ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය යුද අපරාධ
වාර්තාවේ සැලසුම්කරු රොබට්‌ බ්ලේක්‌ !


රොබට්‌ බ්ලේක්‌

* බර්ලිනයේ ක්‍රිම්නර් වීදියේ කුමන්ත්‍රණ කල්ලිය හෙළිවේ

* ජර්මනියේ පැවැත්වෙන ශ්‍රී ලංකා විරෝධී සමුළුවට කැලණිය විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්‌ හා නවක චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්‌

* මෙරට එන්.ජී.ඕ. ප්‍රධානීන් ඇමරිකාවට කැඳවූ සාම ආයතනය මෙහෙයවන්නේ හිටපු සී.අයි.එA. ඔත්තු සේවා ප්‍රධානි හා වත්මන් ආරක්‍ෂක ලේකම් රොබට්‌ ගේට්‌ස්‌

යුද මුක්‌ත කලාපයේ සිට කොටි හඬ නැඟූ තමිල්වානි

* කොටි බෝම්බකාරියන් ගැන චිත්‍රපට හැදූ යා ටීවී නිෂ්පාදිකාවක්‌ මාධ්‍ය ආචාර ඉගැන්වීමට සම්බන්ධවේ

* වවුනියාවේ කළුකොටි බෝම්බකාරියන් සේවය කළේ පොස්‌ඩෝ සංවිධානයේ

* නැවියන් 100 කගේ මරණවලට වගකිවයුතු උසස්‌ නාවික නිලධාරියාට කිසිම නඩුවක්‌ නැහැ. ගාලූ නාවික කඳවුර කොටින්ගෙන් බේරාගත් නිලධාරියා වරදකරු කරලා

ඇමරිකානු ජෝර්ඡ් බුෂ් පාලනය යුද අපරාධ කළ බවට පැහැදිලියි.

ඇමරිකානු මේජර් ජනරාල් අන්තෝනියෝ ටගුබා - යුද හමුදා විමර්ශන - 2003

There is no Longer any doubt that the Bush administration commited war crimes - U. S. Major Gen Antonio Tagube Army investigatior - 2003

ජෝරඡ් බුෂ් සහ ඔහුගේ නිලධාරීන්ට එරෙහිව නඩු පවරන්නේ නැහැ

- වත්මන් ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා

They will not be charged President Obama

කොටි ඝාතක සමාගම සමූල ඝාතනයවීම නිසා වඩාත්ම කම්පනයට පත්වූයේ මෙරට හිටපු ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ සහ කොළඹ සිටින කොටි හිතවාදීන්ය. පසුගිය සතියේදී බ්ලේක්‌ ශ්‍රී ලංකා බලධාරීන් වෙත දැනුම්දීමක්‌ කරමින් ශ්‍රී ලංකා රජය යුද අපරාධ කළ බවට වාර්තාවක්‌ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කරන බව කියා සිටියේය.

එ අනුව පසුගිය සඳුදා යුද අපරාධ පිළිබඳ ඇමරිකානු තානාපති ස්‌වීපන් රැප් නමැත්තා එවන් වාර්තාවක්‌ කොංග්‍රසය වෙත යොමු කරනු ලැබීය.

ශ්‍රී ලංකා රජයටත් ආරක්‍ෂක හමුදාවටත් එරෙහිව මේ සාවද්‍ය යුද අපරාධ වාර්තාව ඉදිරිපත්වීමට තෙදිනකට පෙර යුරෝපා කොටි වෙබ් අඩවියේ මෙලෙස සඳහන් විය. "ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වයට හා ආරක්‍ෂක හමුදාවට මෙන්ම පොලිසියට එරෙහිව යුද අපරාධ පිළිබඳ නඩුවක්‌ සකස්‌ කරමින් සිටී. මේ ක්‍රියාදාමය පිටුපස සිටින්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ස්‌ථානගතව සිටින රොබට්‌ බ්ලේක්‌ය.

