දේශපාලන ආශිර්වාදයෙන් පාතාලයට ගිනි අවි විකිණූ 4 දෙනෙක් කොටුවෙති සමන් ගමගේ සහ රත්මලාන - පී. ආරියරත්න දේශපාලන රැකවරණ මත පාතාලයට ගිනි අවි අලෙවි කිරීමේ ජාවාරමක් පසුපස හඹා ගිය මිරිහාන දිසා දූෂණ මර්දන ඒකකය ටී. 56 නවීන ගිනි අවියක් ඇතුළු ගිනි අවි තුනක් සමග සැකකරුවන් සිව් දෙනකු ඊයේ (17 දා) සිදුකළ රහසිගත වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර කුරුවිට යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා සෙබළෙකු හා ප්‍රබල පාතාල සාමාජිකයකු ද වන බව පොලිසිය සඳහන් කරයි. බස්‌නාහිර දකුණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර මහතාට හා මිරිහාන දිසා දූෂණ මර්දන ඒකකකයට ලැබුණු නිර්නාමික තොරතුරු අනුව ඉංගිරිය ප්‍රදේශයේ රහසිගතව සිදුකළ විමර්ශනයකදී මෙහි සුලමුල අනාවරණය කරගෙන ඇත. මෙම විමර්ශනයේදී අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළා කුරුවිට යුද හමුදා කඳවුරින් රැගෙන ආ ටී. 56 ගිනි අවිය රුපියල් 70,000 කට පාතාල ප්‍රබලයාට අලෙවි කර ඇතැයිද පොලිසිය අනාවරණය කරගෙන තිබේ. මෙම ගිනි අවි සමග ඒවාට යොදන ජීව පතුරම් හා පතුරම් ගැබ් රැසක්‌ද වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉංගිරිය - බෝධිරාජගම - නිමලගම - කිරිඇල්ල ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. සැකකරුවන් මෙම ගිනි අවි යොදාගෙන මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් සිදුකර තිබෙන බවට සැකකරන බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පාතාලය හා විවිධ සංවිධානාත්මක අපරාධ කරුවන්ට ලබා දී ඇති ගිනි අවි කිහිපයක් පිළිබඳවද ලැබී ඇති තොරතුරු මත පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇත. රඳවාගැනීමේ නියෝග මත මෙම සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ. බස්‌නාහිර දකුණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර හා අපරාධ විමර්ශන භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා යන නිලධාරීන්ගේ උපදෙස් මත මිරිහාන දිසා දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක දිලීප පෙරේරා, උප පොලිස් පරීක්‍ෂක වනිගතුංග, පොලිස් සැරයන්වරුන් වන (51485) අනුර (28315) බන්සජයා (30739) ආටිගල හා කොස්‌තාපල්වරුන් වන (21284) බණ්‌ඩාර 72994 මංජුල - 42337 ලලන්ත යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v