ඇමෙරිකාවෙන් නිදහස ලැබූ
බ්‍රිතාන්‍යයට අපේ සුභ පැතුම්!


වසර ගණනාවක්‌ තිස්‌සේ ඇමෙරිකාවේ ප්‍රාණ ඇපකරුවකු බවට පත්ව සිටි බ්‍රිතාන්‍යය නිදහස ලබා ඇති බව ඊයේ (16) අපට පැහැදිලි විය. ඒ, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තම රටේ වැසියන්ට පනවා තිබූ නීති රීති බ්‍රිතාන්‍ය රජය විසින් ලිහිල් කරනු ලැබ ඇති හෙයිනි. බ්‍රිතාන්‍යය යනු ලෝකයේ බලසම්පන්න ම රට නොවේ. (මේ මොහොතේදී ලෝකයේ බලසම්පන්නම රට ඇමරිකාව නොව චීනය බව අපගේ වැටහීම ය. ඇමෙරිකානු ජනයා සහ රජය සිය දේපළවලින් වැඩි හරියක්‌ ඇමෙරිකාවේ ඇති චීන බැංකුවලට උගස්‌ තබා ඇති බැවින් ඉදිරි වසර 30 තුළ සමස්‌ත ඇමෙරිකාවම, චීනයට සින්න වන බව දැනට ඇති කටකතාව ය.) එසේ වුවද බ්‍රිතාන්‍යය කියන දේ ඇසීමට ලෝකයේ රටවල් වැඩි හරියක්‌ සූදානම් ය. යටත් විජිතවාදී චින්තනයෙන් මිදීමට ලෝකයේ රටවල් වැඩි හරියකට තවමත් නොහැකි වීම එයට හේතුව විය යුතු ය. කල් ගතවන විට වහළා තමන් බැඳ දමා සිටින යදම්වලට ආලය කිරීමට පටන් ගනී. ඒ බව සත්‍යයක්‌ බව පෙන්වමින්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියාගෙන් නිදහස ලැබූ සියලු රටවල් එක්‌වී පොදු රාජ්‍ය මණ්‌ඩලය නමැති සංවිධානය පිහිටුවා එහි නායකත්වයට මහ රැජින පත්කර ගත්තේය. මෙය නිදහස්‌ වූ වහළා තම ස්‌වාමියා ගමන් කරන දිසාවට වැඳ නමස්‌කාර කිරීම හා සමාන ය. පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව ඇතුළු කිසිදු රටකට කොන්ද පණ නැත. මේ පදනම මත අප කැමැති වුව ද අකැමැති වුවද බ්‍රිතාන්‍යය කියන දෙය ඇසීමට ප්‍රිය කරන රටවල් අදටත් ලොව පුරා තිබේ. ඒ බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ආරක්‍ෂිත බවට ඉඟි කරමින් බ්‍රිතාන්‍යය නිකුත් කළ නිවේදනය ආණ්‌ඩුව හා රාජ්‍ය නායකයා බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණයක්‌ පවත්නා මේ කාලකණ්‌නිs මොහොතේදී දේව වාක්‍යයක්‌ හා සමාන ය.

බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය හා යුරෝපයේ රටවල් රැසක්‌ම සිය ජීවිකාව සලසා ගන්නේ ඇමෙරිකාව පසුපස ගමන් කිරීමෙනි. කිසියම් රටකට බෝම්බ හෙළීමට යමු යෑයි ඇමෙරිකාව යෝජනා කළ වහාම පෙර කී රටවල් කුලියට හෝ ගුවන් යානා සොයාගෙන ඇමෙරිකානු ගුවන් යානා පසුපස ගමන් කර බෝම්බ හෙළීමට පටන් ගනිති. ඇමෙරිකාව ජීවත් වන්නේ තමන් මහා බලවතාය යන ව්‍යාජ ප්‍රතිරූපය ලොවට පෙන්වමිනි. එහෙත් මෙයට කලකට පෙර ඇමෙරිකාවේ ප්‍රාන්තයක විදුලි සැපයුම බිඳ වැටුණුqq විට එය යථා තත්ත්වයට පත් කර ගත නොහැකිව දෙසතියක්‌ පමණ ගත වූ නිසා සමහරු සීතලේ මිය ගියහ. ඇමෙරිකාව තවදුරටත් නිෂ්පාදන රාජ්‍යයක්‌ නොවේ. එය පාරිභෝගික රාජ්‍යයකි. ඔවුන් නිෂ්පාදනය කරන්නේ තුවක්‌කු සහ වෙඩි උණ්‌ඩ පමණි. හදිසි ආහාර අහේනියකදී තුවක්‌කු හෝ වෙඩි උණ්‌ඩ ගිල දමා බඩ පුරවා ගත නොහැකි අතර කළ හැකි එකම දෙය වන්නේ එම තුවක්‌කුවලින් වෙඩි තබා ගෙන දිවි හානි කර ගැනීම පමණි.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී යයි කියමින් පරීක්‍ෂණයක්‌ ඉල්ලා ඇතැම් ඇමෙරිකන්කාරයෝ මේ දිනවල නාඩගම් නටති. ලොව අංක එකේ යුද අපරාධකාරයා ඇමෙරිකාව ය. ඇෆ්ගනිස්‌ථානය හා ඉරාකය ආක්‍රමණය කිරීම, ඔසාමා බින්ලාදීන් ඉදිරියෙන් තබාගෙන පාකිස්‌තානයේ ස්‌වට්‌ නිම්නයට බෝම්බ දැමීම වැනි යුද අපරාධ මේ රට විසින් කරනු ලැබ තිබේ. ඉරාකයේ අබු ග්‍රාහිබ් සහ කියුබාව අසල ගුවන්තනාඕ යුද කඳවුරේදී ඇමෙරිකාව කළ යුද අපරාධ පිළිබඳව ඒ රටේම පුවත්පත් සහ රූපවාහිනි නාලිකා විසින් වාර්තා කරනු ලැබීය. ඇමෙරිකාව වැනි රටකින් නිදහස්‌ වීම වාසනාවකට වඩා ගෞරවයකි. බ්‍රිතාන්‍යයට අපේ සුභපැතුම්.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v