මේ නිසා මේ සාවද්‍ය වාර්තාව සකස්‌ වී ඇත්තේ බ්ලේක්‌ගේ අවශ්‍යතාව මත යෑයි සනාථ වේ. ප්‍රභාකරන් ඝාතකයා ප්‍රමුඛ කොටි ඝාතක කණ්‌ඩායම සමූල ඝාතනය කළ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව මෙකී යුද අපරාධ වාර්තාව සකස්‌වීමට පෙර ඇමරිකානු සාම ආයතනය විසින් මෙරට ප්‍රධානතම එන්.ජී.ඕ. ප්‍රධානීන් දෙදෙනකු ඇමරිකාවට කැඳවනු ලැබීය. මේ ඇමරිකානු සාම ආයතනයට  අරමුදල් සපයන්නේ ඇමරිකානු කොංග්‍රසයයි.

මෙකී ඇමරිකානු සාම ආයතනයේ පාලක මණ්‌ඩලයේ සාමාජිකාවක්‌ වන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්‌ලින්ටන්ය.

මෙලෙස ඇමරිකානු රජයට සම්බන්ධ මේ සාම ආයතනය විසින් ශ්‍රී ලංකාවේ තත්ත්වය විමසීමට ගෙන්වූ එන්.ජී.ඕ. ප්‍රධානීන් දෙදෙනාව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට කැඳවූ රොබට්‌ බ්ලේක්‌ ඔවුන් සමග රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

මේ එන්.ජී.ඕ. ප්‍රධානීන් දෙදෙනා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් නොවන අතර ඔවුන්ව රාජ්‍ය දෙපාර්තමේන්තුවට කැඳවීමට බ්ලේක්‌ ක්‍රියා කළේ ඇයි?

කොටින්ට එරෙහි යුද මෙහෙයුම නතර කිරීමට විවිධාකාර ක්‍රමවේදයන් දරමින් යළිත් අලුතින් සටන් විරාම ගිවිසුමක්‌ පවා යෝජනා කළ මොවුන්ගේ මෙම ඇමරිකානු සංචාරය සැලසුම් කළේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියකු වූ ඡේම්ස්‌ මුන්රේය.

විදේශ අරමුදල් මත යෑපෙන මොවුන් ආපසු ඇමරිකාවේ සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන යානාවේ සිටියේ ද මේ ඇමරිකානු නිලධාරියායි.

සුනාමි සමයේදී කොටි සංවිධානය විසින් යෝජනා කළ එකාබද්ධ යාන්ත්‍රණයට රජය සම්බන්ධ කරලීමට මින් එක්‌ එන්.ජී.ඕ. ප්‍රධානියෙක්‌ දැඩි උත්සාහයක්‌ ගනු ලැබීය.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවට එරෙහි බ්ලේක්‌ කුමන්ත්‍රණය තහවුරු විය. ඇමරිකානු කොංග්‍රසයට හා රාජ්‍ය දෙපාර්තමේන්තුවට සම්බන්ධ ඇමරිකානු සාම ආයතනය මොවුන් ඇමරිකාවට ගෙන්වූයේ රටේ තත්ත්වය විමසීමට යෑයි පිළිගත හැකිද? එසේම රටේ තත්ත්වය ගැන ඇමරිකානුවන්ට පැවසීමට මෙම එන්.ජී.ඕ. ප්‍රධානීන් දෙදෙනා තමන් කවුරුන් කියා සිතන්නේද?

ශ්‍රී ලංකා හමුදාවට එරෙහි මෙම යුද අපරාධ කුමන්ත්‍රණයේ පාර්ශ්ව කීපයක්‌ වේ. ඔවුන් නම් ජර්මනියේ බර්ලින් නුවර සිටින මෙරටින් පැන ගිය ෙ-.ඩී.එස්‌. හෙවත් භීෂණ කණ්‌ඩායම, අයි.එන්.එන්.ඩී. සංවිධානය ඇමරිකානු කොටින්ට සම්බන්ධ ටැග් සංවිධානය සහ බ්‍රිතාන්‍ය කොටි ජාලයයි.

