පලිගැනීම්වලට ලක්‌වූ සෙබළකුගෙන් යුද හමුදාපතිට දුක්‌ගැනවිල්ලක් සමන් ගමගේ දීර්ඝ කාලයක සිට උසස් හමුදා නිලධාරීන් කිහිප දෙනකුගේ පලිගැනීම්වලට ලක්‌වූ යුද හමුදා සෙබළකු තමන්ට වන අසාධාරණකම් ඉවසාගත නොහැකිව පිළිසරණක් පතා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා වෙත ලියාපදිංචි තැපෑල මගින් දුක්‌ගැනවිල්ලක් ඉදිරිපත් කර ඇතැයි යුද හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම දුක්‌ගැනවිල්ල ඉදිරිපත් කළ සෙබළා විසි වසරක් පුරා යුද හමුදාවේ සේවය කරමින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක වූ සක්‍රීය මෙහෙයුම් රාශියකට දායක වී ත්‍රස්‌ත ප්‍රහාරවලට ගොදුරුව අවස්‌ථා කිහිපයකදීම තුවාල ද ලබා රණශූර පදක්‌කම පවා ලබා සිටියද ඉහත හමුදා නිලධාරීන්ගේ පලිගැනීම් නිසා අදටත් ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස සේවය කරමින් සිටින බවද කියයි. කලකට ඉහත ක්‍රියාන්විත ප්‍රදේශයක රාජකාරි කරමින් සිටි යුද හමුදා එAකක අණදෙන නිලධාරියකු සිදු කළ දූෂිත ක්‍රියාවක් සම්බන්ධයෙන් සිදුවූ පරීක්‍ෂණයකදී එම නිලධාරියාට එරෙහිව යුද හමුදා පොලිසියට සත්‍ය හෙළි කිරීම මොහු මෙසේ ඉහළ හමුදා නිලධාරීන්ගේ පලිගැනීමට ගොදුරුවීමට ප්‍රධාන හේතුව බවද ඉහත අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. දිගින් දිගටම මෙසේ තමන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳ සිය එAකකයේ විධායක නිලධාරීන්ට හා ප්‍රදේශ ආඥපතිවරයාට පැවසීමට යුද හමුදා සම්ප්‍රදාය අනුව දුක්‌ගැනවිලි ඉදිරිපත් කරමින් මොහු අවස්‌ථා ගණනාවකදී උත්සාහ දරා ඇතත් ඉහත කී උසස් හමුදා නිලධාරීන් උපක්‍රමශීලීව ඉහළ නිලධාරීන් හමුවීමට මොහුට ඉඩ ලබානොදීම නිසා මෙම සෙබළා තම දුක්‌ගැනවිල්ල මෙලෙස තැපැල් මගින් හමුදාපතිවරයාට යවා ඇතැයි පැවසේ.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v