ගැහැනු දරුවකු වීම නිසා කිරිකැටි දියණියට මරණය

පේරාදෙණිය - රංජිත් සේනවීර

පවුලේ දරුවන් හතර දෙනාම ගැහැනු දරුවන් වීම නිසා කනස්‌සල්ලට පත් මවක්‌ සිය මාස තුනක්‌ වයසැති කිරිකැටි දියණිය ගිනිගොඩකට දමා පුළුස්‌සා මරා දැමීමේ ශෝකජනක පුවතක්‌ පේරාදෙණිය  පොලිස්‌ වසමේ කිරිබත්කුඹුර පිලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

පෙරේදා (15 දා) පෙරවරුවේ සිදුවූ මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ නෙත්මි රශ්මිකා රත්නායක නමැති මාස තුනක්‌ වයසැති සිඟිති දියණියකි.

පවුලේ ගැහැනු දරුවන්ම සිව් දෙනෙකු වීම සම්බන්ධයෙන් දැඩි කනස්‌සල්ලෙන් සිටි මව (38) මෙම මරණය සම්බන්ධයෙන් සැක කරන අතර සිද්ධිය සිදුවන අවස්‌ථාවේ පියා නිවසෙහි සිට නොමැති බව ද වාර්තා වේ.

සිද්ධිය වූ දින (15) පෙරවරුවේ නිවසේ පිටුපස කුඩා දැරියකගේ කෑ ගැසීමක්‌ ඇසී එහි ගිය මිය ගිය දැරියගේ මිත්තනියට දැකගත හැකිවූයේ තම පුතාගේ බාලම දියණිය ගිනි ගොඩක දැවෙන අයුරුත්. දැරියගේ මව එම ස්‌ථානය අසල සිටි බවත්ය. පසුව මිත්තනිය දරුවා ගිනිගොඩින් ගෙන පේරාදෙණිය රෝහලට යෑවූ බවත් පසුව එදිනම සවස්‌වරුවේ දැරිය මිය ගිය බවත්, දැරියගේ මිත්තනිය පොලිසියට පවසා ඇත.

දරුවා ගිනිගොඩෙන් ගැනීමට ගොස්‌ මිත්තනිය තුවාල ලබා ඇති බව ද වාර්තා වේ. දරුවා ගිනිගොඩට දැමූ බවට සැකකෙරෙන මව ද මානසික රෝගී තත්ත්වයෙන් දැනට පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.

මහනුවර සහකාර පොලිස්‌ අධිකාරි ෂෂෂ එම්. බී. ෙ-. මොහොට්‌ටිගෙදර මහතාගේ උපදෙස්‌ මත පේරාදෙණිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උපාලි බී. නාරම්පනාව මහතාගේ අධීක්‍ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එස්‌. පී. වීරරත්න, උප පොලිස්‌ පරීක්‍ෂක ආනන්ද, කාන්තා උප පොලිස්‌ පරීක්‍ෂක ගොඩකන්ද ඇතුළු නිලධාරී පිරිසක්‌ පරීක්‍ෂණ පවත්වති.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v