ඔබාමා බලයක්‌ නැති  මිනිසෙක්‌-බින්ලාඩන්

ටෙලිග්‍රාෆ්

"ඔබාමා කියන්නේ බලයක්‌ නැති මිනිසෙක්‌" මෙසේ සඳහන් කරන්නේ ඇමරිකාවේ පරම හතුරා වන බින් ලාඩන්ය. ඇමරිකානු ජනතාව වෙත පටිගත කරන ලද හඬ පටයක්‌ යවමින් ඔහු තවදුරටත් මෙසේ සඳහන් කර ඇත. "හිටපු ජනාධිපති බුෂ්ට සමිපව කටයුතු කළ ආරක්‌ෂක ලේකම් රොබට්‌ ගේට්‌ස්‌, ජනරාල් ඩේවිඩ් පෙට්‌ටෘස්‌ වැන්නවුන් ඔබාමා තවමත් තියාගෙන ඉඳීමෙන් පැහැ ලි වෙන්නේ ඔහුට කිසිම බලයක්‌ නොමැති බව යන්නයි.

"මධ්‍යස්‌ථ සිතා බලන කාටත් මේ බව තේරෙනවා. ඔහු පොරොන්දු වූ පරි යුද්ධ නතර කිරීමට හැකියාවක්‌ ලබන්නේ නැහැ. ඒවා තවදුරටත් වැඩිවෙන එකයි වෙන්නේ." ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

මෙම පණිවුඩයේ නිරවද්‍යතාවය තවමත් තහවුරු වී නැත. එහෙත් මෙම පණිවුඩය මුදාහරින ලද වෙබ් අඩවිය හරහා මෙයට පෙරද බින් ලාඩන්ගේ පණිවුඩ යවා ඇත.

මෙම පණිවුඩය මුදාහැර ඇත්තේ 2001 සැප්තැම්බර් 11 න ඇමරිකාවට එල්ල වූ ප්‍රහාරය සමරා න දෙකකට පසුවය. ඇමරිකාව තවමත් ඊශ්‍රායලයට ආධාර කරනවා. ඇෆ්ගනිස්‌ථානයේ සහ ඉරාකයේ ඇති යුද්ධ අවසාන වෙනතුරු අපේ ප්‍රහාර අවසන් වෙන්නෙත් නැහැ.

ඊශ්‍රායලයේ ආරක්‌ෂාවද වටින්නේ. නැතහොත් ඔබේ, ඔබේ දරුවන්ගේ, නෑදැ හිතවතුන්ගේ ආරක්‌ෂාවද වටින්නේ. එය තීරණය කිරීම ඔබට බාරයි." ඔහු අවසාන වශයෙන් සඳහන් කර ඇත.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v