වංචා කළ මුදල රු. කෝටි 500කට වැඩියි
ජාත්‍යන්තර "ක්‍රෙඩිට්‌ කාඩ්" හොරෙක්‌ අත්අඩංගුවේ


නෝමන් පළිහවඩන - හුණුපිටිය ධම්මික සල්වතුර

ජාත්‍යන්තර මට්‌ටමින් රුපියල් කෝටි 500 කට අධික වටිනාකමකින් යුත් මහා ක්‍රෙඩිට්‌ කාඩ් වංචාවක්‌ සිදු කළ පුද්ගලයකු වත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ක්‍රෙඩිට්‌ කාඩ් වංචනික ජාවාරමේ මහ මොළකාරයා ලෙස සැලකෙන මොහු බටහිර තිරයේ ප්‍රධාන පෙළේ සිනමා සහ ටෙලි නාට්‍ය නළුවකුගේ ගිණුමෙන්ද මුදල් වංචාකර ඇති බව වත්තල පොලිසිය කියයි.

පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව මොහු කොළඹ ප්‍රදේශයේ තරු පහේ හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබේ. මොහු එංගලන්තය, ජපානය ඇතුළු රටවල් කීපයකට ගොස්‌ ඇති අයෙකි. අන්තර්ජාලය ඔස්‌සේ විවිධ පුද්ගලයන්ගේ ක්‍රෙඩිට්‌කාඩ් අංක ලබාගෙන ඒ තුළින් මෙම මහා වංචාව කර ඇතැයි වත්තල පොලිසියේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවැසීය. මෙම සැකකරුගෙන් ප්‍රශ්න කරගෙන යද්දී හෙළි වූ තොරතුරු අනුව තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. මොහු ළඟ තිබූ පරිගණක යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක්‌ සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v