|

ගෝල්ඩන් කී අක්‌ෂි රෝහල
වෙතින් අක්‌ෂි පරීක්‍ෂාව
සඳහා නව පැකේජයක්
ශ්‍රී ලංකාවේ අක්‌ෂි හා උගුර, කණ නාසය පිළිබඳ එකම සුපිරි විශේෂඥ
රෝහල වන ගෝල්ඩන් කී රෝහල අගෝස්‌තු මස සිට අක්‌ෂි පරීSක්‍ෂාව සඳහා
නව පැකේජයක් හඳුන්වා දී ඇත.
මෙම පැකේජයට මූලික අක්‌ෂි පරීක්‍ෂාව, අක්‌ෂි පීඩන පරීක්‍ෂාව, කළු
ඉංගිරියාවේ ඝනකම පිරික්‌සීම සහ දෘෂ්ටි ස්‌නායු පරීක්‍ෂාව යන
පරීක්‍ෂාවන් අයත් වේ. නව අක්‌ෂි පැකේජය පිළිබඳ විස්‌තර කරමින්
රෝහලේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන අක්‌ෂි ශල්‍ය වෛද්‍ය උපදේශක
වෛද්‍ය සාලිය පතිරණ මහතා කියා සිටියේ, තම ශරීර සෞඛ්‍ය පිළිබඳ
සිතන සෑම දෙනාටම අක්‌ෂි පරීක්‍ෂා කිරීම ඉතා වැදගත් කරුණක් වන
බවත් වැඩිහිටියන්ගේ අක්‌ෂි පරීක්‍ෂාව මඟින් ඔවුන්ට කල් තියාම
අක්‌ෂි රෝගවලින් ආරක්‌ෂි වී සිටිය හැකි වන බවය. දරුවන් සාමාන්‍ය
දෘෂ්ටි වර්ධනය පිළිබඳ පරීක්‍ෂාවක් සඳහා යොමුවීමද ඉතා වැදගත් වන
බව ඔහු සඳහන් කළේය.
තවද ග්ලුකොමා වැනි තත්ත්වයකදී ඇසෙහි හට ගන්නා රෝග ලක්‌ෂණ එම
රෝගියාට නොදැන හට ගන්නා නිසා එවැනි අවස්‌ථා මුල් අවදියේම
හඳුනාගෙන ඒවාට සාර්ථක ලෙස පිළියම් යෙදීමෙන් මෙම අවදානම් තත්ත්වය
වළකා ගත හැකි බව ද ඔහු පැහැදිලි කළේය. |