‌ටර් මුදාහැරේ
ඔවුන් ඇප මත මුදාහරින
ලෙසට නියෝග කළ මහෙස්‌
ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස්‌
ගමන් තහනම් කරන ලෙසත්, සෑම
මසකම අවසන් ඉරු දින පෙරවරු
9 ත් 12 අතර කාලයේ අපරාධ
පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ
මූලස්‌ථානය හමුවේ පෙනී සිටින
ලෙසත් ඇප කොන්දේසි
පැනවීමක්‌ සිදු කළේය.

 



ශ්‍රී ලංකාවේ ඩෙංගු මදුරුවන්
බෝවීම පාලනය කිරීම සඳහා
කියුබානු බැක්‌ටීරියාවක්‌ යොදා
ගැනීම සඳහා වන නිර්දේශ
ඉදිරිපත් කිරීමට මෙරටට පැමි
ණි කියුබානු වෛද්‍ය කණ්‌ඩායම
සිය නිර්දේශ ඇතුළත් වාර්තාව
ඊයේ (11 දා) සෞඛ්‍ය අමාත්‍ය
වරයා වෙත භාරදුන්නේය. අදාළ
බැක්‌ටීරියාව මාධ්‍ය වෙත ප්‍රදර්ශ
නය කළ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.
ඡායාරූපය - කමල් බෝගොඩ





 
සාකච්ඡා අසාර්ථකයි :
වතු කම්කරුවන්ගේ වැටුප්
ප්‍රශ්නය විසඳීමට රජය
මැදිහත් වෙනවා
ඇමැති දි. මු. ජයරත්න
වතු කම්කරු වැටුප් ප්‍රශ්නය
විසඳීමේදී කම්කරු අමාත්‍ය
අතාවුද සෙනෙවිරත්න හා
තරුණ අභිවෘද්ධි හා සමාජ
ආර්ථික සංවර්ධන ඇමැති
ආරුමුගන් තොණ්‌ඩමන් යන
මහත්වරුන් සමඟ පුළුල් ලෙස
සාකච්ඡා කොට අදාළ විසඳුම්
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
මහතා වෙත ඉදිරිපත් කිරීමට ද
ඇමැතිවරයා තීරණය කර ඇත.
මෙරට ප්‍රභූවරුන්ට වීසා
නොදෙන රටවලට
එරෙහි වීම පාර්ලිමේන්තුවේ
වගකීමක්‌
කථානායක වි.ජ.මු. ලොකුබණ්‌ඩාර
සිංහලයකු, බෞද්ධයකු
හා ශ්‍රී ලාංකීය පුරවැසියකු
වීම නිසා විදේශ රටවලදී
හිරිහැර වෙනවා නම් එය
හානිකර තත්ත්වයක්‌ යෑයිද,
ඒ පිළිබඳ තමන් කනගාටු
වන බවද කී කථානායක
වරයා අගමැති රත්නසිරි
වික්‍රමනායක මහතාටද
මෙම හිරිහැරයට මුහුණ
දෙන්නට සිදු වූ බව කීය.
 
  • පාර්ලිමේන්තුව
    පැරැණි නොවන නවක වදය
    රථවාහන තදබදයට පිළියමක්‌ ලෙස සියලු
    පෞද්ගලික වාහන මොරටුවේ නතර කර සුඛෝප
    භෝගි බස්‌රියකින් මඟීන් කොළඹට ගෙන ඒම අරඹා
    මාස කීපයකි.... මේ සඳහා වැඩි ප්‍රතිචාරයක්‌ නැතැයි
    ද ඇමැතිවරුන්ද තම වාහනවලින් බැස මෙම බස්‌ රථයේ
    එන්නේ නම් වාහන සියයක්‌ පමණ කොළඹට පැමිණීම
    වැළකෙන බව අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයා
    මගී ප්‍රවාහන ඇමැති ලසන්ත අලගියවන්න මහතාට
    යෝජනා කළේය.
    අපි පළමුව ආරාධනා කරනවා ඔබතුමාලට ඒ
    ආදර්ශය දෙන්න කියලා... යෑයි අලගියවන්න ඇමැති
    වරයා බෝලය ජවිපෙටම පාස්‌ කළේය.
    "හොඳ වැඩේ...." කථානායකවරයා කීවේය.

 
  • ත්‍රි"මලේ ගල් අඟුරු බලාගාරයට ගිවිසුම්
    අත්සන් කිරීම ලබන සතියේ

    ත්‍රිකුණාමල සාම්පූර් ගල් අඟුරු බලාගාරය
    ශ්‍රී ලංකාවේ ඉදිකරන දෙවැනි ගල්අඟුරු බලාගා
    රය වන අතර ඉන්දියාව එහි ඉදිකිරීම් සිදු කිරීමට
    නියමිතය. සාම්පූර් ගල්අඟුරු බලාගාරය ඉදිකිරීමට
    අදාළ ශක්‍යතා අධ්‍යයන වාර්තා සියල්ල සකසා අව
    සන් කර තිබෙන අතර එහි ඉදිකිරීම් ලබන වසරේදී
    ඇරැඹීමට නියමිතය.

  • ආගම කියෑවීම
    හොඳ පුද්ගලයකු විය හැක්‌කේ කිසියම් ආගමක
    ලේබලයක්‌ අලවා ගෙන සිටීමෙන් නොවේ. තමන්
    තුළ සාරධර්ම වර්ධනය වීමට යෝග්‍ය ක්‍රියා පිළිවෙ
    තක්‌ දැනට අනුගමනය කරනු ලබන්නේද යන කරුණ
    පවා කෙනකු හොඳ පුද්ගලයකු බව තීරණය කිරීමට
    සුදුසු එක්‌ මිණුමක්‌ පමණි. හුදෙක්‌ මානසික සංවර්ධ
    නයෙන් තොර කායික සංවරය තාවකාලිකය.

  • කොම්පැක්‌ කුසලාන තුන්කොන් ක්‍රිකට්‌ :
    ඉන්දියාව සහ නවසීලන්තය

    කොම්පැක්‌ කුසලාන තුන්කොන් ක්‍රිකට්‌ තරගාවලියේ
    ඊයේ (11 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
    ආරම්භ වූ ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගයේ
    කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන නව
    සීලන්ත කණ්‌ඩායම පත්‍රය මුද්‍රණයට යන අවස්‌ථාව වන
    විටත් පන්දුවට පහර දෙමින් සිටියේය.


Kapruka Shopping |  News

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.