ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ
දස වැනි සංවත්සරය සමරයි


ප්‍රභාත් විතාන

1999 වසරේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය පිහිටුවන ලද්දේ රට තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පැවැති තොරතුරු තාක්‍ෂණ කර්මාන්තයට අවශ්‍ය තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන්ට අධ්‍යාපනය සහ පුහුණුව ලබාදීම සඳහාය. මෙම පුරෝගාමී මෙහෙවර ක්‍රියාත්මක වුණේ එකල ආහාර සඳහා අභ්‍යන්තර සහ අන්තර්ජාතික වාණිජ කටයුතු අමාත්‍යාංශයේ, අධ්‍යාපන සහ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය යටතේය. මහපොළ උසස්‌ අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල විසින් මූලික මූල්‍ය පහසුකම් සහ අක්‌කර 25 ක්‌ වූ මාලබේ භූමි ප්‍රදේශය නව ගොඩනැඟිල්ල සඳහා රජයෙන් ලබාදෙන ලදී.

ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය මේ වන විට විශ්වවිවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත සමස්‌ත පොදුරාජ්‍ය මණ්‌ඩලයේ විශ්වවිද්‍යාල සහ උසස්‌ අධ්‍යාපන ආයතන 2700 කින් සමන්විත පොදු රාජ්‍ය මණ්‌ඩලයීය විශ්වවිද්‍යාලයන්ගේ ගෞරවනීය එකමුතුවෙහි සාමාජිකත්වය උසුලන විශිෂ්ට පිළිගැනීමක්‌ සහ ආයතනයක්‌ බවට පත්වී තිබෙන්නේ එහි ප්‍රගතිය ලෝකයටම කියා පාමිණි.

ඉංජිනේරුවරුන් සහ තොරතුරු තාක්‍ෂණ උපාධිධාරීන් 10000 කට වැඩි පිරිසකට මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ප්‍රමුඛතම ඉංජිනේරු සහ තාක්‍ෂණ අධ්‍යාපන ආයතනය ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය මෙරට තෘතීයික අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දසවැනි සංවත්සරය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් සැමරීය. වසර ගණනාවක්‌ පුරා මෙරටට බිහිකළ දස දහසකට අධික තොරතුරු තාෂණ වෘත්තිකයන් පිරිස මේ වන විට සමස්‌ත ශ්‍රී ලාංකික තොරතුරු තාක්‍ෂණ සේවා බලකායෙන් තුනෙන් එකක ප්‍රමාණයකට ආසන්න බව සාඩම්බරයෙන් පවසන්නට ආයතනයට හැකියාව ලැබී ඇත.

ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය ඇති කළේ ශ්‍රී ලංකාවේ ස්‌ථාවර සහ ශක්‌තිමත් තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයක්‌ සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මනා පුහුණුවක්‌ ෂCඔ වනෘත්තිකයන්, විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් පිරිසක්‌ බිහි කිරීම සඳහාය. රජයේ විශ්වවිද්‍යාල තුළින් බිහිකරන ඉංජිනේරු සහ තොරතුරු තාක්‍ෂණ උපාධිධාරීන් ප්‍රමාණය අනුපූරණය කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමේ ප්‍රධාන භූමිකාවට දායක වුණේ එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඇතැමෙක්‌ ඔවුන්ගේ වෘත්තීන්ගේ ඉහළම රැඳුනු විශිෂ්ටයන් කරවමිනි.

"මේ දසවන සංවත්සරය ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතන ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්‌ථානයක්‌. මේ වන විට ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ දියුණුම අධ්‍යාපනයක්‌ සහ පුහුණුවක්‌ සහිත උපාධිධාරීන් බිහි කරන විශාලතම සහ ප්‍රමුඛතම ආයතනයට බවට පත්වී තිබෙනවා යෑයි ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය තිස්‌ස කරුණාරත්න මහතා පැවසීය. කලාපයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල සමග කරට කර සිටිමින් අන්තර් ජාතික මට්‌ටමේ අධ්‍යාපනයක්‌ ලබාදෙන්නට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහ උපදේශන සම්පත් ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය සතුව තිබෙනවා යෑයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

"අපි අපගේ අධ්‍යාපන වැඩසටහන්වල සහ උපාධිධාරීන්ගේ තත්ත්වය පිළිබඳව ඉතා සැලකිමිත් වෙනවා. මේ දසවන සංවත්සරය අප විසින් අත්කර ගත් විශිෂ්ට ප්‍රගතිය ඔස්‌සේ සමස්‌ත ජාතියට උදා කර තිබෙන යහපත් බලපෑම පිළිබඳ දැනුවත්භාවයක්‌ ඇති කිරීමට අවස්‌ථාවක්‌ කර ගන්නවා යෑයි ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි කළමනාකාර අධ්‍යක්‍ෂ සහ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා සඳහන් කළේය.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v