ඉඹුල්ගොඩ නිවසක ලක්‍ෂ 80ක හොර සිගරැට්‌

අරුණ බෝගහවත්ත, ඩබ්. ඩී. විතාන සහ ධම්මික නිමලසූරිය

ඉඹුල්ගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් ලක්‍ෂ අසූවක්‌ පමණ වටිනා ගෝල්ඩ් සීල් වර්ගයේ හොර සිගරැට්‌ තොගයක්‌ ඊයේ (16 දා) අලුයම පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරක්‌ මත මෙම වැටලීම සිදු කර ඇති අතර සිගරැට්‌ තොගය සමඟ එක්‌ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ සිටින එක්‌තරා පාතාල කණ්‌ඩායමක්‌ විසින් ඉතා සූක්‍ෂම ලෙස හොරෙන් සිගරට්‌ මෙරටට ගෙනැවිත් ඉතා අඩු මිලට වෙළෙඳපොළට දීර්ඝ කාලයක සිට ලබාදී ඇති බව ද පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා වැලිවේරිය පොලිසිය වෙත සිගරැට්‌ සහ සැකකරු බාර දී ඇති අතර පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්‌පති කේ. එල්. එම්. සරත්චන්ද්‍ර මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ අධිකාරි වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් වැලිවේරිය පොලිස්‌ ස්‌ථානාධිපති, ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රොෂාන් රාජපක්‍ෂ මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v