|
|
|
|

සරත් රණවක මන්ත්‍රීවරයා කළුතර
ජනතාවට
තම යුතුකම් කොටස නොපිරිහෙලා ඉටුකළා
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා
අජිත් අලහකෝන් - ලසිත දුමින්ද
කුකුලේ ගඟ ව්‍යාපෘතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එම පනත
සම්මත කර ගැනීමට සමත් වූ සරත් රණවක මහතා ගංවතුර තර්ජනයට ගොදුරුවන
කළුතර ජනතාව වෙනුවෙන්ද සිය යුතුකම් කොටස නොපිරිහෙලා ඉටුකළ බව
සභානායක, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (11 දා)
පාර්ලිමේන්තුවේදී පැවැසීය.
කළුතර දිස්‌ත්‍රික් (එජාප) මන්ත්‍රී සරත් රණවක මහතාගේ අභාවය
පිළිබඳ ශෝක යෝජනාව ඉදිරිපත් කරමින් සභානායකවරයා එසේ කීය.
වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත්
කළ පසුව කථානායක වි. ජ. මු. ලොකුබණ්‌ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්
ඊයේ (11 දා) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව
රැස්‌විණි.
ලිපි ලේඛන පෙත්සම් සහ නිවේදන ඉදිරිපත් කළ පසුව මන්ත්‍රීවරුන්ගේ
වාචික පිළිතුරු අපේක්‍ෂිත ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු
දුන්හ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් රණවක මහතාගේ අභාවය පිළිබඳ ශෝක
යෝජනාව ඉදිරිපත් කරමින් සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතාá
කළුතර දිස්‌ත්‍රික්‌කයට විශාල සේවයක් එතුමා කළා. ඒ වගේම සෞඛ්‍ය
ක්‍ෂේත්‍රයේ දියුණුවට ද විශාල සේවයක් සිදු කළා. මංමාවත්,
ක්‍රීඩාංගණ ඉදිකරමින් සිදු කළ සේවය විශිෂ්ඨයි. ආණ්‌ඩු පක්‍ෂයේ
මෙන්ම විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් එතුමා කටයුතු කළා.
ප්‍රදේශයේ ජනතාවට අනුපමේය සේවයක් සිදු කළ එතුමා කෘතහස්‌ත
දේශපාලනඥයෙක්.
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා - පාර්ලිමේන්තුවට ආදර්ශවත්
නායකයෙක්. එතුමා දේශපාලන ජීවිතය ආරම්භ කළේ එන්. එම්. පෙරේරා
මහතාගේ මග පෙන්වීම මත. වුවමනා වෙලාවට තම අදහස් ප්‍රකාශ කළා.
එතුමාගේ වියෝව අපට පාඩුවක්. ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කළා.
අසාධාරණයට එරෙහිව නැඟී සිටියා. එතුමාව අප අගය කළ යුතුයි. දිනුවත්
පැරදුනත් ගමේ හිටියා. තම ඡන්ද දායකයන් සමඟ නිතරම කටයුතු කළා.
එතුමා තමන් කටයුතු කළ පක්‍ෂයට ලැදිව කටයුතු කළ මන්ත්‍රීවරයෙක්.
කිසි බයක් නැතිව කටයුතු කළ කෙනෙක්. කැපවීමෙන් වැඩ කරන
මන්ත්‍රීවරුන් අද අපට අවශ්‍යයි. දේශපාලනයෙන් වාසි ලබා ගත්තේ
නැහැ. ඇති කරගත් දෙයක් නැහැ. තිබූ දෙයක් නැති කරගත්
මන්ත්‍රීවරයෙක්.
(කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා මූලාසනයට
පැමිණේ).
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා හා ජාතික ඒකාබද්ධතා ඇමැති ඩිව් ගුණසේකර
මහතා - තමන්ගේ දේශපාලන කටයුතු වෙනුවෙන් ප්‍රවීණ දේශපාලනඥයන්
ඇසුරු කළා. ඔවුන්ගේ ආභාෂය ලබා ගත්තා. ජනතාව සමඟ සමීප සබඳතා
පැවැත් වූවා. දේශපාලන මතවාද තිබුණත්, අප සමඟ අදහස් හුවාමරු කර
ගත්තා.
