හෙළ සාහිත්‍යයේ ස්‌වර්ණමය යුගය හා
කෝට්‌ටේ සවැනි පරාක්‍රමබාහු රජතුමා


ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ රාජධානි පහළොස්‌වක සියවස මුල සිට අග තෙක්‌ ද, ඉනික්‌බිතිව සෑහෙන කාලයක්‌ තිස්‌සේ සිරිලක අගනුවර බවට පත්විය. සියවසකට අධික කාලයක්‌ කෝට්‌ටේ අගනුවර වශයෙන් පැවැති සමය ලංකාවේ දේශපාලන කටයුතු අතින් ද භාෂා සාහිත්‍යය සහ කෘෂිකර්මාන්තය අතින් ද සුවිශේෂ වකවානුවක්‌ බව පැවසිය යුතුය.

එහෙත් පහළොස්‌වක සියවස එළැඹීමට පෙර දුර්වල සිංහල රජවරුන් වසර සියයක්‌ පමණ මෙරට කෝට්‌ටේ නගරය අගනුවර වශයෙන් පාලනය කළේය. යම් යම් ප්‍රදේශ සිය පාලනයෙන් තොරවය. දකුණු ඉන්දියානු ද්‍රවිඩ බලපෑම් නිසා යාපන ප්‍රදේශයේ ද්‍රවිඩ රජවරුන්ගේ පාලනයටත්, දැදිගම, ගම්පොල, පේරාදෙණිය හා රයිගම යන ප්‍රදේශ ප්‍රාදේශීය සිංහල රජවරුන්ගේ පාලනයටත් නතු වූහ. මේ කුඩා දිවයින ඒකීය රාජ්‍ය පාලනයෙන් මිදී ගිය බැවින් තනි රජකුගේ පාලනය යටතේ දක්‌නට ලැබෙන ආර්ථික ශ්‍රී විභූතිය, දේශපාලන බලය සහ සංස්‌කෘතික දියුණුවය දිනෙන් දින ඈත් වන්නට විය. තවද ගම්පොළ රජකම් කළ තුන්වන වික්‍රමබාහු රජු ක්‍රිස්‌තු වර්ෂ 1356 සිට 1374 දක්‌වා රජ කළ වකවානුව තුළ වීර අලකේෂ්වර හෙවත් අලගක්‌කෝනාර ඇමැතියි ප්‍රභූ රාජයකු වශයෙන් සිටියදී දෙමළ සෙනඟ සහ ආර්ය චක්‍රවර්තීන් පලවා හැර මෙම නගරය ගොඩනැගූ බව ඉතිහාසයේ සඳහන් ය.

වීර අලකේෂ්වරයාණන්ගෙන් පසු කෝට්‌ටේ රජ බවට පැමිණියේ සයවැනි සිරි පැරකුම්බා රජුය. මෙතුමා ක්‍රිස්‌තු වර්ෂ 1515 දී ලක්‌දිව එකම සිංහ කොඩියක අණසක යටතේ පාලනය කරමින් රටේ උන්නතිය සඳහා සෑම විටම කටයුතු කළේය. සයවැනි පැරකුම්බා රජ කෝට්‌ටය අගනගරය කරගෙන මුළු සිරිලකට අගරජ බවට පැමිණි වසර පිළිබඳව විවිධ මත පළවේ. සිරි රහල් හිමියන්aගේ පංචිකා ප්‍රදීපයෙහි රාජ්‍ය වර්ෂය ක්‍රි. ව. 1412 දී සිදු වූ බව සඳහන් වේ. තවද පැපිළියානේ එක්‌ සෙල් ලිපියක එම වසර ක්‍රි. ව. 1412 වන අතර තවත් එහිම ඇති සෙල් ලිපියක ක්‍රිස්‌තු වර්ෂ 1415 දී රජතුමා අභිශේක ලත් බවය. (කතිකාවත් සඟරාවය ඩී. බී. ජයතිලක) (1922 පැපිලියානේ සෙල්ලිපිය.)

