පාර්ලිමේන්තුව
පැරැණි නොවන නවක වදය
නවක වදය..... කිසිදා පරණ නොවන වදයකි..... වසරින් වසර නවක වදය ගැන පුවත් අසන්නට දකින්නට ලැබේ.
නවක වදය ඊයේ මැතිසබයට ද ආවේය. සරසවි වරම් ලද සිසුන් පිරිසක් ලියාපදිංචි කිරීම කොළඹ රුහුණ සහ ජයවර්ධනපුර සරසවි විසින් ප්‍රතික්‍ෂේප කිරීම පිළිබඳ සංවාදයක් සභාගැබේදී ඇතිවිය.
"නවක වදයට මම එදා පටන් විරුද්ධයි....." උසස් අධ්‍යාපන ඇමැති මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා කීය.
"වර්ණපාල තියරියත් එක්‌තරා අන්දමක නවකවදයක් තමයි" ජවිපෙ අනුරකුමාර දිසානායක මහතා කියද්දී "ඒක ඉතිං අහිංසක තියරියක්‌නේ" යෑයි මහාචාර්ය වර්ණපාල කීවේය.
සරසවිවලට ඇතුළු වන්නත් පෙරයි ඔබතුමා ළමයින්ට නවක වදය දෙන්නේ...." යළි අනුරකුමාර මන්ත්‍රීවරයා කීවේය. "ඒ නවක වදය නතර කිරීමට මම කටයුතු කරනවා...." ඇමැති වර්ණපාල මහතා යළි කීවේය.
මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඇමැතිවරු සභා ගැබට නොපැමිණීම ගැන කථානායක වි. ජ. මු. ලොකුබණ්‌ඩාර මහතා සිය නොසතුට පළ කළේය.
මන්ත්‍රීවරයෙක් අසන ප්‍රශ්නයකට පළමු අවස්‌ථාවේදීම පිළිතුරුදීම තමයි වැදගත්. කල් ඉල්ලා දෙවැනි වර උත්තරදීම ගැන ඇමැතිවරු ලැඡ්ජා විය යුතුයි. තුන්වැනිවර උත්තර දීම ගැන තවත් ලැඡ්ජා විය යුතුයි කියා කථානායකවරයා කියද්දී ඊට පස්‌සෙත් උත්තර දුන්නොත් විලිලැඡ්ජා විය යුතුයි..." යෑයි අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයා කීවේය.
මුදල් ඇමැතිවරයා කව්ද යන්න පිළිබඳවත් ඊයේ ගැටලුවක් ඇතිවිය. කථානායකවරයා පැහැදිලි කළේය.
මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතායි. මුදල් රාජ්‍ය
පැරැණි නොවන
ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා... මුදල් ඇමැති ජනාධිපතිතුමායි..... ලොකුබණ්‌ඩාර මහතා කීවේය.
අපිට නම් ටික ටික පැටලෙනවා... අප්පා.. ඒත් ඔබතුමාට හොඳට මතකයි... අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසා සිටියේය.
පිළිතුරත්, ලිපියත් සභාගත කරද්දී මන්ත්‍රීවරයකු තමා සිටින ස්‌ථානයේ සිට එය කිරීම සාමාන්‍ය දෙයක්. මම මෙය සභාගත කරනවා." යෑයි පැවසීම පමණක් සෑහේ. එහෙත් තැපැල් ඇමැති එම්. එස්. සෙල්ලසාමි මහතා වෙනසක් කළේය.
තමන්ගෙන් අසා තිබූ පැනයකට අදාළ පිළිතුර සෙල්ලසාමි ඇමැතිවරයා කථානායක අසුන වෙත ගෙනැවිත් භාර දුන්නේ "මම ඒක සභාගතකරනවා..." කියාය.
කථානායකවරයා කාරණාව ඇමැතිවරයාට පහදා දී පිළිතුරු සමඟින් ඇමැතිවරයාව ඔහුගේ අසුන වෙත නැවත හරවා යෑවීය.
සෙල්ලසාමි ඇමැතිවරයාට අපි ගරු කරනවා දක්‌වන උනන්දුව ගැන..... එතුමා මෙතැනටම ඇවිත් පිළිතුර සභාගත කරන්නයි සූදානම් වුණේ...." යෑයි කථානායක කියද්දී සෙල්ලසාමි ඇමැතිවරයා සිය ස්‌ථානයේ සිට යළි එය සභාගත කළේය.
රථවාහන තදබදයට පිළියමක් ලෙස සියලු පෞද්ගලික වාහන මොරටුවේ නතර කර සුඛෝපභෝගි බස්‌රියකින් මඟීන් කොළඹට ගෙන ඒම අරඹා මාස කීපයකි.... මේ සඳහා වැඩි ප්‍රතිචාරයක් නැතැයි ද ඇමැතිවරුන්ද තම වාහනවලින් බැස මෙම බස් රථයේ එන්නේ නම් වාහන සියයක් පමණ කොළඹට පැමිණීම වැළකෙන බව අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයා මගී ප්‍රවාහන ඇමැති ලසන්ත අලගියවන්න මහතාට යෝජනා කළේය.
අපි පළමුව ආරාධනා කරනවා ඔබතුමාලට ඒ ආදර්ශය දෙන්න කියලා... යෑයි අලගියවන්න ඇමැතිවරයා බෝලය ජවිපෙටම පාස් කළේය.
"හොඳ වැඩේ...." කථානායකවරයා කීවේය.
Powered By -
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v