නවසීලන්තයේ පරාජයෙන් ඉන්දියා - ශ්‍රී ලංකා
අවසන් සටනක්‌

අද තරගය අවසන් සටනේ පෙර පුහුණුවක්‌ බවට පත්වේ

ඉන්ද්‍රජිත් සුබසිංහ

බ්‍රෙන්ඩන් මැකලම් දැවී ගිය අවස්‌ථාව.... සහ නේරාගෙන් ප්‍රබල ඉල්ලීමක්‌....

කම්පැක්‌ කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය යටතේ ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ පැවැති ඉන්දියා- නවසීලන්ත තරගයෙන් කඩුලු 6 ක ජයක්‌ ඉන්දියාවට හිsමිවීමත් සමග නවසීලන්තය තරගාවලියෙන් ඉවතට විසි වී ශ්‍රිS ලංකා - ඉන්දියා අවසන් මහ තරගයක්‌ සඳහා අවස්‌ථාව යෙදිණි.

මෙම තරගයේදී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත නායක ඩැනියෙල් වෙටෝරි විසින් ගනු ලැබූ තීරණය දුර්වල පිතිහරඹය හේතුවෙන් ඵල රහිත වූ අතර පාන්දුවාර 46.3 කදී ලකුණු 155 කට ඔවුන්ගේ ඉනිම සිමා වුණි. ඒ හේතුවෙන් පන්දු57 ක්‌ ඉතිරිව තිබියදී කඩුලු 4 ක්‌ පමණක්‌ දැවී ජයග්‍රහණය තහවුරු කරගැනීමට ඉන්දියාවට අවස්‌ථාව උදාවිය.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එක්‌දින දිවා රාත්‍රි තරගවලදී දෙවැනියට පන්දුවට පහරදුන් කණ්‌ඩායමක්‌ ජයගත්තේ තරග 11 කට පසුව වීමද ඊයේ තරගයේ විශේෂත්වයක්‌ බවට පත්විය.

ඊයේ ඉන්දීය වමත් පන්දු බලඇනිය ඉදිරියේ නවසීලන්ත දකුණත් පිතිකරු බලඇනිය පරාජයට පත්වූ අතර තරගය ඇරඹි පන්දු 14 ක්‌ යෑවෙන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දවාගනිමින් නවසීලන්ත ඉනිම අඩාල කිරීමට අශිෂ් නේරාට හැකියාව ලැබිණි.

තමන් යෑවූ සෑම පන්දුවක්‌ම නිවැරදි එල්ලයක්‌ තිබීමේ ප්‍රතිඵලය ලෙස පිළිවෙළින් බ්‍රෙන්ඩන් මැකලම් සහ ජෙසී රයිඩර් යන නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකළ නේරා, රයිඩර් දවාගැනීමත් සමග එක්‌දින කඩුලු 100 සම්පූර්ණ කළේය.

අනතුරුව යුවරාඡ් සිං ක්‍රියාත්මක වෙමින් පිළිවෙළින් මාටින් ගුප්ටිල්, ග්‍රාන්ට්‌ එලියට්‌ සහ නේල් බෲම් දවාගනිමින් නවසීලන්ත මැද පෙළ බිඳ දැමීමට මුල් වූ අතර ආර්. පී. සිංග් සහ ඉෂාන් ශර්මා කඩුලු 2 බැගින් බිඳ හෙළමින් නවසීලන්ත ඉනිම බිඳ දැමීමට සමසේ දායක වූහ.

නවසීලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු 10 න් 8 ක්‌ම වමත් පන්දු යවන්නන් හමුවේ (අශිෂ් නේරා, (3) ආර්. පී. සිංග් (2) සහ යුවරාඡ් සිං (3) ) බිඳ වැටීම විශේෂත්වයක්‌ විය.

නායක ඩැනියෙල් විටෝරි ලබාගත් ලකුණු 25 නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු දායකත්වය වූ අතර නවසීලන්ත සමස්‌ත ඉනිමේදී එල්ල වී තිබුණේ හතරේ පහර 9 ක්‌ පමණක්‌ වීමද විශේෂත්වයකි.

දිනේaෂ් කර්තික්‌ සහ සචින් තෙල්ඩුල්කාර් ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළ ඉන්දීය පිළිතුරු ඉනිමේ ප්‍රථම කඩුල්ල සහ කයිල් මිල්ස්‌ගේ 150 වැනි එක්‌දින ජාත්‍යන්තර කඩුල්ල ලෙසින් දිනේෂ් කර්තික්‌ දැවී ගියේ විනිසුරු කුමාර ධර්මසේන විසින් දෙනු ලැබූ දුර්වල තීරණයක්‌ (කඩුල්ල මුවා කිරීම) හේතුවෙනි.

