ශැංහයි සත් සාමාජික රග්බි තරගාවලිය
ශ්‍රී ලංකාවට හත්වැනි ස්‌ථානය

රටවල් අටක සහභාගිත්වයෙන් පසුගියදා චීනයේදී නිමා වූ ශැංහයි සත් සාමාජික රග්බි තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්‌ඩායම එහි හත් වැනි ස්‌ථානය දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්‌ඩායම "ඒ" කාණ්‌ඩයෙන් තරග වදිමින් පළමු වටයේ සහභාගි වූ තරග ත්‍රිත්වයේදී තායිලන්තය සමග තරගය 24-7 ක්‌ වශයෙන් ජයගෙන දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබීය. පළමු වටයේදී ශ්‍රී ලංකාව ප්‍රබල ජපාන කණ්‌ඩායම ඉදිරියේ 36-0 ක්‌ ලෙස සහ චීන තායිපේ කණ්‌ඩායම ඉදිරියේ 17-0 ක්‌ වශයෙන් පරාජයට පත් වූහ.

දෙවැනි වටයේදී තරග ත්‍රිත්වයකට සහභාගි වූ ශ්‍රී ලංකාව ඉන්දියානු කණ්‌ඩායම 38-10 ක්‌ වශයෙන් පරාජය කරමින් හත්වැනි ස්‌ථානයට පත් වූ අතර එහිදී පළමු වටයේ ජය ගත් තායිලන්ත තරගය දෙවැනි වටයේදී 26-17 ක්‌ ලෙස පරාජයට පත්වූ අතර හොංකොං තරගය 41-7 ක්‌ වශයෙන් පරාජය විය. අදාළ තරගාවලියේ අවසන් මහ තරගයේදී ද. කොරියානු කණ්‌ඩායම ජපානය 42-19 ක්‌ වශයෙන් පරදා ශැංහයි සත් සාමාජික රග්බි ශූරතාව දිනා ගැනීමට සමත් විය.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v