මෙකී කුමන්ත්‍රණය දියත්වීමට පෙර බ්‍රිතාන්‍ය බලධාරීහු කොටි ඝාතක කණ්‌ඩායම සමග එක්‌ව සිටි තමිල්වානි ඥනකුමාර් නමැත්තිය බ්‍රිතාන්‍ය පුරවැසියෙක්‌ යෑයි කියමින් ඇයව මුදා ගැනීමට ක්‍රියා කළහ. එහෙත් ඇය සතු වූයේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයයි. තමිල්වානි සමග ක්‍රිෂ්ණපිල්ලෙයි මානික්‌කවාසගර් නමැත්තා ද මුදාගැනීමට බ්‍රිතාන්‍ය බලධාරීහු ක්‍රියා කළහ. ඔහුද කොටින්ට සම්බන්ධ වූවෙකි.

මොහු සතුව බ්‍රිතාන්‍ය හා ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර දෙකක්‌ තිබූ බව අනාවරණය විය. එහෙත් මොහු මෙරටට එමට භාවිත කළේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයයි.

අවතැන්වූවන්ගේ කඳවුරක සිටි තමිල්වානි නමැති කොටි ආධාරකාරිය තමාට කොටින් එන්නට ඉඩ දුන්නේ නැති බවටද ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඇගේ ස්‌වරූපය පසුගිය සැප්තැම්බර් 16 වැනිදා හෙළි විය. මිනිස්‌ ඝාතනයේ ඇසින් දුටු සාක්‌කිය යනුවෙන් ඇය බ්‍රිතාන්‍යයේ සියලු රූපවාහිනි සේවාව සමග සම්මුඛ සාකච්ඡා පවත්වමින් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය ප්‍රචාර දියත් කළාය.

තමිල්වානිව මුදාහැරීමෙන් තමන් කළේ බරපතල වැරැද්දක්‌ බව ශ්‍රී ලංකා බලධාරීහු දැන්වත් තේරුම්ගත යුතුය.

තම ඥතීන් බැලීමට යෑයි කියමින් මෙරටට පැමිණි තමිල්වානි නමැත්තිය වානිකුමාර් නමින් යුද මුක්‌ත කලාපයේ සිට චන්ද්‍රිකා දුරකථනයක්‌ මගින් බ්‍රිතාන්‍ය මාධ්‍යවලට සාවද්‍ය ප්‍රකාශ කරනු ලැබීය. දැන් ඇය මුළු බ්‍රිතාන්‍ය පුරා ප්‍රචාරයක්‌ ගෙනයමින් ශ්‍රී ලංකා හමුදාව සිවිල් ඉලක්‌කවලට බෝම්බ දමා වෙඩි තැබූ බව කියා සිටියි.  ඇයව මුදාගැනීම සඳහා තමන්ද සම්බන්ධ වූ බව බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත කියා සිටියි.

බ්‍රිතාන්‍ය කොටි ජාලය විසින් ඇමරිකානු කොංග්‍රසය හමුවේ සාක්‌කිදීම සඳහා තමිල්වානි නමැත්තිය හා ලන්ඩනයේ සිටින ද්‍රවිඩ මන්ත්‍රීවරයකු ඇමරිකාවට එවීමේ සැලසුමක යෙදී සිටියි. මේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයා කොටි නැවක කපිතාන්වරයකුගේ පුත්‍රයායි.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය යුද අපරාධ චෝදනා නැඟීමේ තවත් ක්‍රියාකාරිකයෙක්‌ වන්නේ බ්‍රිතාන්‍යයේ සිටින රාජසිංහම් ජයදේවන්ය. මොහු දැන් දෙබිඩි රංගනයක යෙදී සිටියි.

පැය ගණනක්‌ තිස්‌සේ කොටි හඬ නැඟූ යුනිසෙෆ් සන්නිවේදන ප්‍රධානී ඡේම්ස්‌ එල්ඩර් පසුගිය සිකුරාදා තමන්ට මරණීය තර්ජන එල්ලවී ඇතැයි කියමින් මෙරටින් පිටව ගියේය. එල්ඩර්ව මෙරට රඳවා ගැනීම සඳහා කොළඹ එන්.ජී.ඕ. ජාලය ගත් දැඩි උත්සාහයක්‌ ද අසාර්ථක විය.

