ශ්‍රී ලංකා විදේශ සංචිතය  ඇ. ඩොලර් බිලියන 4 ඉක්‌මවයි

ශ්‍යාම් නුවන් ගනේවත්ත

මේ වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ඉක්‌මවා ගොස්‌ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාවූ වැඩිම විදේශ සංචිත මට්‌ටම බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සංචිත ප්‍රමාණය මාස 4.4 ක ආනයන ආවර්ණය කිරීමට ප්‍රමාණවත් බවද මහ බැංකුව ඊයේ නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්‌වේ.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v