145 වැනි දම්පල් සමරුව අද

ප්‍රභාත් විතාන, සෝමචන්ද්‍ර යකන්දාවල

අනගාරික ධර්මපාලතුමාගේ 145 වැනි ජන්ම දින සමරු ජාතික උත්සවය අදට (17 වැනිදා) යෙදී ඇත.

අද පෙරවරු 8.15 ට විහාරමහා දේවි උද්‍යානයේ තිබෙන අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්‌වීමෙන් අනතුරව මරදාන ශ්‍රී ලංකා මහබෝධි මූලස්‌ථානය වෙත පෙරහැරක්‌ ගමන් කෙරේ.

ඊට සමගාමීව තවත් සමරු උත්සව රැසක්‌ දිවයින පුරා පැවැත්වෙන බවත් ප්‍රධාන උත්සවය සඳහා රටවල් කිහිපයක භික්‍ෂුන් වහන්සේලා වැඩම කරන බවත් ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්‌ස හිමියෝ පැවසුහ.

අනගාරික ධර්මපාලතුමන්ගේ 145 වැනි ජාතික උත්සවය මරදාන ශ්‍රී ලංකා මහාබෝධි මූලස්‌ථානයේදී කථානායක වි. ජ. මු. ලොකුබණ්‌ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එයට දිනේෂ් ගුණවර්ධන, පණ්‌ඩු බණ්‌ඩාරනායක යන ඇමැතිවරුද සහභාගි වෙති.

මෙහිදී අනගාරික ධර්මපාලතුමන් පිළිබඳව විශේෂ දේශනයක්‌ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා විසින් පැවැත්වෙන අතර මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයේ සිසුවියෝ විසින් දම්පල් සමරු ගීතය ගායනා කරති.

එමෙන්ම අනගාරික දර්මපාලතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් දම්පල් රන්හඬ සංවිධානයේ මෙහෙයවීමෙන් පාසල් දරු දැරියන් 5000 කගේ සහභාගිත්වයෙන් ධර්මපාල චින්තනය ඇතුළත් වීථි පෙරහැරක්‌ වීථි සංචාරය කිරීමටද කටයුතු යොදා ඇත.

අද පසුවරු 1.30 ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේදී දම්පල් පිලිරුවට පුෂ්පෝපහාර පැවැත්වීමට නියමිතය අතර සවස 2.00 ට කොළඹ නගර සභා භූමියට රැස්‌වෙන පාසල් සිසුන් වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් දේශනයක්‌ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අනතුරුව පාසල් ළමයින් සහභාගිවන ධර්මපාලතුමාගේ චින්තන නාම පුවරු රැගත් පෙරහැර කොළඹ නගර සභාව, ඇස්‌වාට්‌ටුව හන්දිය, සොයිසා වටරවුම, ඩීන්ස්‌ පාර, මරදාන හරහා ආනන්ද විද්‍යාලය දක්‌වා ගමන් කිරීමට නියමිතය.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v