එම්රේට්‌ස්‌ වෙතින් 2010 FIFA
ලෝක කුසලානය සඳහා විශේෂ පැකේඡ


ශ්‍රී ලංකාවේ සහ ලෝකය පුරාම සිටිනා පාපන්දු ලෝලීන්ට 2010 FIFA ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට දකුණු අප්‍රිකාවට සංචාරය කිරීම සඳහා එමිරේට්‌ස්‌ ගුවන් සේවය විශේෂ පැකේජ හඳුන්වා දී ඇත.

2010 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ නිල ගුවන් සේවය වන එම්රේට්‌ස්‌ ලබා දෙන මෙම පැකේජ වලට ගුවන් ගමන්, නවාතැන් පහසුකම්, තරගාවලිය නැරඹීම සඳහා ටිකට්‌පත් සහ ප්‍රවාහන සේවා ඇතුළත් වෙයි.

සම්මානලාභී එමිරේට්‌ස්‌ ගුවන් සේවය විසින් "ෆලොවි යෝ ටීම්"  නම් විශේෂ සංකල්පයක්‌ මෙම පැකේජ සඳහා ලබා දී ඇත. එය අවසාන තරගය පවත්වන ජුලි 11 දක්‌වාම වලංගු වන අතර තමා කැමති කණ්‌ඩායම තරගාවලිය සඳහා සුදුසුකම් නොලදහොත් පැකේජය සඳහා ගෙවන මුදල ආපසු ලබා දීමට එමිරේට්‌ස්‌ කටයුතු කරයි. එමෙන්ම සෑම තරගාවලියක්‌ සඳහා ප්‍රවේශ පත්‍ර ක්‍රීඩා ලෝලීන්ට ලබා දීමටද සූදානම් කර ඇත.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v