කෙසේ වෙතත් එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් වවුනියාවේ මැණික්‌ ෆාම් නමැති අවතැන් වූවන්ගේ කඳවුර වෙත චන්ද්‍රිකා දුරකථනයක්‌ හොර රහසේ යවා බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත වෙත සාවද්‍ය තොරතුරු සපයන බව අනාවරණය වී ඇත.

මේ අතර ඇමරිකානු කොංග්‍රසයට ඉදිරිපත්වූ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාවට සමගාමීව චැනල් ෆොa සාවද්‍ය වීඩියෝ පටය බෙදාහැරි ජර්මනියේ කොටි හිතවාදීහු ඔක්‌තෝබර් 2 සිට 4 දක්‌වා ස්‌ටුගට්‌ නගරයේ ප්‍රොතෙස්‌තන්ත ඇකඩමියේ පැවැත්වීමට යෝජිත සමුළුවේ අරමුණ දැන් අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාවේ බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය වන බවට ලෝක ප්‍රජාව වෙත සාවද්‍ය තොරතුරු විකාශනය කිරීමට එහිදී දේශන පැවැත්වීමට සූදානම් වෙති.

ඔක්‌තෝබර් 3 වැනිදා ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්ත්වය මැයෙන් දේශනය පවත්වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකි. මේ මහාචාර්යවරයා සටන් විරාම ගිවිසුම යටතේ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් හා එක්‌ව සාමය සම්බන්ධයෙන් දේශන පැවැත් වූවෙකි.

මෙදින සවස්‌ යාමයේ මාධ්‍යවේදීන්ට එල්ලවී ඇති තර්ජනය මැයෙන් දේශනය පැවැත්වීමට භාරවී ඇත්තේ කොටුවේ දුම්රිය ස්‌ථානය අබියස ඝෝෂා කළ මෙරටින් පැනගිය මාධ්‍යවේදියකු යෑයි කියා ගන්නා අයකුටය.

අනතුරුව වන්නි යුද මෙහෙයුම නතර කිරීම සඳහා කොළඹ එන්.ජී.ඕ. සංවිධාන හතරකට අතිවිශාල මුදල් සම්භාරයක්‌ දුන් ප්ලිට්‌ නමැති සංවිධානයේ හිටපු අධ්‍යක්‍ෂිකා ස්‌ටෙප්නි ෂෙල් ද දේශනයක්‌ පවත්වයි.

මේ මානව හිමිකම් වෙළෙන්දන්ගේ සමුළුව සඳහා මන්නාරමේ කාන්තාවන්ගේ මානව හිමිකම් සංවිධානයේ ෂෙරින් ෂරුර් නමැත්තියව ද කැඳවා තිබේ.

ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාව නමින් ව්‍යාජ තේමාවක්‌ යටතේ ජර්මනියේ සිටින රංජිත් ආනන්ද හෙන්නායක ලොන්බිලර් හෙවත් බඩල්ගම බර්ටිගේ මේ සමුළුව මෙහෙයවන්නේ ශ්‍රී ලංකා රජය බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන බවට පෙන්නුම් කිරීමටයි.

කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියා වූ කුමාරන් පද්මනාදන් නමැත්තා පසුගියදා ආරක්‍ෂක විමර්ශකයන් වෙත මෙතෙක්‌ හෙළි නොවූ තොරතුරු රැසක්‌ හෙළි කර ඇත. ඇමරිකා එක්‌සත් ජනපදය අවසන් මොහොතේ හෝ තමන්ව බේරා ගැනීමට ඉදිරිපත්වනු ඇතැයි ප්‍රභාකරන් සහ ඔහුගේ පුත් චාල්ස්‌ ඇන්තනි තරයේ විශ්වාස කළා යෑයි කේ.පී. කියා සිටියේය.

එසේම කොටි යානා සඳහා නියමුවන් පුහුණු වූයේ මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ යෑයි ද කේ.පී. විසින් අනාවරණය කර තිබේ.

