රාමසාන් නිවාඩු දිනයේදී කොමර්ෂල් බැංකුවේ
ශාඛා 80 කට අධික සංඛ්‍යාවක්‌ විවෘතව තිබේ


රාමසාන් උත්සවය නිමිත්තෙන් ප්‍රකාශයට පත් කොට ඇති රජයේ හා බැංකු නිවාඩු දිනයක්‌ වන සැප්තැම්බර් 21 සඳුදා කොමර්ෂල් බැංකුවේ ශාඛා 80 කට වැඩි ප්‍රමාණයක්‌ ගනුදෙනු සඳහා විවෘතව තැබෙනු ඇත.

කොළඹ සහ ගම්පහ දිස්‌ත්‍රික්‌ක වල පිහිටා ඇති සංඛාවෙන් 84 ක්‌ වන සිය ශාඛාවන් මෙම නිවාඩු දිනයේදී විවෘතව තැබෙන බව ශ්‍රී ලංකවේ පුද්ගලික බැංකු ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව නිවේදනය කර සිටී. මීට අමතරව බැංකු, වෙළෙඳ හා රජයේ නිවාඩු දිනවලදී විවෘතව තැබෙන දිවයින පුරා විසිරුනු සුපිරි වෙළෙඳසල් බැංකු කවුන්ටර සහ 365 දින බැංකු සේවා මධ්‍යස්‌ථාන 23 කුත් කොමර්ෂල් බැංකුව සතුය.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v