ගුරු වැටුප් වැඩි කිරීමේදී රජයේ පොදු තීරණය හරස්‌ වේ

නිලන්ත මදුරාවල

ගුරුවරුන්ගේ වැටුප් වැඩිකරන ලෙස ශේ්‍රෂ්ඨාධිකරණය කළ නියෝගයෙන් පසු වැටුප් වැඩි කිරීමේ චක්‍රලේඛය පවා අධ්‍යාපන අමාත්‍යාංශය සකස්‌ කර තිබියදීත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ. මෙම වසරේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමේ පොදු තීරණය මීට හේතුවී ඇත. ශේ්‍රෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා මහා භාණ්‌ඩාගාරය රුපියල් දශලක්‍ෂ 3000 ක්‌ද වෙන් කළේය.

වැටුප් වැඩි කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති හෙයින් රජයෙන් ඉක්‌මන් ප්‍රතිචාරයක්‌ අපේක්‍ෂාවෙන් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය. වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ ද අනුමැතිය ලැබී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක්‌ මතු නොවන බවද එම නිලධාරියා සඳහන් කළේය. රජයේ පොදු තීරණයක්‌ තිබුණද ගුරුවරුන්ට අවශ්‍ය මුදල් වෙන්කර ඇති හෙයින් වැටුප් වැඩි නොකිරීම අසාධාරණයක්‌ යෑයිද හෙතෙම තවදුරටත් කීවේය.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් පළාත්වලට යැමේ වැඩසටහනේදී ද වැටුප් වැඩි නොකිරීමේ ගැටලුව පිළිබඳව ගුරුවරු විශාල වශයෙන් ප්‍රශ්න කරති.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v