කළුතර දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂමන් විඡේමාන්න
මහතා (එජාප) - එතුමා අප සමඟ සුහදව දේශපාලනය සිදු කළා. පක්‍ෂයේ
ක්‍රියාකාරී ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. ප්‍රදේශයේ ජනතාවගේ
අවශ්‍යතා නිතරම සොයාබලා කටයුතු කළ මන්ත්‍රීවරයෙක්. ජනතාව ලබා
දුන් ජනවරම විකෘති නොකළ මන්ත්‍රීවරයෙක්. ඒ වගේම එතුමා දුර්ලභ
මන්ත්‍රීවරයෙක්. සෑම විටම පාර්ලිමේන්තුවට ගරු කළ කෙනෙක්.
කොතරම් තර්ජන තිබුණත් ප්‍රදේශය අතහැර ගියේ නැහැ. පක්‍ෂය නඟා
සිටුවීමට විශාල වැඩකොටසක් සිදු කළා. එතුමාගේ අවසාන කාලයේ
මූල්‍යමය ප්‍රශ්න තිබුණා. මුදලට පක්‍ෂය පවා දුන්නේ නැහැ.
ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා ඇමැති රාජිත සේනාරත්න මහතා -
දේශපාලනය ආරම්භයේදී එතුමා සමඟ බැඳීමෙන් කටයුතු කළා. පක්‍ෂ
බේදයෙන් තොරව මුළු බුලත්සිංහලම එතුමාට ආදරය කළා. තිබු ධනය නැති
කර ගත් කෙනෙක්. කීර්තිය නැති කරගත් කෙනෙක් නොවෙයි. දේශපාලන
තීන්දු ගැනීමේදී අදහස් හුවමාරු කර ගත්තා. විමධ්‍යගත අරමුදල් සම
සමව වැය කළා. අපේ සම්බන්ධය බිඳදමන්න කාටවත් බැරි වුණා. සංගීත
ප්‍රසංගවලදී යුග ගී පවා ගායනා කරලා තිබෙනවා. කිසිම දෙයක් හිතේ
තියාගෙන හිටියේ නැහැ.
එතුමා රෝගාතුරව සිටින කාලයේ ජනාධිපතිතුමාව දැනුවත් කළා. ඕන රටකට
ප්‍රතිකාර කරන්න යන්න මුදල් දෙන්නම් කියා ජනාධිපතිතුමා මට
පොරොන්දු වුණා.
සරත් රණවක හොඳ මිත්‍රයෙක්, දේශපාලනඥයෙක්. හොඳ මහජන සේවකයෙක්.
අවංක පුද්ගලයෙක්.
රංජිත් මද්දුමබණ්‌ඩාර මහතා (එජාප) - එතුමා තමන්ගේ ආසනයට වියදම්
කරලයි මියගියේ. වැට් විවාදවලදී දක්‍ෂ ලෙස කරුණු කාරණා ඉදිරිපත්
කළ කෙනෙක්. එජාපය වෙනුවෙන් විශාල වැඩ කොටසක් එතුමා කළා. පක්‍ෂය
වෙනුවෙන් තමන්ට පුළුවන් සෑම දෙයක්‌ම ඉටු කළා. අප සමඟ සුහදව,
සතුටින් ජීවිතය ගෙන ගියා.
පී. කනක සබෙයි මහතා (ද්‍රජාසං) - එතුමාගේ සේවය අප අගය කළ යුතුයි.
තමන්ගේ ධනය ජනතාව වෙනුවෙන් වැය කළා.
විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝශප් මයිකල් පෙරේරා මහතා - විවිධ
තනතුරුවල නියෑළී සිටි දේශපාලනඥයෙක්. පක්‍ෂ කිහිපයක දේශපාලන
පළපුරුද්දත්, අත්දැකීමත් තිබුණා. ඒ සියලු දේවල් ජනතාවගේ සේවය
වෙනුවෙන් යොදා ගත්තා. රටට, පාර්ලිමේන්තුවට ආදර්ශවත් කෙනෙක්.
රාජ්‍ය රහස් සොයා ගැනීමේ දක්‍ෂතාවක් එතුමාට ශක්‌තියක් තිබුණා.
අපට අහිමි වුණේ ශ්‍රෝෂ්ඨ නායකයෙක්.
(යළි පාර්ලිමේන්තුව සැප්තැම්බර් 22 වැනිදා අඟහරුවාදා පෙරවරු 9.30
ට රැස්‌වේ).
|
|
|
|