වතු වැටුප් ගිවිසුමට අත්සන් තබති

ලසිත දුමින්ද

සති දෙකකට අධික කාලයක්‌ තිස්‌සේ උඩරට වතුකම්කරුවන් ගෙන ගිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කරමින් අදාළ වෘත්තීය සමිති ඊයේ (16 වැනිදා) දහවල් හාම්පුතුන්ගේ සංගමය සමග වැටුප් වැඩිවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් කරනු ලැබීය.

ඒ අනුව වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 405 ක්‌ වනු ඇත.

වතුකරයේ දෛනික කටයුතු ඊයේ (17 දා) සිට යථා පරිදි සිදුවන බව ජාතික වතු කම්කරු සංගමයේ ලේකම් කේ. වේලායුදම් මහතා පැවැසීය.

මෙලෙස අත්සන් කරන ලද ගිවිසුම ගැසට්‌ කිරීම සඳහා සියලුම පාර්ශ්ව නියෝජනය කරමින් ලංකා සේව්‍ය සම්මේලනය විසින් කම්කරු ඇමැති අතාවුද සෙනවිරත්න ඇමැතිවරයාට අදාළ ගිවිසුම බාරදුන් බවද එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ මහතා සඳහන් කළේය.

මේ වන විට වතුකරයේ සුළු සුළු සිද්ධීන් වාර්තා වෙමින් තිබෙන බව සඳහන් කළ කණිෂ්ක වීරසිංහ මහතා ඉදිරි දින කීපයේදී එය යථාතත්ත්වයට පත්වෙතැයි බලාපොරොත්තු වන බවද පැවැසීය.

ඉකුත් පළමුවැනිදා සිට වතුකම්කරුවන් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය වෙනුවෙන් අදාළ සමාගම්වලට රුපියල් මිලියන 800 කට අධික අලාභයක්‌ සිදුවී තිබිණි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v