ඉරාකයේ විශාලතම සිරකඳවුර ඇමෙරිකාව වසා දමයි

ඉරාකය (ඒපී)

ඇමෙරිකාව විසින් ඉරාකයේ පවත්වාගෙන ගිය විශාලතම සිර කඳවුර පසුගිය බදාදා වසා දමනු ලැබීය. කාන්තාරයක්‌ මැද පවත්වාගෙන ගිය මෙම කඳවුර තුළ සිරකරුවන් දහස්‌ ගණනක්‌ සිරකොට තබාගෙන ඇත. මෙය බුක්‌කා කඳවුර නමින් හැඳින්වේ.

මේ සිsරකරුවෝ බොහොමයක්‌ මුදා හැරීමට හෝ ඉරාක බලධාරීන්ගේ භාරයට පත් කිරීමට නියමිතය.

මෙම කඳවුර කුවේට්‌ දේශ සීමාවට ආසන්නව පිහිටා තිබූ ස්‌කයි, සුන්හි ත්‍රස්‌තවාදීන්, ෂියා අන්තවාදීන් සහ අල් කයිඩා සැකකරුවෝ ඇමෙරිකාව විසින් මෙහි රඳවා තබාගෙන ඇත.

මුදාහරිනු ලැබූ සමහර සැකකරුවන් නැවත වරක්‌ ත්‍රස්‌තවාදී ක්‍රියා කෙරෙහි යොමු වී ඇති බව ඉරාක බලධාරීහු පවසති.

බුක්‌කාහි පිහිs මෙම කඳවුර භාරව කටයුතු කරන ලුතිනන් කර්නල් කෙනන්a කිං පවසන්නේ මෙම කඳවුරෙහි ඉරාකයට පමණක්‌ නොව මුළු ලෝකයටම තර්ජනයක්‌ විය හැකි ත්‍රස්‌තවාදීන් සිsටින බවය.

මොවුන්ගෙන් වැඩි පිරිසක්‌ රාත්‍රි කාලයේදී ටාජි කඳවුර ක්‍රෝපර් කඳවුර වෙත ගෙනයන ලදී.

එහෙත් ඉරාක බලධාරීන් පවසන්නේ මුදාහරින රැඳවියන්ට රැකියා සොයාගැනීම අපහසු කාරණයක්‌ වන බවය. එසේ වුවහොත් නැවත වරක්‌ ඔවුන් ත්‍රස්‌තවාදී නායකයන්ගේ ගොදුරු බවට පත් වීමට ඉඩකඩ ඇති බවය.

සාක්‍ෂි නොමැතිකම නිසා ජනවාරි මාසයේ සිට මේ දක්‌වා රැඳවියන් 5600 නිදස්‌ කර ඇත. 1400 ක්‌ ඉරාක බලධාරීන් වෙත පවරා ඇත. ඇමෙරිකා හමුදා යටතේ 8400 ක්‌ පසුවෙයි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v