වෙච්ච දෙයක්‌ !

පෙරහැරවල් ගියා, තොරණ්‌ බැන්දා, කංකාරී නැටුවා, දෙවොල් නැටුවා, ජාතික කෑලි එල්ලුවා. ඒත් ජාතික කොඩිය උස්‌සන්න බැරිවුණා. ජාතික ගීය ගයන්න බැරිවුණා.

සුපුන් පියරත්න


ආවා ගියෝ ෘ

සම්මාන දෙන්න ජනාධිපතිතුමා ගෙන්නන්නනෙ ඕන වුණේ. ඔන්න ජනාධිපතිතුමා ආවා. පුටුවේ වාඩි වුණා. නැගිට්‌ටා. සම්මාන පහක්‌ බෙදුවා. පනාව දැම්මා. ගියා. ආවා ගියෝ ෘ

ජනප්‍රිය රණතුංග

බල්ලන්ට එළවන්න බෑ

"දිවයිනේ බල්ලන්ට මාව එළවන්න බෑ"

සංස්‌කෘතික ලේකම් ( හිටපු)

බල්ලන්ට එළවන්න බෑ. මට හොඳට දුවන්න පුළුවන්. මාතරටම දුවනවා. ආයෙ පස්‌ස බලන්නෙ නැහැ.


කුමාර ජයතුංග


හිඟන්නෙක්‌ ෘ


ගොඩගේ සම්මාන ප්‍රදානයේදී හිඟන්නෙක්‌ දේශනයක්‌ කළාලු. සම්මාන දුන්නාට මේවා පොත් නෙමේ කිව්වලු. මාව වාක්‍යයකින් විවේචනය කරනවා නම් මට ලියන්න කොලමක ඉඩක්‌ ඕන කිව්වලු.


ජයසිරි ජයමහ


දෙබසක්‌


ලේකම් - ජනාධිපතිතුමාව උත්සවේට ගෙන්නුවාට මොකෝ නිකන්වත් මයෙ දිහා බැලුවෙ නෑනෙ


ඇමැති - බලනවාද ඕයි ෘ තමුසෙ ගීය කිව්වෙත් නෑ. කොඩිය ඉස්‌සුවෙත් නැහැ. මම බයේ ඉන්නෙ මාවත් ගෙදර යවාවිද කියලා.


මෙලෝ රහක්‌ නැති පොතක්‌


පාඨකයෙක්‌ - මෙලෝ රහක්‌ නැති පොතක්‌ ගන්න විධියක්‌ නැද්ද?


ලේඛකයෙක්‌ - අයියෝ ෘ අර තියෙන්නෙ ස්‌වර්ණ පුස්‌තක


පාඨකයෙක්‌ - මට ඕන ටිකක්‌ ලොකු පොතක්‌


ලේඛකයෙක්‌ - බලන්නකො පුලතිසි වංශය හරි මාතර වංශය.


තිලකරත්න





ඇත්ත


ඇත්ත. කෑම නරක්‌ වුණා. ලක්‍ෂ ගාණක පාඩුවක්‌ වුණා. කොඩිය උස්‌සන්න බැරිවුණා. ගීය කියන්නත් බැරිවුණා.


සෙනඟ හිටියෙත් නෑ. මගේ නෙවේ වැරැද්ද අන්න අරූගෙ.


දෙවැනි මහින්ද


කුණු වැඩ


කුණු හරුප තිබ්බා කියල අන්තිම වටයෙන් හැළිච්ච නාට්‍ය කාරයො ටික නාට්‍ය උත්සවේ තියන්න දෙන්නෙ නෑලු. කුණු බිත්තර ගහනවලු. - පුවතක්‌


මරුනෙ. ඕනද තව කුණු බිත්තර ?


බිත්තර නෙවෙයි, කුණු පොල් වුණත් දෙන්නම්.


ප්‍රේක්‍ෂකයෙක්‌





කුලියට ලියන්නාගේ වැඩ


ජයසිරි - අර කුලියට ලියන්නා මේ දවස්‌වල ඔන්න තවත් වැඩකට සෙට්‌ වෙලා.


පියසිරි - ඒ මොකද්ද ?


ජයසිරි - "ආකාස කුසුම්" වලට එක එක එක්‌කනාගෙ අදහස්‌ එකතු කරලා පොතක්‌ ගහනවා.


පියසිරි - ඉතින් වැඩේ යනවද?


ජයසිරි - මොන පිස්‌සුද ෘ චිත්‍රපටියේ අධ්‍යක්‍ෂතුමා කිව්වලු අතින් වියදම් කරගෙන මගේ චිත්‍රපටිය උඩදාගන්න මට ඕන නැහැ කියල.


පියසිරි - ඉතින් ?


ජයසිරි - ඉතින් මොනවද? ආපහු අපේ සිංහල පන්තියටම ගිහිල්ලා "ආකාස කුසුම්" පට්‌ට යවලා පත්තරවලට ලියනවලු








අනුන්ගේ වස්‌තුව


මහාචාර්ය ධුරයක්‌ ගන්න වලිකන කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය නැති කථිකාචාර්යවරයෙක්‌ මහාචාර්ය හේමපාල විජයවර්ධනයන් අගයන්න අනුන්ගේ ලිපි එකතු කරලා අනුන්ගේ වේදිකාවක පොතක්‌ එළිදක්‌වනවලු.


පියල් රාජපක්‍ෂ
sarasaviuyana@gmail.com

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v