ජනාධිපති ලේකම් කරුණු පහදයි! ඊයේ (16) "දිවයින" පුවත්පතේ ප්‍රධාන සිරස්‌තලය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය පැහැදිලි කිරීමක් එවා ඇත. එය මෙසේය. "දිවයින" පුවත්පත මගින් ඊයේ රටටම හෙළි කළ ප්‍රධාන පුවත ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ විශේෂ අවධානයට ලක්‌ව තිබේ. එම පුවතේ සඳහන් "ජනාධිපති ලේකම්වරයෙකුත් රැවටිලා" යන ශීර්ෂයෙන් රටේ ජනතාවට තමන් පිළිබඳ වැරදි අදහසක් මතුකර ඇති බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ අදහසයි. ජනාධිපති ලේකම් තනතුරු පවතින්නේ එකය. එබැවින් ජනාධිපති ලේකම්වරයකු යෑයි අනියමාර්ථ බහු වචනයෙන් සඳහන් කළ ද ජනාධිපති ලේකම්වරු ඉන්නේ එක් අයෙකි. ජනාධිපති අතිරේක ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, සහකාර ලේකම්වරු වශයෙන් බොහෝ තනතුරු වුවත් ජනාධිපති ලේකම් ලෙස හඳුන්වන්නේ එක් අයෙකි. එම ප්‍රවෘත්තියේ සඳහන් කිසිදු ගනුදෙනුවකට ජනාධිපති ලේකම්වරයා සම්බන්ධ නැති බව ද එතුමා දැඩිව අවධාරණය කර සිටී.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v