|
|
|
|

සේවා ව්‍යවස්‌ථාව
සංශෝධනය නොකළැයි සේවා
වෘත්තීය සමිති 15ක් 23 වැනිදා ලෙඩ වෙති
රාජ්‍ය සේවයේ වැටුප් පිළිබඳ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙහි
නියමයන් පරිදි සේවා ව්‍යවස්‌ථා සංශෝධනය කිරීමට බලධාරින්
මෙතෙක් පියවර නොගැනීමට එරෙහිව මෙම මස 23 වැනිදා ලෙඩ
නිවාඩු මත සේවයට නොපැමිණීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක
නිරත වීමට දීපව්‍යාප්ත සේවා වෘත්තීය සමිති සංධානය තීරණය කර
ඇත.
ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය,
ක්‍රම සම්පාදන සේවය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවය, විගණන
සේවය, ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවය, මිනින්දෝරු සේවය,
අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය යන
සේවාවන් නියෝජනය කරන වෘත්තීය සමිති 15 ක් ඒකාබද්ධව මෙම
ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙති.
රාජ්‍ය සේවා කොමිසම, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැටුප් හා
සේවක කොමිසම හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල
බලය අල්ලාගෙන සිටින පරිපාලන සේවයේ සමහර නිලධාරින් මේ වන
විට අනිකුත් සියලු දීපව්‍යාප්ත සේවාවන්වල ඉදිරි ගමන
මුළුමනින්ම නවතා දමා ඇති බවත් රාජ්‍ය සේවා කොමිසම
ක්‍රියාත්මක නොවන තත්ත්වයක් යටතේ කැබිනට් මණ්‌ඩලය හරහා
තව තවත් වරප්‍රසාද එම සේවයට ඒකරාශී කරගනිමින් සිටින බවත්
එම වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු ඇන්ටන් පෙරේරා මහතා
පවසයි.
සිදුවන අසාධාරණය පිළිබඳ බලධාරින් දැනුවත් කර ඇති නමුත්
මෙතෙක් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නැති බව කී ඒ මහතා ඊට
විරෝධය පළකරමින් 23 වැනිදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක
නිරත වන බවද කීය.
|
|
|
|