මුදල් වංචා කළැයි කළුතර ප්‍රා.සභාපති හා හිටපු ලේකම් අත්අඩංගුවට කළුතර - සමූහ විජයසිරි විද්‍යාසේකර කළුතර ප්‍රාදේශීය සභාවේ සිදුව ඇතැයි කියන මුදල් වංචා සම්බන්ධව කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ ගමගේ නිහාල් ප්‍රේමරත්න පෙරේරා (හිටපු සමෘද්ධි නියාමක) හා කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම් විජයමුනි චාන්දනී හේමලතා සොයිසා ගුණසේකර යන දෙදෙනා පෙරේදා (10 දා) රාත්‍රියේ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් දෙදෙනා රටින් පිටවෙන්නේ නම් අත්අඩංගුවට ගෙන රහස් පොලිසියට භාරදෙන ලෙස කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය පසුගිය බදාදා (09 දා) ආගමන හා විගමන පාලකවරයාට නියෝගයක්‌ද නිකුත් කර තිබිණි. සැකකරු හා සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v