රාජ්‍ය නායකත්වය වෙනස්‌ කර රට
අස්‌ථාවර කිරීමේ කුමන්ත්‍රණයක්‌ සිදුවෙනවා
- ඇමැති ඩලස්‌ අලහප්පෙරුම

අනුර බාලසූරිය

ආණ්‌ඩුව හා රාජ්‍ය නායකත්වය වෙනස්‌ කිරීම සඳහා ක්‍රියාත්මකව පැවැති දිගු=කාලීන කුමන්ත්‍රණය මේ මොහොතේ වෙනස්‌ භයානක මුහුණුවරකින් ක්‍රියාත්මක වී ඇතැයි ප්‍රවාහන ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා අනාවරණය කළේය.

මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (16 දා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව රටක්‌ විදියට මුහුණ දෙන භයානක කුමන්ත්‍රණය මේ මොහොතේ මුදාහැර ඇතැයි සඳහන් කළ ඇමැතිවරයා බෙදුම්වාදය අවසන් ගමන් යන්න ආසන්න සති තුනක හතරක පමණ කාලය තුළ ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණය පරාජය වීමෙන් පසු එය වෙනත් මුහුණුවරකින් නැවත කරළිsයට පැමිණ ඇතැයිද කීවේය.

රටට විරුද්ධව ආර්ථික මානව හිමිකම් ප්‍රශ්න මතු කරමින් යුද අපරාධ ආදී ලේබල් අලවා රාජ්‍ය නායකත්වය වෙනස්‌කර රට අස්‌ථාවර කිරීමේ කුමන්ත්‍රණය මේ මොහොත වන විට මෝරා කලඑළියට ගෙන ඒමට සූදානම්ව සිටින බවත්, ඒ සම්බන්ධයෙන් දේශීය හා විදේශීය නියෝaජිතයන් අතර අවසන් සාකච්ඡා පැවැත්වී ඇති බවත් සඳහන් කළේය.

මේ කුමන්ත්‍රණය පිටුපස එ.ජා.පයේ අයෙක්‌ සහ පක්‍ෂයකට සම්බන්ධ නැති එජාප වේදිකාවේ සිටින අද අප සමග නැති කෙනකුත්, ඊට අමතරව තානාපති සේවාවේ සිටි දෙදෙනෙක්‌ හෝ එක්‌ අයෙක්‌ සිටින බවත් මේ පිළිබඳ ඔවුන් ජාත්‍යන්තරයෙන් තෙරපීමක්‌ ඇති කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

ආරක්‍ෂක ලේකම්වරයාට, යුද හමුදාපතිවරයාට අපහාස කළේ රට අස්‌ථාවර කර තමන්ගේ යටත් විජිතයක්‌ කරගන්න සිටි ජාත්‍යන්තර කණ්‌ඩායම්වලට මේ අදහස ඇතුළු කළේ මෙම කුමන්ත්‍රණවලට සම්බන්ධ අය බවද කීය.

ත්‍රස්‌තවාදය අවසන් ගමන් යැමට සති කිහිපයකට පෙර ක්‍රියාත්මක වූ සාහසික කුමන්ත්‍රණයට රටක්‌ විදියට අප සියලුදෙනා මුහුණදී එය පරාජය කළා මෙන් රට ව්‍යාකූල තත්ත්වයට පත්කෙරෙන මෙම කුමන්ත්‍රණයද හඳුනාගෙන එය පරාජය කළ යුතුව ඇතැයිද කීවේය.

චැනල් 4 සිද්ධිය බොරුවක්‌ කියල රජය ඔප්පු කළ බවත්, ඒ සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදයට එජාප කිසිවකු සහභාගි නොවූ බවත්, මිග් යානා මිලදී ගැනීමේ සිද්ධිය පිළිබඳ චෝදනාව එල්. ටී. ටී. ඊ. යේ වුවමනාව මත සිදුවූවක්‌ බවත්, ඒ පිළිබඳ අත්අඩංගුවේ පසුවන එල්.ටී. ටී. ඊ. නායකයන් කියූ කරුණු මත ඊට අදාළ හෙළිදරව් අවශ්‍ය අවස්‌ථාවලදී අනාවරණය කරන බවත් සඳහන් කළේය.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v