අලූත් වෙල්ලස්‌ස හීනයක්‌ වෙයිද?

පසුගියදා පැවති ඌව පළාත් සභා මැතිවරණය තීරණාත්මක එකක්‌ විය. ඌවේ ජනතාවට පළාත් සභා නායකත්වයේ පැහැදිලි වෙනසක්‌ අවශ්‍යව තිබුණේ ආසාවට නොව ඌව පළාතේ නොවිසඳුණු ගැටලු කිහිපයක්‌ විස¹ ගනු පිණිසය.

අලුත් වෙල්ලස්‌සක්‌ පිළිබඳ ආකර්ශනීය ප්‍රචාරක වැකි පළාත පුරා ඇලවෙද්දී ජනතාව මහත් සේ උද්දාම වූයේ මෙදා පාර නම් "වැඩක්‌ කෙරේය" යන තිරසාර බලාපොරොත්තුව ඇතිවය.

පත්ව සිටින නව මහ ඇමැතිවරයාට පහසුවෙන් ඌවේ සංවර්ධනයට ඇවැසි මුදල් රජයෙන් වෙන්කර ගත හැකිවේය යන විශ්වාසයත් ඌව පළාතේ ජනතාවගේ සිත් සතුන් තුළ තැන්පත්ව ඇතුවාට සැකයක්‌ නැත.

ඌව මැතිවරණයට පෙර සීමාසහිත පැල්වත්ත සීනි සමාගමේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්‌වෙමින් නව මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"ඌව පළාතේ සංවර්ධනයට ජනමාධ්‍යවේදීන්ට ද සම්බන්ධ විය හැකියි. මගෙන් වරදක්‌ වුවත් එAවා ලියන්න බයවෙන්න එපා. එA ඔබේ අයිතියයි. එAවා නිවැරදි කරගැනීම මගේ අයිතියයි. අද මාධ්‍යවේදීන් සිදු කරන සේවය අපි හරියට ඇගයීමට ලක්‌ කරන්නේ නැහැ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කරන කැප කිරීම අපි ඇගයීමට ලක්‌ කළ යුතුයි.

මාධ්‍ය මගින් පෙන්වාදෙන යථාර්ථයට එරෙහිව ඇතැම් දේශපාලනඥයන් තර්ජනාංගුලිය එස වුවත් මේ මහ ඇමැතිවරයාගේ නිහතමානී ප්‍රකාශය අපට කිසියම් ආකාරයක ශක්‌තියක්‌ වී ඇති නිසාම අප මේ ලිපියෙන් අදහස්‌ කරනුයේ ඌවේ ප්‍රබලතම ගැටලුවක්‌ වූ ජල ප්‍රශ්නය සම්බන්ධයෙන් යම් යෝජනාවක්‌ ඉදිරිපත් කරන්නටය.

පහළ ඌව නොඑසේනම් වෙල්ලස්‌ස යනුවෙන් හඳුන්වන මොනරාගල දිස්‌ත්‍රික්‌කය වූ කලී වර්ග කිලෝමීටර් 5659 කින් යුත් ප්‍රදේශයකි. එය හෙක්‌ටයාර් ලෙස සලකා බැලුවොත් 565930 කි. විශාලත්වය අතින් ලංකාවේ දෙවැනි දිස්‌ත්‍රික්‌කය වන්නේ ද මොනරාගල දිස්‌ත්‍රික්‌කයයි.

කෘෂිකාර්මික ප්‍රදේශයක්‌ ලෙස ඈත අතීතයේ පටන් පතලව ඇති මේ ප්‍රදේශය, වර්තමානයේ ප්‍රාදේශීය ගොවිජන සේවා කොට්‌ඨාස 16 කින් සමන්විත වේ. ප්‍රදේශයේ ආර්ථිකයෙන් 85% ක්‌ම ර¹ පවතිනුයේ කෘෂිකර්මය මතය.

