නායක හිමි ඝාතනය කිරීමේ සිද්ධියේ
සැකකරුවෝ දෙදෙනෙක්‌ කොටුවෙති


සමන් ගමගේ

මීට මාස හයකට පමණ ඉහත ගාල්ල යක්‌කලමුල්ල උඩුවිටියන විහාරස්‌ථානයේ නායක හිමියන් විහාරස්‌ථානය තුළදීම සාහසික අයුරින් කපාකොටා ඝාතනය කර පලාගොස්‌ සැඟව සිටි පුද්ගලයන් දෙදෙනකු දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

දීර්ඝ විමර්ශනයකට අනුව යක්‌කලමුල්ල ප්‍රදේශයේදීම මොවුන් දෙදෙනා කොටු කර ගැනීමට පොලිසිය සමත්ව ඇත.

සැකකරුවන්ගෙන් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී සිද්ධිය වූ දින විහාරස්‌ථානයේ අලුත්වැඩියාවක්‌ සඳහා නායක හිමියන් රුපියල් ලක්‍ෂ දෙකක්‌ රැගෙන ආ බවට ලැබුණ තොරතුරක්‌ මත එය කොල්ල කෑම සඳහා රාත්‍රියේ පන්සලට කඩාවැදී වක්‌ පිහියකින් කපා කොටා හිමි නම ඝාතනය කළ බවට ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇත.

එහෙත් නායක හිමියන් මරා දමා විහාරස්‌ථානයේ සියලු තැන් පරීක්‍ෂා කළ ද එවන් මුදලක්‌ නොවූයෙන් එහි වූ පිංකැට දෙකක්‌ද රැගෙන පැන ගිය බව සැකකරුවන් සඳහන් කළේ යෑයි පොලිසිය පවසයි.

ඉන් එක්‌ පිංකැටයක තිබී ඇත්තේ රුපියල් හැත්තෑවක මුදලක්‌ වන අතර සැකකරුවන් රැගෙන ගිය අනෙක්‌ පිංකැටය සමග ඝාතනයට යොදා ගත් වක්‌ පිහිය ද පොලිසිය සොයාගෙන තිබේ. මොවුන් දෙදෙනා යක්‌කලමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් බවටද පොලිසිය හෙළිදරව් කරගෙන ඇත.

දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v