මෙලෙස පුහුණුවූ ගුවන් නියමුවන්ගෙන් දෙදෙනකු ආරක්‍ෂක බලධාරීහු විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර වවුනියාවේ එන්.ජී.ඕ. සංවිධානයක කොටි මරාගෙන මැරෙන තරුණියන් දෙදෙනකු සේවය කරන බවට තොරතුරු ගාලු විශේෂ විමර්ශන එකකය වෙත තොරතුරු ලැබිණි. මෙහිදී එම විශේෂ එකකයේ නිලධාරීහු පිරිසක්‌ වවුනියාව උයිලන්කුලම ප්‍රදේශයේ කුමන්කුලම් පාරේ පිහිටි නිවසක්‌ වටලා එකී කොටි තරුණියන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට යැමේදී එක්‌ තරුණියක්‌ සයනයිඩ් කරලක්‌ ගිල දමා සිය දිවි නසාගෙන ඇත. ඇය ගෞරි තන්දියා නමැත්තියකි. එහිදී අල්ලාගත් විනෝදනයානි නමැති කළු කොටි තරුණියගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ආඬිකුලම් ප්‍රදේශයේ තිබී සී-4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ දෙකක්‌, ඩෙටනේටර් තුනක්‌, මි.මී. 9 පිස්‌තෝල උණ්‌ඩ සියයක්‌ හා ටයිටර් තුනක්‌ සොයාගෙන තිබේ. මේ හැර පුපුරණ ද්‍රව්‍ය අඩංගු කබා තුනක්‌ ද හමුවිය. මෙකී කළු කොටි තරුණියන් සිටි නිවස නෙරාප්පු නමැති කොටි පිස්‌තෝල කල්ලි නායකයාගේ නිවහන යෑයි සනාථ විය. මේ නිසා අවතැන් වූවන්ගේ කඳවුරුවල හා වවුනියාවේ දැනට ඉතිරිව සිටින කොටින්ගේ සහයෙන් යම් විනාශකාරී සැලසුමක්‌ ක්‍රියාත්මක කිරීමට මෙකී තරුණියන් සූදානම්ව සිටි බව බුද්ධි අංශවලට තහවුරු විය. මේ කළු කොටි ත්‍රස්‌තවාදී තරුණියන් පිළිබඳ සිද්ධිය අනාවරණයවීමට පෙර පසුගිය සිකුරාදා වවුනියාවේ මැණික්‌ ෆාම් අවතැන්වූවන්ගේ කඳවුරේ තිබූ ත්‍රිරෝද රියක්‌ පරීක්‍ෂා කළ ආරක්‍ෂක අංශ එහි තිබී ටී.56 උණ්‌ඩ දෙකක්‌, පිපිරවීමට භාවිත කරන පුවරුවක්‌ හා බැටරි දෙකක්‌ සොයාගනු ලැබීය.

මෙම ත්‍රිරෝද රථය එකී අවතැන් වූවන්ගේ කඳවුරට බුලත් තොග ප්‍රවාහනය කර ඇති බවත් බුලත් තොගවල සඟවා මෙකී උපාංග ගෙනවිත් ඇතැයි පරීක්‍ෂණවලදී හෙළි විය. මේ නිසා එම ත්‍රිරෝද රථයේ රියෑදුරා අත්අඩංගුවට ගැනිණි.

අවතැන්වූවන්ගේ කඳවුරුවලට සම්බන්ධ විදේශ එන්.ජී.ඕ. කොටි ත්‍රස්‌තයන් සම්බන්ධ බවට හෙළිවූ මුල් අවස්‌ථාව මෙය නොවේ. මෙයට පෙර ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා බෝම්බය කිලිනොච්චියේ සිට කොළඹට ගෙනවිත් ඇත්තේ ද විදේශ එන්.ජී.ඕ. සංවිධානයක වාහනයක සේවය කළ කොටින් දෙදෙනකු යෑයි අනාවරණය විය. මේ හැර ජනාධිපතිවරයා ඝාතනය කිරීමට දැරූ සැලසුමක්‌ සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයක කාර්ය මණ්‌ඩලයේ සේවය කරන ද්‍රවිඩයන් දෙදෙනකු අසුවිය. මෙම දෙදෙනාව තානාපති වරප්‍රසාද ඇතැයි කියමින් මුදාගැනීම සඳහා මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ලියෝන් පැස්‌කෝ කළ ඉල්ලීමක්‌ රජය විසින් ප්‍රතික්‍ෂේප කෙරිණි.