මේ රජතුමා රයිගමදී ක්‍රි. ව. 1412 දී ඔටුනු පැළැන්ද හෙයින් රාජ්‍යෙdද්‍ය වර්ෂය එය ලෙස පිළිගැනේ. කෝට්‌ටේ රාජ්‍යත්වයට පැමිණියේ ක්‍රි. ව. 1415 දී ය. එබැවින් මේ රජතුමා රයිගමදී ඔටුනු පැළැන්ද බව "පැරකුම්බා සිරිතෙහි" එන පහත සඳහන් කවියෙන් පෙනේ.

"උතුම් ගුණ යුත් මෙ පැරකුම්බා

නිරිදු රයිගම් නම් පුරා

බරණ සූ සැට සිද්ද වොටුනුත්

පැළඳ විලසින් පුරදරා"

ක්‍රි. ව. 1412 දී මේ රජු රයිගමදී රජ වී තැනින් තැන සිටි ප්‍රාදේශීය රජුන් මෙල්ල කොට. ක්‍රි. ව. 1415 දී සකල ශ්‍රී ලංකාවේම රජ බවට පැමිණි බව නූතන විද්වතුන්ගේ පිළිගැනීමයි.

මේ රජතුමාගේ රාජවංශය ගැන "පැරකුම්බා සිරිතෙහි" සහ සිරි රහල් හිමියන්ගේ කාව්‍ය ශේකරයෙහි සඳහන් වේ. රජතුමාගේ මෑණියන් කලිඟු රට රාජ වංශයට අයත් සුනේත්‍රා නම් දේවියක බවත් සඳහන් වන අතර එතුමිය සිහිවීම සඳහා පැපිළියානේ සුනේත්‍රා දේවි පිරිවෙන ඉදිකරන ලද බව ද එම ග්‍රන්ථ දෙකේම සඳහන් ය. මහනුවණැති සාහිත්‍යකාමී මේ නිරිඳුන්ගේ පිය පෙළපත දේවානම්පියතිස්‌ස රජ සමය දක්‌වා දිව යයි. දහම් සෝ රජුගේ ඉල්ලීම පරිදි සඟමිත් තෙරණිය සිරිමා බෝපැළය ලක්‌දිවට ගෙන එන විට 18 කුලයක කුමාරවරු ඇය සමඟ මෙරටට පැමිණියහ. එම කුමාරවරු අතරින් "සුමිත්‍ර" නම් කුමරු හට දේවානම්පියතිස්‌ස රජතුමා විසින් "ජයමහලේනා" යන පදවිය ප්‍රදානය කරන ලදී. සවන පැරකුම්බා රජතුමාගේ පියා එම කුමරුන්ගේ පරපුරෙන් පැවතෙන බවත්, එතුමා ද එම පදවිය හෙබවූ බවත් සඳහන් ය. "ජයමහලේනා" සුමිත්‍ර කුමරුගෙන් පැවති ආ සවුලු විජයබාහු රජුගේ පුතෙකු බවත් මහ පැරකුම්බා රජුගේ මුණුපුරෙකු බවත් ශ්‍රීමත් ඩී. බී. ජයතිලක ශරීන්ට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන් ලැබුණු රාජාවලිය පිටපතක සඳහන් වේ. (පැරකුම්බා සිරිත අබේගුණරත්න සංස්‌කරණය 1940 හැඳින්වීම ඩී. බී. ජයතිලක.)

