සෙන්නන් යළිත් තොන්ඩමන්ට එක්‌වේ

මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපතිවරයා ලෙස සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. වී. සෙන්නන් මහතා පෙරේදා (15 දා) යළි ලංකා කම්කරු කොන්ග්‍රසයට එක්‌විය.

බදුල්ල දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් ලංකා කම්කරු කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වසර කීපයක්‌ කටයුතු කළ පී. වී. සෙන්නන් මහතා දිවංගත සෞම්‍යමූර්ති තොණ්‌ඩමන් මහතා සමග ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආරම්භක සාමාජිකයකු ලෙස ක්‍රියාකාරීව සිටියදී 2000 වසරේදී එම පක්‌ෂයේ තනතුරු පිළිබඳව ඇතිවූ මත ගැටුමකදී තවත් සාමාජිකයන් 05 දෙනකු සමග පක්‌ෂයෙන් ඉවත් වී ලංකා කම්කරු එක්‌සත් පෙරමුණ පිහිටුවාගෙන එහි සභාපති ලෙස වසර 09 ක්‌ කටයුතු කළේය. ලංකා කම්කරු එක්‌සත් පෙරමුණේ ප්‍රතිපත්ති අනුව වතුකරයේ ජනතාවට සේවයක්‌ කිරීමට නොහැකි වූ නිසා යළිත් ලංකා කම්කරු කොන්ග්‍රසයට එක්‌ වූ බව පී. වී. සෙන්නන් මහතා පැවසීය. ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස පී. වී. සෙන්නන් මහතා කටයුතු කරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ආරුමුගම් තොණ්‌ඩමන් මහතා පැවැසීය.

පී. වී. සෙන්නන් මහතා, ලංකා කම්කරු කොන්ග්‍රසයේ කොටගල පිහිටි මූලස්‌ථානයේදී පෙරේදා ලංකා කම්කරු කොන්ග්‍රසයට යළිත් එක්‌ විය.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v