මෙලෙස අවතැන්වූවන්ගේ කඳවුරුවල සිටින කොටින් හා විදේශීය එන්.ජී.ඕ. සංවිධානවල ක්‍රියාකාරීන් යළිත් අබිරහස්‌ ක්‍රියාදාමයන්හි යෙදී සිටියදී සහකාර ඇමරිකානු රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ට මෙකී කඳවුරුවල සිටින්නන් මුදාහැරීමට අවශ්‍ය විය.

ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකරන මේ හිටපු ඇමරිකානු තානාපතියා සැප්තැම්බර් මස අවසානයේ මෝසම් වර්ෂාව එන බව පවසමින් අවතැන්වූවන්ගේ කඳවුරුවල සිටින්නන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩදිය යුතු බවද පවසා ඇත.

මේ සතියේ ආරක්‍ෂක කරළිය දෙස විමර්ශනය කරද්දී මෙරට එන්.ජී.ඕ. ප්‍රධානීන් දෙදෙනාව ඇමරිකාවට ගෙන්වා රහස්‌ සාකච්ඡා පැවැත්වූ ඇමරිකානු සාම සංවිධානයේ පාලක මණ්‌ඩලයේ ඇමරිකානු ආරක්‍ෂක ලේකම් රොබට්‌ ගේට්‌ස්‌ සිටින බවද අනාවරණය විය.

ඇමරිකානු ජනාධිපතිව සිටි ජෝර්- බුෂ් යටතේ ඇමරිකානු සී.අයි.එ. ඔත්තු සේවාවේ ප්‍රධානියා වූයේ ද රොබට්‌ ගේට්‌ස්‌ය.

මේ නිසා මෙකී ඇමරිකානු සාම ආයතනය ශ්‍රී ලාංකික එන්.ජී.ඕ. ප්‍රධානීන් දෙදෙනාව ගෙන්වූයේ සාමය ගැන කතා කිරීමට ද?

වවුනියාව පොලිසියේ විශේෂ එකකයක්‌ විසින් මේ සතියේදී මඩකලපුවේ නරකමුල්ල ප්‍රදේශයේ භූගත බංකරයක තිබී කොටින්ට අරමුදල් සැපයූ කොළඹ ව්‍යාපාරික ජාලයට සම්බන්ධ ලිපිගොනු රැසක්‌ හා බැංකු දෙකක තොරතුරු ද සොයාගනු ලැබීය.

මෙකී ලිපිගොනු හමුවීම නිසා කොටින් සමග සබඳතා පැවැත්වූ ඇතැම් ව්‍යාපාරිකයන් කලබල වී ඇත. මෙම තත්ත්වය මත හදිසියේම අපි වෙනුවෙන් අපි අරමුදලට අරමුදල් සපයන පාර්ශ්වයන් ගැන රජයේ ආරක්‍ෂක අංශ විමසිලිමත් විය යුතුය.

වැලිකඩ සිරගෙදර සිටින කොටි ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ 266 ක්‌ දේශපාලන සිරකරුවන් ලෙස පිළිබිඹු කිරීම සඳහා ලන්ඩනයේ කොටි රූකඩයක්‌ වූ බී.බී.සී. සංදේශය සේවාවද උත්සාහයක්‌ දරා ඇත. එහෙත් මෙම ත්‍රස්‌තවාදී සැකකරුවන් දේශපාලන සිරකරුවන් ලෙස සැලකීම රජය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

මේ අතර ජර්මනියේ පවත්වන ශ්‍රී ලංකා විරෝධී සමුළුවට අරමුදල් සපයන්නේ ජර්මානු විදේශ අමාත්‍යාංශය යෑයි හෙළිවී තිබේ.

මෙරට ජර්මානු තානාපතිවරයා පසුගිය කාලය තුළ අභ්‍යන්තර ප්‍රශ්නවලට බරපතල ලෙස මැදිහත්වීම ගැන රජයේ අවධානය යොමුවිය. වවුනියාවේදී අසුවූ කළුකොටි මරාගෙන මැරෙන තරුණියන් දෙදෙනා සේවය කර ඇති එන්.ජී.ඕ. සංවිධානය පෙඩරේෂන් ඔෆ් සෝෂල් ඩෙවලොප්මන්ට්‌ ඕගනයිසේෂන් නමැති දේශීය ආයතනයක්‌ යෑයි අනාවරණය වී ඇත.

