ජී.එස්.පී. ගැන යුරෝපා සංගමයේ අවසන් තීරණය දෙසැම්බරයේ ලසිත දුමින්ද ජී. එස්. පී. තීරු බදු සහනය පිළිබඳ යුරෝපා සංගමයේ අවසන් තීරණය දෙසැම්බර් මාසයේ ලැබෙතැයි අපේක්‍ෂා කරන බව අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර සබඳතා ඇමැති ජී. එල්. පීරිස් මහතා පැවැසීය. එසේම මෙම බදු සහනය ලබාගැනීම සඳහා කැබිනට් ඇමැතිවරුන් සිවු දෙනකුගෙන් සමන්විත කමිටුවක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කර ඇති බවද ජී. එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේය. මේ පිළිබඳව කිසිවකුත් කලබල විය යුතු නැති බව සඳහන් කළ ඇමැතිවරයා මෙතෙක් යුරෝපා සංගමය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නිගමනයකට එළැඹ නැති බවද කීවේය. විදේශයකට අප රට පිළිබඳ විමර්ශන කිරීමට ඉඩ නොදෙන බවද, කිසිදු රටකට අප යටත් නොවන බවද ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය. ඇමැති ජී. එල්. පීරිස් මහතා එසේ ප්‍රකාශ කළේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (16 වැනිදා) පස්‌වරුවේ පාවහන් සහ සම්භාණ්‌ඩ ප්‍රදර්ශනය 2009 පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ උත්සවයේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මෙම අවස්‌ථාවට කර්මාන්ත සංවර්ධන ඇමැති කුමාර වෙල්ගම, ග්‍රාමීය සංවර්ධන සහ ස්‌වයං රැකියා ප්‍රවර්ධන ඇමැති එස්. බී. නාවින්න යන මහත්වරු සහ අමාත්‍යාංශයේ නිලධාරීහුද එක්‌ව සිටියහ.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v