උතුරේ සිදුකරන ඉදිකිරීම් කටයුතුවලට
එම ප්‍රදේශයේම තරුණයින් බඳවා ගන්නවා
ඇමැති රාජිත සේනාරත්න

උතුරේ සිදුකෙරෙන ඉදිකිරිම් සඳහා පුහුණු කරන ලද උතුරේම තරුණයින් යොදා ගැනීමට තම අමාත්‍යාංශය කටයුතු යොදා ඇතැයි ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය. ඇමැතිවරයා එම අදහස්‌ පසුගියදා පැවසුවේ යාපනය දිස්‌ත්‍රික්‌ කාර්යාලයේදී පැවැති උතුරේ ඉදිකිරීම් කර්මාන්තකරුවන් නංවාලීමේ විශේෂ වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්‌වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැති රාජිත සේනාරත්න මහතා මෙසේද පැවැසීය.

"මෙතෙක්‌ කල් ඉදිකිරීමේ අමාත්‍යාංශය ලියාපදිංචි කලේ මහ පරිමාණ කොන්ත්‍රත්කරුවන් පමණයි. ප්‍රථම වරටයි සුළු පරිමාණ ව්‍යවසායකයන්ට මෙවන් තත්ත්වයක්‌ ලබා දෙන්නේ. මෙම C ෂෂ ශ්‍රේණිය මුලින් පැවැතියේද නැහැ. උතුරු නැගෙනහිර කොන්ත්‍රාත්කරුවන්ගේ ඉල්ලීමකට අනුව ඔවුනට විශේෂ වරප්‍රසාදයක්‌ ලෙස එක්‌ ශ්‍රේණියක්‌ ඉහළින් තැබීමට කටයුතු යොදා අවසන්. මේ සඳහා දකුණේ ඉදිකිරීම් සංගම් එකඟ වුණා. නැගෙනහිර ඉදිකිරීම් සඳහා නැගෙනහිරින්ම තරුණයන් පුහුණු කළා සේ උතුරේ ඉදිකිරීම් සඳහා එහි තරුණයන් පුහුණු කර ඔවුනට අවස්‌ථාව ලබා දෙනවා. අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍ය දකුණ මෙන්ම උතුරත් නැගෙනහිරත් සංවර්ධනය කරන්න. 47 පසු උතුරටත් දකූණටත් සංවර්ධනයක්‌ වුයේ නැහැ. කොළඹ පමණයි සංවර්ධනය වූයේ. ඒ නිසයි උතුරෙත් දකුණෙත් තරුණයන් කැරලි ගැසුවේ. අද උතුරත් - දකුණත් දෙකම සංවර්ධනය වෙනවා. අද සිංහල අය ද්‍රවිඩ ඉගෙනීමට විශාල ලෙස උනන්දු වෙනවා. සිංහල, ද්‍රවිඩ, ඉංගී්‍රසි යන භාෂා තුනම අද රාජ්‍ය භාෂා, ද්‍රවිඩ ජනතාවගේ ආත්මඅභිමානය ඇති කරලීමට අපි කටයුතු කරනවා. ඒ වගේම සිංහල, මුස්‌ලිම් සියලු ජනතාවගේද අභිමානය රැක දෙනවා. මේ සියල්ල එක්‌කොට ශ්‍රී ලාංකීය අභිමානය අපි ඇති කරනවා. ඒ අනුව අපි ඉදිරියේදී එක පවුලක්‌ බවට පත්වෙනවා. ඒ ගැන මට විශ්වාසයි. ඒ හරහා අපේ රට දියුණු වෙනවා.

මේ අනුව ඉදිරියේදී සුළු පරිමාණ ඉදිකිරීම් ව්‍යවසායකයන් ආයතනයේ C II ශ්‍රේණියේ ලියාපදිංචි කෙරේ. එතැන් සිට ඔවුනට රජයේ ඉදිකිරීම් ඇතුළු ව්‍යාපෘති සඳහා එක්‌විය හැක. C II ශේ්‍රණියේ සිට C I වන මහාපරිමාණ කොන්ත්‍රාත් සමාගම් දක්‌වා යැමට ඉඩ සලසා ඇත. උතුරු නැගෙනහිර පැවැති යුදමය වාතාවරණය සලකා බලා එම පළාත්වල කොන්ත්‍රාත්කරුවන්ගේ ඉල්ලීමකට අනුව එම දෙපළාතේ කොන්ත්‍රාත්කරුවන් එක්‌ ශේ්‍රණියක්‌ ඉහළින් තැබීමටද අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. මේ සඳහා දකුණේ ඉදිකිරීම් සංගම් එකඟතාවය ලබා දී ඇත. උතුරේ ඉදිකිරීම් සඳහා පුහුණු කරන ලද උතුරේම තරුණයන් යොදා ගැනීමටද අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. උතුරේ ඉදිකිරීම් ව්‍යවසායකයන්ගේ ගැටලු විමසීමක්‌ හා ඊට සෘජුව පිළිතුරු සැපයීමද ගැටලු නිරාකරණයද මෙහිදී සිදුවිය.

අමාත්‍යතුමාගේ සම්බන්ධී කරණ ලේකම් ශ්‍රී ලාල් මුණසිංහ මහතා ඇතුළු විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌වූහ.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v