මෙරට එන්.ජී.ඕ. ජාලයට සම්බන්ධ මේ පොස්‌ඩෝ සංවිධානයේ ජාත්‍යන්තර ඔක්‌ස්‌පම් නමැති සංවිධානයේ දේශීය එජන්ත ලෙස ක්‍රියා කරයි. අවතැන් වූවන් වෙනුවෙන් ක්‍රියාකරන මෙම වවුනියා එන්.ජී.ඕ. සංවිධානයේ ක්‍රියාදාමය ගැන බුද්ධි අංශවල විමර්ශනයට ලක්‌ නොවූයේ ඇයි.

චැනල් ෆොa සාවද්‍ය වීඩියෝ පටය බෙදාහැරීමට ක්‍රියා කළ ජර්මනියේ ෙ-.ඩී.එස්‌. කණ්‌ඩායම දැන් ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් 34 ක්‌ මියගිය බව දන්වමින් තවත් වාර්තාවක්‌ ද ප්‍රකාශයට පත් කර ඇත. මේ වාර්තාවට කොටි අපරාධකාරී සමාගම විසින් ඝාතනය කළ අයගේ නම් ද ඇතුළත් කරමින් වත්මන් රජය යටතේ එකී ඝාතන සිදුවී ඇතැයි ද දක්‌වා තිබේ. මේ ෙ-.ඩී.එස්‌. කණ්‌ඩායමේ සම්බන්ධීකාරකයා කවුදැයි දැන් සනාථ වී තිබේ.

මේ සතියේ මෙරට ආරක්‍ෂක තත්ත්වය විමර්ශනයට ලක්‌ කිරීමේදී තවත් හාස්‍යජනක සිද්ධියක්‌ වාර්තා විය. එ සටන් විරාම සමයේ කළුකොටි බෝම්බකාරියන් ගැන වීඩියෝ චිත්‍රපට නිර්මාණය කළ තැනැත්තියක්‌ මාධ්‍ය ආචාර ගැන ඉගැන්වීමට උත්සාහ කිරීමයි.

මේ අතර නාවික හමුදා ඉතිහාසයේ නිලධාරීන්ට එරෙහිව දෙවිදියකට නඩු ඇසීමේ සිද්ධියක පසුබිම අනාවරණය වී ඇත. ගාලු නාවික කඳවුර කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් බේරාගත් නිලධාරියාව විශ්‍රාම ගැන්වීමට ඉඩකඩ සැලසූ එදා සිටි නාවික බලධාරීහු නැවියන් 100 ක්‌ දිගම්පතන ප්‍රදේශයේදී කොටි ප්‍රහාරයකට ලක්‌වීම ගැන වගකිවයුතු උසස්‌ නාවික නිලධාරියාට එරෙහිව කිසිදු පියවරක්‌ ගත්තේ නැත. එහෙත් වරදකරු වී සේවයෙන් පහ වූයේ එහි නැවියන් ප්‍රවාහනය භාරව සිටි නාවික නිලධාරියායි. මේ කැකිල්ලේ රජුගේ තීන්දුවක්‌ නොවේද?

මෙවන් තොරතුරු හෙළිවෙද්දී ආරක්‍ෂක ලේකම්වරයා ඇමරිකාවේ රාජකාරීමය කටයුත්තක්‌ සඳහා පිටත්ව ගියේය. ඔහුගේ ආගමනය මෙරට ෙද්‍රdaහීන් විසින් ඇමරිකානු කොටින්ට දන්වා ඇමරිකානු රජය ලවා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියත් එකී උත්සාහය අසාර්ථක විය. බ්‍රිතාන්‍ය විදේශ ඇමැති මිලිබෑන්ඩ් සහ ප්‍රංශ විදේශ ඇමැති කුච්නර් ශ්‍රී ලංකාවේ කටයුතුවලට යළිත් මැදිහත්වීමට දැරූ උත්සාහයක්‌ ද මේ සතියේ අනාවරණය විය.


කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v