කොටි සැකකරුවෙක්‌ සමග අත්බෝම්බ 5 ක්‌ අත්අඩංගුවට

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

වව්නියාව, ඊච්ජන්කුලම, සාවස්‌ත්‍රීකුලම ප්‍රදේශයේ වළදමා තිබූ එල්ටීටීඊ සංවිධානය සතු අත්බෝම්බ පහක්‌ සමග ද්‍රවිඩ කොටි සැකකරුවෙක්‌ තන්තිරිමලේ පොලිසිය මගින් පෙරේදා (15 දා) අත්අඩංගුවට ගනු ලැබීය. ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව වව්නියාවට ගිය තන්තිරිමලේ පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ප්‍රියන්ත වැලිකල මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලින් පසු මෙම අත්බෝම්බ සොයා ගැනීමට හැකිවී තිබේ.

වව්නියාව, ඊච්චන්කුලම, සාවස්‌ත්‍රීකුලම ප්‍රදේශයේ පදිංචි එම සැකකරුට මීට පෙර ගිනි අවි, පිස්‌තෝල, ක්‌ලේමෝ බෝම්බ, අත්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විටින් විට ලැබී ඇති අතර, ඔහු විසින් ඒවා අවස්‌ථානුකූලව කොටි ක්‍රියාකාරකම් සඳහා ලබා දී ඇති බව පරීක්‌ෂණවලදී හෙළිවී තිබේ. මැදිවියේ පසුවෙන මෙම කොටි සැකකරුගේ පුතා එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු ලෙස කටයුතු කොට ඇති බවටද ආරක්‌ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.

මේ සම්බන්ධයෙන් ඔහුගෙන් පොලිසිය වැඩිදුර ප්‍රශ්න කර ගෙන යන අතර, සැකකරු ඊයේ (16 දා) සවස තන්තිරිමලේ පොලිසිය විසින් වව්නියාව මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

තන්තිරිමලේ පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v