ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස මා ඉදිරිපත් කළහොත් සතුටින් බාර ගන්නවා එස්. බී. දිසනායක ප්‍රභාත් විතාන ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස තමන් ඉදිරිපත් කරන්නේ නම් එය සතුටින් භාර ගන්නා බව එක්‌සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක හා මධ්‍යම පළාත් සභාවේ විපක්‍ෂ නායක එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය. එක්‌සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස තමන්ගේ නම කියෑවෙන බව තමාටද ආරංචිවී තිබෙන නමුත් තමන් ඒ පිළිබඳවත් කිසිවක් නොදන්නා බව කී දිසානායක මහතා ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස තමන් තෝරාගත හොත් එය සතුටින් භාර ගන්නා බව ඊයේ (16 වැනිදා) නුගේගොඩ නාලන්දාරාම විහාරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය පැවසීය. කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණ හා ජනාධිපතිවරණවලදී පළාත් සභා මැතිවරණ විටින් විට පවත්වා ලබාගත් ජයග්‍රහණ ලබා ගැනීමට ආණ්‌ඩුවට නොහැකි බවත් දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v