සවන සිරි පැරකුම්බා රජු කෝට්‌ටේ රජ වූ නොබෝ දිනකින්ම මුළු හෙළ දිවයිනම එකම සිංහ කොඩියක සෙවනේ යෙහෙන් වැජබෙන්නට විය. සතුරු කරදරවලින් තොර වී සියලුම ජාතීන් අතර සාමය, සමගිය වඩ වඩාත් පැතිරෙන්නට විය. මේ නිසා දිවයිනේ සෑම ප්‍රදේශයකම ආර්ථික, සාමාජික, ආගමික පිබිදීමක්‌ ගොඩනැගිණි. රජතුමා සාහිත්‍යකාමියෙකි. දැහැමි බෞද්ධයෙකි. ඇමැති මඩුල්ල භාෂා සාහිත්‍යය, ගණිතය, විද්‍යාව හා තාක්‍ෂණය අතින් පිරිපුන් පිරිසක්‌ නිසා රජතුමාට රට පාලනය කිරීමට දැඩි ආයාසයක්‌ ඇවැසි නොවීය. නිරන්තරයෙන් මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබමින් දැහැමින් සෙමෙන් රට පාලනය කළේය. ඔහු කෝට්‌ටේ අභිසෙස්‌ ලැබුවේ කීර වැල්ලෙන් (රාජාවලිය 48 වැනි පිටුව) රාජවංශික කුමරියක ආවාහ කරගෙනය. මේ නිසා රජතුමාට සිහසුන කෙරෙහි ඇති අයිතිය වඩාත් තහවුරු බවට සැකයක්‌ නැත. මේ රජතුමාට පුත් කුමාරවරු නොසිටියහ. චJද්‍රdවති, ලෝකනාථා (අලකුඩය) නමින් දියණියන් දෙදෙනෙක්‌ වූහ. දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණ පදිංචි වී සිටි පනික්‌කාර් නම් නායකයකුගේ පුතුන් දෙදෙනෙකු සිය පුත් කුමාරවරු ලෙස ඇති දැඩි කරගත්තේය. දෙබෑයෝ සපුමල් කුමරු හා අම්බුලුගල කුමාරයා නම් වූහ. මේ රජතුමාගේ පුත් තනතුරෙහි වැඩුණු අනෙක්‌ කුමරා නම් පැවිදි බිමට පැමිණි හෙළයේ මහා පඬිරුවනක්‌ වී ලෝක පූජිත ෂඩ් භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල නාහිමිපාණන් වහන්සේය. සතර කෝරලේ පාලකයා වශයෙන් සිටි මායාදුන්නේ කුමරු ඔහුගේ එකම සොහොයුරාය.

සිය පුත් තනතුරේ හැදුනු වැඩුණු සපුමල් කුමාරයා යාපනයට යවා එය විදේශ ආධිපත්‍යයෙන් මුදවා එහි බලය ස්‌ථාපිත කළේය. තවද උතුරේ ද්‍රවිඩ රජුන්ගේ මෙන්ම රටේ විවිධ ප්‍රදේශ අල්ලා ගෙන රජ කළ ප්‍රාදේශීය රජවරුන්ගේ පාලනය විසිරුවා හැර රට දේශපාලනමය වශයෙන් එක්‌ සේසත් කිරීමට දුක්‌ සේ හා සියුම්ව කළ යුතු කාර්යයක්‌ බව රජතුමාට වැටහී ගියේය. මේ රජතුමාගේ රාජ්‍යය කාලයේ මුලින්ම සිදු වූයේ ගිරා සංදේශයෙහි සඳහන් පරිදි වන්නි පෙදෙස්‌ 18 ක ප්‍රාදේශීය රජවරු පලවා හැර බලය සියතට ගැනීමයි. තවද මේ රජතුමා කිසිම කෙනෙකුට රටේ ඒකීය බව නැති කිරීමට ඉඩ නොතැබූ අතර සියලුම ජාතීන්ට සිය ආගම් ඇදහීමට කාව්‍යකරණයේ යෙදෙන සාහිත්‍යකාමීන්ට තෑගි බෝග දීම යන ආදිය පවා කළේය. මේ රජතුමා සාහිත්‍යකාමීන්ගේ ප්‍රයෝජනය සඳහා "රුවන්මල් නිඝණ්‌ටුව" නම් ගද්‍ය පොතක්‌ කරවීය. මේ නිසාම කෝට්‌ටේ ප්‍රධාන කොට රටේ සෑම ප්‍රදේශයකම ගද්‍ය, පද්‍ය, සාහිත්‍ය නවෝදයක්‌ ඇතිවිය. එබැවින් මේ ප්‍රතාපවත් රජතුමා සෑම කෙනෙකුගේම නෙමඳ ගෞරවයටත් ආදරයටත් පාත්‍ර විය.

දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු වැනි ශ්‍රේෂ්ඨ නරපතියන් මෙන්ම මේ රජතුමා ද බුද්ධාගමේ චිරස්‌ථිතිය සඳහා අනුපමේය සේවාවක්‌ කළේය. එමෙන්ම හින්දු බැතිමතුන්ගේ පූජනීය කටයුතු උදෙසා යාපනයේ නල්ලූර් කෝවිල සපුමල් කුමාරයා විසින් ගොඩනැගූ වකවානුව තුළ බත්තරමුල්ලේ ඉසුරු කෝවිල ඉදිවිය.

එපමණක්‌ නොව, සවැනි පැරකුම් යුගයේ භාෂා සාහිත්‍ය, ආර්ථික, ආගමික මෙන්ම සංස්‌කෘතික වශයෙන් රටේ විශාල ප්‍රබෝධයක්‌ ඇතිවිය. එකල සිටි මහා පඬිරුවනක්‌ වූ තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණන් මෙන්ම ශ්‍රේෂ්ඨ පඬිවරු රාශියක්‌ පිරිවෙන් හ ඊට අනුබද්ධ කුඩා අධ්‍යාපන ආයතන බිහිවූහ. එමෙන්ම ස්‌වභාවික වෘක්‍ෂලතා ආදිය ගංගාවන් සංරක්‍ෂණය කිරීම ජනයාගේ සෞඛ්‍යයට හිතසුව පිණිස වූ බැවින් බත්තරමුල්ලේ කොන්තගන්තොට, දියවන්නාඔය වැනි ස්‌ථාන රජ අණසකට යටත් ප්‍රදේශ වශයෙන් හැඳින්විය. තවද එහි තිබුණු රජමල්වත්ත ප්‍රදේශය අද ද ඒ නමින් හැඳින්වේ.

කෝට්‌ටේ ඓතිහාසික රාජමහා විහාරයේ රමණීය මැඳුරක ශ්‍රී දළදා වහන්සේ තැන්පත් කොට දළදා අනුහස්‌ ලබමින් රජතුමා සැම විටම දැහැමි පාලනයක්‌ ගෙන ගියේය. මෙකළ කැකුන ඉටි යෙදූ පන්දම්වලින් හෙබි පහන් රෑ කල කෝට්‌ටේ නගරය ඒකාලෝක කෙරින. එහි දැකුම්කළු දෙමහල් මන්දිර පවා මේ නගරයේ දිස්‌ වූ බව ඉතිහාසයෙන් පෙනේ.

කෝට්‌ටේ අග නගරය තුළ මේ යුගයේ වෙහෙර විහාර කීපයක්‌ම මේ රජතුමා විසින් ඉදිකරන ලදී. අප මෙහි සඳහන් කරන ලද පැපිළියානේ සුනේත්‍රා දේවි පිරිවෙනට අමතරව නුගේගොඩ සුභද්‍රdරාමය, විඡේරාම පන්සල, දෙහිවල කරගම්පිටිය පන්සල - කොරතොට විහාරය, කෝට්‌ටේ පැරකුම්බා පිරිවෙන ඉන් සමහරකි. කෝට්‌ටේ පහල වූ මේ දැහැමි රජතුමාගේ නාමය මෙන්ම දැහැමි පාලනයක්‌ මුළු රට පුරා පැතිරෙන්නට විය. එහෙයින් දෙවිනුවර තිලක පිරිවෙණ හා ඊට අනුබද්ධ වාව්වේ වනවාසල ධර්ම රක්‍ෂිත පිරිවෙන, කෑරගල පද්මාවතී පිරිවෙන ඇතුළු ශිල්පායතන රාශියක්‌ නිසා අපේ රට භාෂා සාහිත්‍ය කලා ශිල්ප අතින් ලෝකයේ සෙසු රටවලට නොදෙවැනි තත්ත්වයක තිබිණි. තවද ගැමියන්ගේ සාක්‍ෂරතාව වැඩිදියුණු කළ පස්‌ පිරිවෙන - ගතාරා පිරිවෙන ආදී කුඩා ශිල්පායතන කීපයක්‌ තිබිණි.