දිස්‌ත්‍රික්‌කයේ මුළු බිම් ප්‍රමාණයෙන් 39.7% ක්‌ වනාන්තරවලින් වැසී තිබේ. ගොවිබිම් හා අමුණු ආශ්‍රිතව තිබුණ ද එAවායින් විශාල ප්‍රමාණයක්‌ තවමත් වල්බිහිවී නටබුන් වී තිබේ. මේ නිසා වගා වන බිම් ප්‍රමාණය අඩුය.

විවිධ දේශගුණික ලක්‍ෂණවලින් සමන්විත පහළ ඌවේ පස්‌ කලාපය ද විවිධාකාර ලෙස ව්‍යාප්තව පවතී. මෙම පස්‌ කලාපය කෘෂිකාර්මික කටයුතුවලට වඩාත් උචිතය.

අතීතයේ පටන් සශ්‍රීකව පැවැති පහළ ඌවේ කෘෂිකර්මය වෙසෙසින්ම වී ගොවිතැන නිසාම ශක්‌තිමත් ආර්ථිකයක්‌ බවට පත්ව තිබිණි. ඉතිහාසය සඳහන් කරන ආකාරයට කාවන්තිස්‌ස රජතුමා පහළ ඌවේ (මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ) සෑම බිම් අඟලක්‌ම රුහුණේ සිට දිගාමඩුල්ල දක්‌වා වූ ප්‍රදේශය ද කුඹුරුවලින් සම්පූර්ණ කර තිබේ. මඩ ගොවිතැන් කළ හැකි සෑම බිම් අඟලක්‌ම සංවර්ධනය කර තිබේ. මේ සම්බන්ධයෙන් බොහෝ ඓතිහාසික මූලාශ්‍ර ඇත. සද්ධාතිස්‌ස කුමරුන් ද ඇතිමලේ ප්‍රදේශයත් එA හා සමීප ප්‍රදේශ සියල්ලත් වගා කර තිබේ.

ඓතිහාසික සේම පෞරාණික මූලාශ්‍ර හෙළිදරව් කරන ආකාරයට 1818 කැරැල්ල සිදුවන අවස්‌ථාව වන විට වෙල්ලස්‌සේ සම්පූර්ණයෙන්ම වී ගොවිතැන කර තිබිණි. වෙල් ලක්‍ෂයක්‌ තිබුණු නිසා වෙල්ලස්‌ස යෑයි නම් ලද බව වහරේ පවතී. ඉංගී්‍රසිහු සිංහලයන්ට එරෙහිව සටන් වැදුණු සමයේ ස්‌වදේශීය සටන්කරුවන් මර්දනයට ඉංගී්‍රසින් විසින් කැප්පෙටිපොළ නිළමේ තෝරාගත්හ. අවසානයේදී කැප්පෙටිපොළ ස්‌වදේශ සේනාවන්ට එකතු විය. මෙම ඓතිහාසික සටනේදී වෙල්ලස්‌ස සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට ඉංගී්‍රසිහු කටයුතු කළහ.

වැව් අමුණු විනාශවීමත් සමගම වී ගොවිතැන මත පැවති ආර්ථිකයේ ද ගෙල සිඳී ගියේය. කෙත්වතු පාලු විය. වැව් අමුණු වනයෙන් වැසී ගියේය. එදා සහලින් ස්‌වයංපෝෂිතව පැවති අපේ රට බරපතල ආහාර හිඟයකට මුහුණ දුන්නේය. එම පසුබෑම කලක්‌ එලෙසම පැවතිණි. 1994-1998 වසර සතරක සංඛ්‍යා ලේඛන පිරික්‌සා බැලීමේදී අපට මේ පසුබෑමට උදාහරණ ඕනෑ තරම් හමුවෙයි. 1994 යල් කන්නයේ හෙක්‌ටයාර් 3950 ක්‌ වගාකර වී මෙටි්‍රක්‌ ටොන් 12,000 ක්‌ ලබාගෙන ඇති අතර 1997 වසරේ වගා කර ඇත්තේ හෙක්‌ටයාර් 2810 කි. ටොන් 11000 කි. 1994 වසරේ මහ කන්නයේ හෙක්‌ටයාර් 12696 ක්‌ වගා කර මෙටි්‍රක්‌ ටොන් 41,000 ක්‌ ලබා ඇතත් 1995 මහ කන්නයේ හෙක්‌ටයාර් 11,485 ක්‌ වගා කර ලබාගෙන ඇත්තේ වී මෙටි්‍රක්‌ ටොන් 37000 කි. මේ සංඛ්‍යාලේඛන කීපයකි. වර්තමානයේ පැහැදිලිවම වී වගාවේ අවපාතයක්‌ දකින්නට තිබේ. පසුගිය කාලයේ වියළි කලාපයේ පැවති ජල හිඟය නිසා අසීරුවෙන් හෝ වී වගාවට යොදාගත හැකි පහත්බිම් උක්‌ දුම්කොළ හා රබර් වගාවටත් අතිරේක බෝග වගාවන් සඳහාත් යොදාගන්නා ලදී.

