ශ්‍රී ලංකාවට ජී. එස්a. පී. ප්ලස් සහන නතර කරන්නැයි යුරෝපා සංගමයට බොරු වාර්තා යෑව්වේ බාබරා කීර්ති වර්ණකුලසූරිය ශ්‍රී ලංකාවේ ඇඟලුම් පිළිබඳ යුරෝපා සංගමය විසින් ලබාදෙන ජී. එස්a. පී. ප්ලස් බදු සහන නතර කිරීම සඳහා යුරෝපා බලධාරීන් වෙත සාවද්‍ය වාර්තාවක් යොමු කර ඇත්තේ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රිනී බාබරා ලොන්බිලර් යෑයි අනාවරණය වී ඇත. මේ බදු සහන නතර කිරීම ද චැනල් ෆොa කුමන්ත්‍රණයේ මූලික අරමුණ යෑයි තහවුරු වී තිබේ. ඇය සහ ඇගේ ශ්‍රී ලාංකික සැමියා වූ ජෙඩොතම් සංවිධානයේ ප්‍රධානි රංජිත් හෙන්නායක නමැත්තා ඡේ. ඩී. එස්a. නමැති සිංහල කොටි හිතවාදී කණ්‌ඩායම සමඟ එක්‌ව චැනල් ෆොa සාවද්‍ය වීඩියෝ පටයද බෙදාහැර ඇතැයි දැන් සනාථ වී තිබේ. බාබරා ලොන්aබිලර් නමැත්තිය ජර්මනියේ ඇමනෙස්‌ට් ඉන්ටර්නැෂනල් සංවිධානයේ ලේකම් යෑයිද අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකාවට ලබාදෙන මේ බදු සහන නතර කිරීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ ලොන්බිලර්ගේ ශ්‍රී ලාංකික ඒජන්තවරුන් කවුරුන්දැයි මේ වන විට හෙළිවී ඇත. යුරෝපා සංගමය මෙම බදු සහන නතර කළහොත් මෙරට 250000 ක සේවක සේවිකාවන්ගේ රැකියා අහිමි වන තත්ත්වයක් උදාවේ.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v