සාහිත්‍ය අම්බරයේ දිදුලන තාරකාවක්‌ බඳු කෝට්‌ටේ පුරවරය මුළු රටට පමණක්‌ නොව අසල්වැසි ඉන්දියාවට ද ආදර්ශයක්‌ විය. දකුණු ඉන්දියාවේ චෝල ප්‍රදේශයෙන් මෙරටට පැමිණි නත්නූරු කුනයා, ශ්‍රී රාමචJද්‍ර භාරතී වැනි සාහිත්‍යකාමීන් ව්‍යක්‌ත ලේඛකයන් බවට පත්වූහ.

කෝට්‌ටේ යුගයේ බිහිවූ සංදේශ කාව්‍ය පහකි. ඒවා ලියෑවුණු පිළිවෙලින් හංස සංදේශය, පරෙවි සංදේශය, සැළලිහිණි සංදේශය, ගිරා සංදේශය හා කෝකිල සංදේශයයි

කෝට්‌ටේ සාහිත්‍ය යුගය ගැන ගවේෂණය කිරීමේදී බොහෝ ලේඛකයන් සිය ආදරණීය පැරකුම් රජතුමා සියලු සතුරු කරදරවලින් මුදවා රැක දෙන ලෙස ත්‍රිවිධ රත්නයෙන් සහ සියලුම දෙවිවරුන්ගෙන් පිහිට ඉල්ලා කාව්‍යකරණයෙහි යෙදීමයි.

"හංස සංදේශය කළැයි සලකන පළමු වීදාගම හිමියන් රතන සූත්‍රය පිරුවා බෞද්ධ දෙවිවරුන්ට පින්දී ඒ දෙවිවරුන්ගේ ආශිර්වාදය ඉල්ලා සිටියේ මේ රජතුමා ඇතුළු සිය පවුල රැකදෙන ලෙසයි. මෙම සංදේශය ඒ හිමියන් විසින් කෑරගල පද්මාවතී පිරුවන්පති වනරතන නාහිමියන් වෙත හංසයකු අතේ යවන ලදී. එබැවින් එය හංස සංදේශය විය.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් විසින් ලියන ලද සාහිත්‍ය පොත් පහකි. එයින් පොත් දෙකක්‌ ගද්‍ය රචනා පොත් ය. මේ හිමියන් ලියූ පළමු සංදේශ කාව්‍ය වූයේ පරවි සංදේශය ලිවීමට හේතුවූයේ සවැනි පැරකුම් රජුයේ දෙටු දියණියට සුදුසු ස්‌වාමිපුරුෂයකු ලබාගනු වස්‌ දේවාශීර්වාදය උදෙසා දෙවි නුවර උපුල්වන් දෙවොල වෙත පරවියා අතේ සංදේශය යෑවීමයි.

මේ රජුගේ කනිටු දියණිය වූ ලෝකනාථ (උලකුඩය) කුමරියට පින්වත් පුත් කුමරකු ලබා දෙන ලෙස කැලණියේ විභීෂන දෙවියන් යදිනු සඳහා කෝට්‌ටේ කොන්තගන් තොටින් සැළලිහිනියා අතේ සංදේශය කැලණි විහාරයේ විභීෂණ දෙවොල වෙත යෑවීමයි. පංචිකා ප්‍රදීපය, සහ බුද්දිප්ප සාධනිය ගද්‍ය පොත් දෙක වන අතර කාව්‍යශේකරය මේ හිමියන්ගේ අනික්‌ කාව්‍ය ග්‍රන්ථයයි.

ගුණපාල දෙවිනුවර

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v