අදත් ඇල්ල-වැල්ලවාය පාරේ ගමන් ගන්නා අයකුට වම්බටු, බෝංචි, තක්‌කාලි, මෑ, බණ්‌ඩක්‌කා වගාකර ඇති කුඹුරු දකින්නට ඇත. මිරිස්‌ වගා කර ඇත්තේත් කුඹුරුවලය.

මේවා කලකට පෙර දෙකන්නයම වී වගාවට යොදාගත් ඉඩම්ය. වැල්ලවාය නගරය ආශ්‍රිතව හා ඇල්ල මාර්ගයට ආසන්න බිම් රැසක එදා දෙකන්නයම වගා කළත් අද එක්‌කෝ එක්‌ කන්නයකි. නැතිනම් වී වගාව අතහැර දමලාය. නොඑසේනම් ගොඩ ගොවිතැනකට භූමිය යොදාගෙනය.

ඌව වෙල්ලස්‌ස ගැන කතා කිරීමේදී කතා නොකරම බැරි ප්‍රදේශයක්‌ වන්නේ යාල අභය භූමියයි. කුඹුක්‌කං ඔයෙන් සහ මැණික්‌ ගඟ මෙන්ම මැණික්‌ ගඟේ අතු ගංගාවලින් පෝෂණය වන යාල අභයභූමිය නොඑසේනම් රුහුණු ජාතික වනෝද්‍යානය හෙක්‌ටයාර් 1,29,700 ක්‌ පුරා පැතිර පවතී. මෙය වර්ග කිලෝමීටර් 1297 කි. එදා රෝහණ රාජධානියට අයත් යාල අභයභූමිය සරුසාර කෘෂිකර්ම භූමියක්‌ව පැවතී ඇත. එA බැව් යාල අභයභූමිය තුළ අදත් ඉතිරිව ඇති නති පහත් බිම් හා වැව් අමුණුවල නටඹුන්වලින් පෙනේ.

අප විසින් මෙතුවක්‌ සාකච්ඡා කළේ අතීතයේදී පහළ ඌවේ වී ගොවිතැන සශ්‍රීකව පැවති බව සනාථ කරන්නට අදාළ සාක්‍ෂිය. තත්ත්වය එසේ හෙයින් අප යෝජනා කරනුයේ එදා තිබූ වැව් අමුණු යළි මතු කරගෙන එකල පැවති වැව් ආර්ථිකය යළි මතු කරගැනීම සඳහා පාලකයන් උනන්දු විය යුතු බවය. කඩිනමින් සුදුසු ඵලදායී ප්‍රායෝගික ක්‍රියාමාර්ග ඇරැඹිය යුතු බවය.

එකල වියළි කලාපයේ ප්‍රමාණවත් ජල පහසුකම් පැවැති හෙයින් රෝහණයේ සිට දිගාමඩුල්ල දක්‌වා කෙත්වතු වගා කළත් අද එA ස්‌වයංපෝෂිත භාවය උදා කරන්නට අපේ ගොවියා අසමත් වී ඇත්තේ මූලික වශයෙන් ජල පහසුව ඇතුළු විධිමත් වාරිමාර්ග පද්ධතියක්‌ නොමැතිකම නිසාය.

