ලංගමයෙත් ඇත මෙහෙමත් ගසා කෑම්

දඹුල්ල විශේෂ - සිරිපාල කඳුමුල්ල

ලංකාවේ මගී ප්‍රවාහන ඉතිහාසයෙහි ප්‍රවේශ පත්‍රයක්‌ ආශ්‍රයෙන් සිදුකළ විශාලතම මුදල් වංචාව දඹුල්ල ලංගම ඩිපෝවෙන් වාර්තා වෙයි. වංචා කරන ලද මුදල රුපියල් 2500 කි. එය සිදුකර ඇත්තේ කොළඹ සිට දඹුල්ල හරහා නාවුල ගමනාන්තය දක්‌වා ධාවනය වූ බස්‌ රථයකය.

නාවුල නගරයට ගෙන යැම සඳහා එම බස්‌ රථයට පැටවූ භාණ්‌ඩ සමූහයක්‌ වෙනුවෙන් බස්‌ රථයේ කොන්දොස්‌තර නිකුත් කළ ප්‍රවේශ පත්‍රයෙහි රුපියල් 2500 ක්‌ සටහන් කොට එම මුදල මගියාගෙන් අයකරගෙන ඇත. එහෙත් ඩිපෝවේ මුදල් අංශයට භාරදෙන ප්‍රවේශ පත්‍ර අනුපිටපතෙහි සටහන්වී තිබුණේ රු පියල් 9 ක මුදලක්‌ පමණකි.

වංචාවට හසුවූ මගියා අධික ගාස්‌තුව සම්බන්ධයෙන් දඹුල්ල ඩිපෝවට පැමිණිලි කිරීමෙන් පසු මෙම වංචාව හෙළි වී ඇත. වංචාව සම්බන්ධ මූලික පරීක්‍ෂණ වලින් පසු කොන්දොස්‌තරවරයාගේ සේවය අත්හිටුවනු ලැබීය.

පැමිණිල්ල ඉදිරිපත් කළ මගියා වූ හේරත් බණ්‌ඩා මහතා ප්‍රකාශ කළේ බස්‌ රථයට පැටවූ භාණ්‌ඩවලට නිකුත් කළ ගාස්‌තුව වැඩි බව කීවත් කොන්දොස්‌තර එම මුදල ගෙවන ලෙස බලකර සිටි බවය. කෙසේ හෝ ඒවා තම ගමනාන්තයට රැගෙන යායුතුම වූයෙන් මුදල ගෙවූ බවත්, පසුව පැමිණ ඒ ගැන දඹුල්ල ඩිපෝ අධිකාරිවරයාට පැමිණිලි කළ බවත් හෙතෙම කීය. වංචාවට සම්බන්ධ බව කියන කොන්දොස්‌තරට එරෙහිව තවදුරටත් පරීක්‍ෂණ පැවැත්වීමෙන් පසු අවශ්‍ය විනය විභාගයක්‌ පවත්වන බව දඹුල්ල ඩිපෝ අධිකාරිවරයා පවසයි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v