විභාග ප්‍රශ්න පත්‍රවලට මිලක්‌ නියම වේ!

නිලන්ත මදුරාවල

මින් ඉදිරියට පැවැත්වෙන විභාගවල ප්‍රශ්න පත්‍රවලට මිලක්‌ නියම කර නිල වශයෙන් අලෙවි කිරීමට විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා තීරණය කර ඇත.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර හොර රහසේ පිට කර ළමා පුවත්පත් මගින් ප්‍රසිද්ධ කරමින් ඇතැම් පුද්ගලයන් අධික ලාභයක්‌ ඉපයීමත් සෙසු විභාග ප්‍රශ්න පත්‍ර පොත් වශයෙන් මුද්‍රණය කර අලෙවි කිරීමත් නිසා මෙම තීරණය ගෙන තිබේ. විභාග දෙපාර්තමේන්තුව මගින් මිලක්‌ නියම කර ප්‍රශ්න පත්‍ර අලෙවි කිරීමෙන් රජයට ආදායමක්‌ ලැබෙන බව විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා "දිවයින" ට පැවැසීය. ප්‍රශ්න පත්‍රවල මිල ගණන් දෙපාර්තමේන්තුවේ කමිටුවක්‌ විසින් තීරණය කරනු ලබන බව ද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රශ්න පත්‍ර ප්‍රසිද්ධ කරමින් ඇතැම් පුද්ගලයන් පමණක්‌ ලාභ ඉපයීම පිළිබඳව ප්‍රශ්න පත්‍ර සකස්‌ කරන මහාචාර්යවරුන් ද විරෝධය පළ කර ඇති බවත් පැවැසූ අනුර එදිරිසිංහ මහතා මිල නියම කරන ප්‍රශ්න පත්‍ර දිවයින පුරා බෙදාහැර අලෙවි කිරීමට වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන බවත් පැවැසීය.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v