පහළ ඌවේ ඉපැරණි වැව් හා වාරිමාර්ග පද්ධතිය යළි මතු කරගැනීමේ වැඩසටහන අරඹන ඕනැම රජයකට බුත්තල හෝ මොනරාගල අඟලේ සිතියමෙන් ලද හැකි මාර්ගෝපදේශකත්වය සුළුපටු නැත. එම සිතියම තුළ අපට හසුවන කුළුවැව් පද්ධතිය කඩිනමින් අධ්‍යයනය කර එAවා මගින් පහළ ඌවේ වැව් යළි තැනීමේ ව්‍යාපෘතිය සැලසුම් කළ යුතුය.

ෆ මැණික්‌ ගඟ, කුඩාඔය, ගලඔය, කුඹුක්‌කංඔය, කිරිඳිඔය, හුලංදා ඔය, හැඩඔය ඇතුළු පහළ ඌව හරහා ගලා යන ගංගාවලින් මුහුදට යන ජලය රඳවා ගැනීමට හැකි ස්‌ථාන සිතියම්ගත කරගත යුතුය.

ෆ අබලන්වැව් පිළිසකර කරන අතරතුර නව වැව් තැනිය හැකි ස්‌ථාන හඳුනාගත යුතුය.

ෆ මුතුකණ්‌ඩිය ජලාශය, හඳපානාගල වැව, අලුගල්ගේවැව, යුදගනාවැව, සැනසුම වැව, කණ්‌ඩියාය වැව, වැලිආර වැව, අඹකොල වැව, කරවිලකනන්ත වැව, වන්දම වැව, කඩවර වැව, දිවුල්ගහ කනත්ත වැව, හල්මිල්ලපිල්ලෑව වැව වැනි ග්‍රාමීය වැව් ඇතුළු සෑම වැව් පද්ධතියක්‌ම හාරා රොන්මඩ පස්‌ වැලි ඉවත් කර වැව් රක්‍ෂිත වෙන් කර වැව් සංරක්‍ෂණයට පියවර ගත යුතුය. අක්‌කර 500 කටත් වඩා අස්‌වැද්දිය හැකි ලුණුගල යෝධ වැවේ රක්‍ෂිතය සංරක්‍ෂණයට පියවරගෙන වැව සංවර්ධනය කළ යුතුය.

ෆ වසර පහළොවකට ආසන්න කාලයක්‌ තිස්‌සේ නොවිසඳුණු ඔක්‌කම්පිටිය සද්ධාතිස්‌ස වැවේ අපතේ යන ජලය ගොවීන් සඳහා නිකුත් කළ යුතුය.

ෆ අවම තරමින් එකම වැවක්‌වත් වසරක්‌ තුළ තනා නිම කළ යුතුය.

ෆ වැව් අමුණු කපා හැර තවදුරටත් උක්‌ වගා කිරීමට ඇති ඉඩකඩ අසුරා දැමිය යුතු අතර දුම්කොළ වැනි පාරිසරික විනාශයන්ට තුඩු දෙන වගාවන් සඳහා පහත් බිම් යොදා ගැනීම නතර කළ යුතුය.

ඉකුත් 10 වැනිදා ඌව පළාත සංවර්ධනය සඳහා මහින්ද චින්තන වැඩපිළිවෙළට අනුව ඌවේ නව ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා විසින් "අපි හදමු නව ඌව වෙල්ලස්‌සක්‌" නම් වූ ප්‍රතිපත්ති ප්‍රකාශය සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. එA යටතේ ඌව පළාත් ජල අර්බුදයට විසඳුම් ලැබෙන, කඳුළු වෙනුවට සිනා මල් පීදෙන සුබමත් වූ හෙට දවසක්‌ උදාවේය යන්න මුළු වෙල්ලස්‌ස ජනතාවගේත් එකම ප්‍රාර්ථනයයි.

වැල්ලවාය-දඹේගොඩ ජිනදාස

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v