අනර්කලීගේ පැමිණිල්ලට නිශාන්ත අධිකරණයට

ගාල්ල දිස්‌ත්‍රික්‌ එ.ජ.නි.ස. අපේක්‍ෂිකා අනර්කලී ආකර්ෂා මෙනවියට මරණ තර්ජන එල්ල කළා යෑයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් හෙට (18 වැනිදා) අධිකරණයේ පෙනී සිටින ලෙසට එම පක්‍ෂයේම අපේක්‍ෂක නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතාට ගාල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර ඇත.

නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා තමාට බෝම්බ ගසා මරණ බවට තර්ජන කළ බවට අනර්කලී ආකර්ෂා මෙනවිය ගාල්ල පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි. ගාල්ල පොලිසිය විසින් මේ සම්බන්ධව අධිකරණයට බී වාර්තාවක්‌ මගින් ඊයේ (16 වැනිදා) කරුණු වාර්තා කර ඇත. මෙම කරුණ සැලකිල්ලට ගත් මහෙස්‌ත්‍රාත්වරයා මුතුහෙට්‌ටිගම මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v