
කැලිෆොaනියාවේදී සංඝ
සම්මේලනයක්
අනුර වික්‍රමසිංහ
කැලිෆොaනියාවේ වෙන්තුරා නගරයේ සිට "21 වැනි සියවසට බුදු
දහම" යන තේමාව යටතේ ඇමරිකානු වියට්‌නාම ජාත්‍යන්තර බෞද්ධ
බල මණ්‌ඩලය මගින් සංවිධානය කරනු ලබන සංඝ සම්මේලනයක් හෙට
(18 දා) සිට 20 දා දක්‌වා ඇමරිකාවේ කැලිෆොaනියාවේ වෙන්තුරා
නගරයේ අන්ලාක් මිෂන් විහාරස්‌ථානයේදී පැවැත්වේ.
මෙම සම්මේලනය සඳහා ඇමරිකාව, වියට්‌නාමය, ශ්‍රී ලංකාව,
ඔස්‌ටේ්‍රලියාව, නවසීලන්තය ඇතුළු රටවල් ගණනාවක බෞද්ධ
භික්‍ෂුන් වහන්සේලා හා මෙහෙණින් වහන්සේලා 300 ක් පමණ
සහභාගි වීමට නියමිතය.
මෙම වැඩමුළුවේ විශේෂ අමුත්තකු ලෙස ආගමික කටයුතු අමාත්‍ය
පණ්‌ඩු බණ්‌ඩාරනායක මහතාද සහභාගි වනු ඇත. ඊට අමතරව ඒ ඒ
රටවල තානාපතිවරු ද ආරාධනා ලැබ ඇත.
මෙම 19 වැනිදා මේ නිමිත්තෙන් "ඉන්දියාවේ බෞද්ධ විසිතුරු
මැයෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් සහ විශේෂ දේශනයක් ද
පැවැත්වේ.
අවසාන දින (20) දහවල් 300 ක් පමණ මහා සංඝයා විෂයයෙහි
සපිරිකර සංඝගත දක්‍ෂිණාවක්‌ද පැවැත්වේ. මේ වැඩමුළුව
අන්ලාක් විහාරාධිපති කිච් තෝප් හා අධ්‍යක්‍ෂ "තපෝවනයේ
සුතධර යන හිමිවරු සංවිධාන කරති.
|