(ඊයේ තරගයේදී නවසීලන්ත පිලේ මාටින් ගුප්ටිල් දැවී ගිය ක්‍රීඩකයකු බවට විනිසුරු ධර්මසේන දුන් තීරණයද දොaෂ සහිත වූ අතර යුවරාඡ්ගේ පන්දු හමුවේ කඩුලූ රැකි දොaනි විසින් පන්දුව රැකීම උඩපන්දුවක්‌ බවට ඔහු තීන්දු කළද එය ගුප්ටිල්ගේ පා ආවරණවල වැදී ගිය පන්දුවක්‌ විය.) අනතුරුව තරගයේ 12 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වීමේදී ලකුණු 31 ක්‌ ලබා සිටි තෙන්ඩුල්කාර්, විටෝරිගේ පන්දු හමුවේ පැහැදිලි කඩුල්ල මුවා කිරීමක්‌ සිදු කළද බිලී ඩොක්‌ට්‍රොaව් එය ප්‍රතික්‌ෂේප කරමින් තවත් දුර්වල විනිසුරු තීරණයක්‌ ලබාදුනි. එහෙත් පිටිය පුරා පහර එල්ල කරමින් සිටි සචින් තෙන්ඩුල්කාර් යළිත් වෙටෝරිගේ පන්දුවක්‌ හමුවේම දැවී ගිය අතර ඉතා විශ්වසනීය පිතිහරඹයක යෙදෙමින් සිටියදී ගුප්ටිල් අතට ඔහු ලබාදුන් ඉතා පහසු උඩපන්දුව ඇදහිය නොහැක්‌කක්‌ විය.

රාහුල් ඩ්‍රාවිඩ් සහ යුවරාඡ් සිංග් ද අඩු ලකුණු වලට දැවී යැමත් සමග ලකුණු 84 කට කඩුලු 4 ක්‌ බිඳ වැටී ඉන්දීය ඉනිම පීඩනයකට ලක්‌වුවද සුපුරුදු පරිදි නායක දොaනි වගකීම කරට ගනිමින් සුරේශ් රයිනා සමග එක්‌ව ඉනිම ගොඩනැගීමට ක්‍රියා කළේය.

දොaනි තම කඩුල්ල ආරක්‍ෂා කර ගනිමින් පන්දුවට පහර දෙද්දී රයිනා වේගවත් පිතිහරඹයක යෙදෙමින් ඉනිම පීඩනයකට ලක්‌වීමෙන් වළකා ගත්තේ හයේ පහර 2 ක්‌ සහ හතරේ පහර 3 ක්‌ සහිතව පන්දු 54 කදී ලකුණු 45 ක්‌ ලබමිනි.

දෙදෙනා අතර 5 වැනි කඩුල්ලේ නොබිඳුණු සබඳතාව ලකුණු 72 ක්‌ විය.

මෙම තරග ප්‍රතිඵලයත් සමග ඉන්දීය ශ්‍රී ලංකා අවසන් මහා තරගයකට අවස්‌ථාව උදාවූ බැවින් මූලික වටය යටතේ අද පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - ඉන්දියා තරගයට කිසිදු තීරණාත්මක වටිනාකමක්‌ නොලැබේ. ඒ අනුව අදට යෙදී ඇති එම තරගය දෙරට අතර අවසන් මහා තරගය සඳහා පුහුණු තරගයක්‌ පමණක්‌ බවට පත්වනු ඇත.

ලකුණු පුවරුව

නවසීලන්තය

බ්‍රෙන්ඩන් මැකඩම් ක.මු. කළා ප.නේරා 3

ජෙසී රයිඩර් ක.මු කළා ප. නේරා 0

මාටින් ගුප්ටිල් ඇ. ඩ්‍රාවිඩ් ප. යුවරාඡ් 22

රෝස්‌ ටේලර් ඇ. දෝනි ප. සිංග් 11

ග්‍රාන්ට්‌ එලියට්‌ ඇ. දෝනි ප. යුවරාඡ් 22

ඡේකොබ් ඕරම් ඇ. සහ ප. ෂර්මා 24

නේල් බෲම් ඇ. රයිනා ප .යුවරාඡ් 21

ඩැනියල් වෙටෝරි ප.ශර්මා 25

කයිල් මිල්ස්‌ ප. සිංග් 6

ඉයන් බට්‌ලර් ඇ. හර්බජන් ප. නේරා 6

ෂේන් බොන්ඩ් නොදැවී 10

අතිරේක 5 එකතුව පන්දුවාර 46.3 කදී සියලු දෙනා දැවී 155

කඩුලු වැටීම 1-1, 2-4, 3-19, 4-51, 5-66, 6-101, 7-116, 8-134, 9-142

පන්දු යෑවීම නේරා 8.3-0-24-3, ශර්මා 10-2-26-2, හර්බජන් 8-0-39-0, ආර්. පී. සිංග් 8-2-22-2

යුවරාඡ් 10-0-31-3, රයිනා 1-0-4-0 පතන් 1-0-5-0



ඉන්දියාව

දිනේෂ් කාර්තික්‌ ක. මු. කළා ප. මිල්ස්‌ 4

සචින් තෙන්ඩුල්කාර් ඇ. ගුප්ටිල් ප. වෙටෝරි 46

රාහුල් ඩ්‍රාවිඩ් ක.මු. කළා ප. ඕරම් 14

යුවරාඡ් සිංග් ඇ.ගුප්ටිල් ප. වෙටෝරි 8

මහේන්ද්‍ර සිංග් දෝනි නොදැවී 35

සුරේශ් රයිනා නොදැවී 45

අතිරේක 4

එකතුව පන්දුවාර 40.3 කදී කඩුලු 4 ක්‌ දැවී 156

කඩුලු වැටීම 1-7, 2-67,3-71,4-84

පන්දු යෑවීම

මිල්ස්‌ 5.3-1-25-1 බට්‌ලර් 4-0-25-0

ඕරම් 7-1-19-1 ගුප්ටිල් 2-0-12-0

බොන්ඩ් 10-3-30-0 වෙටෝරි 10-0-33-2

එලියට්‌ 2-0-9-0

 

 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v