|
|
|
|

වතු කම්කරු වැටුප් වැඩි
කිරීමේ
එකඟතා ගිවිසුමට අත්සන් කරද්දී
තවත් පිරිසක් විරෝධතා දක්‌වති
මස්‌කෙළිය -ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක
ලංකා කම්කරු කොන්ග්‍රසය ඇතුළු වතු ඒකාබද්ධ වෘත්තීය සමිති
සංගමය හා වතු හාම්පුතුන්ගේ සංගමය විසින් ඊයේ (16 දා)
කොළඹදී අත්සන් තැබූ, වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 405/}
දක්‌වා ඉහළ දැමීමේ එකඟතා ගිවිසුමට එරෙහිව ඊයේ පෙරවරුවේ
කඳුරට ජනතා පෙරමුණට සම්බන්ධ වතු කම්කරුවෝ විශාල පිරිසක්
උද්ඝෝෂණයක නිරත වූහ.
දැඩි පොලිස් ආරක්‍ෂාව මධ්‍යයේ පැවැත්වූ මෙම උද්ඝෝෂණයට
එක්‌ව සිsටි වතු කම්කරුවන් පවසා සිටියේ තම වෘත්තීය
අයිතිවාසිකම් පාවා දෙමින් ඇතැම් අවස්‌ථාවාදී වෘත්තීය සමිති
වතු කම්කරුවන්ගේ රුපියල් 500/- දෛනික වැටුප් ඉල්ලීම පාවා
දී වතු හාම්පුතුන් සතුටු කිරීමේ පටු අරමුණින් එකඟතා
ගිවිසුමකට එක්‌ව ඇති බවයි.
කඳුරට ජනතා පෙරමුණ, ජාතික වතු කම්කරු සංගමය, ලංකා කම්කරු
එක්‌සත් පෙරමුණ හා බස්‌නාහිර ජනතා පෙරමුණට සම්බන්ධ වාත්තීය
සමිති නියෝජනය කරන වතු කම්කරුවෝ විශාල පිරිසක් ඊයේ අත්සන්
කළ අවබෝධතා ගිවිසුමට එරෙහිව මස්‌කෙළිය, සාමිමලේ, බගවන්තලාව
යන ප්‍රදේශවල විරෝධතා පැවැත්වූහ. තමන් ඉල්ලීම් දිනා
ගන්නාතෙක් පෙර පරිදි වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නිරත වන
බව එම වතු කම්කරුවෝ පවසති.
|
|
|
|