රාජ්‍ය සේවයේ පුරප්පාඩු  4300 ක්‌ පිරවීමට පියවර

චමින්ද සිල්වා

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 4300 ක්‌ පිරවීමට රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී.

මෙම පුරප්පාඩු මේ වසර අවසන් වීමට පෙර සම්පූර්ණ කරන බවත් ඒවා අතර කළමනාකරණ සේවයේ 3000 ක්‌, ග්‍රාම නිලධාරීන් 1000 ක්‌ හා පරිපාලන සේවයේ පුරප්පාඩු 300 ක්‌ පවතින බව ඊයේ (16 වැනිදා) රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති හා මුදල් නියෝජ්‍ය ඇමැති සරත් අමුණුගම මහතා පැවැසීය.

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය හමුවේ නඩුවක්‌ විභාග වෙමින් පවතින බව පැවසූ ඇමැතිවරයා එහි තීන්දුව ඉක්‌මනින් ලැබෙනු ඇතැයිද අපේක්‌ෂා කළේය. බොහෝ විට මෙම පුරප්පාඩු ග්‍රාම නිලධාරීන් සඳහා පැවැත්වූ විභාගයේ ඊළඟ ලකුණු මට්‌ටම අනුව බඳවා ගැනීම සිදුකරනු ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය. පසුගියදා පැවැත්වූ ග්‍රාම නිලධාරී විභාගයෙන් ග්‍රාමනිලධාරී පුරප්පාඩු 2600 ක්‌ පිරවීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v