අනේ අපොයි ප්‍රේමයේ සරදම් තොණ්‌ඩුවේ සිරවේ ගලේවෙල ව්‍යාපාරිකයකුගේ වැඩිමල් පුතා වුණේ සුජිත් සුජිත් හොඳ අධ්‍යාපනයක් ලබාදීමට පියාගේ එකම අරමුණ වුණා. පියා සුජිත්ව නගරයේ ප්‍රධාන පාසලකට ඇතුළත් කළා. පියාගේ බලාපොරොත්තු මල්පල ගන්වමින් සුජිත් අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් කරගෙන ගියා. නව යොවුන් වියේ ආදරය සුජිත්ට තදින්ම දැනිලයි තිබුණේ. සුජිත් පන්තියේම සිසුවියක සමග ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තා. ඇගේ නම නිලන්ති. වැඩේ දුරදිග ගියා. ඉගෙන ගන්න එක පැත්තකට දාලා සුජිත් ප්‍රේමකරන්න පටන් ගත්තා. සියලු තොරතුරු පියාගේ කනටත් වැටුණා. අන්තිමට සුජිත් වෙනත් පාසලකට මාරුකරන්න පියාට සිද්ධ වුණා. ප්‍ර්‍රථම ප්‍රේමය කොහොම අමතක කරන්නද? සුජිත් පියාට හොරෙන් ප්‍රේමය සම්බන්ධය දිගටම කරගෙන ගියා. සුජිත්ගේ දෙමාපියන්ට මේක නතර කරගන්න බැරිවුණා. අවසානයේදී උසස් පෙළ පැත්තකට දාලා දෙන්නව කසාද බන්දලා දෙන්න සුජිත්ගේ පියා තීරණය කළා. කාලයක් ගත වුණා. දෙන්නගේ කැදැල්ල තවත් සුන්දර කරමින් සුජිත් පිය පදවියත් ලැබුවා. දරු සුරතල් මැද අවුරුද්දක් දෙකක් පවුල් ජීවිතය හොඳින් ගලා ගියා. මේ අතරෙදි සුජිත්ට නිමාලිව හම්බ වුණේ අහම්බෙන්. නිමාලි කොළඹ පෞද්ගලික දුරකථන සමාගමක සේවය කළා. සුජිත්ගෙයි නිමාලිගෙයි ඇසුර දුරදිග යන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ. සුජිත්ටත් තහනම් ගහේ ගෙඩිවල රස හොඳින්ම දැනිලයි තිබුණේ. අන්තිමට සුජිත් නිසා නිමාලි අම්මා කෙනෙක් වුණා. සුජිත් විවාහකයකු බව නිමාලි දැනගෙන හිsටියේ නැහැ. කොහොම හරි සුජිත්ගේ අනියම් පෙම් පලහිලව්ව නිලන්තිගේ කනටත් ගියා. නිලන්ති සුජිත් එක්‌ක රණ්aඩු වුණා. සුජිත් වැරැද්දක් කළේ නැහැ කියලා පොළොවේ අත ගහලා කිව්වත් නිලන්ති ඇහුවේ නැහැ. නිලන්ති දරුවත් අරගෙන මහගෙදර පදිංචියට ගියා. සුජිත් විවාහකයකු බව නිමාලි දැනගන්නකොට සිද්ධවෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. අන්තිමට සුජිත්ට නිමාලිත් නැතිවුණා. මේ අවුල ලිහන්නේ කොහොමද කියලා සුජිත් දහඅතේ කල්පනා කළා. ප්‍රථම ප්‍රෙAමයේත් අනියම් ප්‍රේමයේත් සුන්දර සිහින සුජිත්ගේ හිතේ හොල්මන් කරන්න පටන් ගත්තා. සුජිත් තීරණයක් ගත්තා. හැඟීම්වලට වහල්වුණු සුජිත් අන්තිමේදී ගෙදර බාල්කයේ එල්ලිලා දිවි නසා ගත්තා. සත්‍ය සිදුවීමකි. නම්ගම් මනඃකල්පිතයි ජී. ජී.ගුණතිලක
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v