යාල-SNR හැඳින්වීම

ශ්‍රී ලංකාවේ දැඩි ස්‌වභාව රක්‍ෂිත තුනෙන් එකකි. පහතරට වියළි කලාපයට අයත් එකම දැඩි රක්‍ෂිතය මෙයවන අතර, හක්‌ගල හා රිටිගල මෙන් ජලපෝෂිත කඳුකර රක්‍ෂිතයක්‌ නොවේ. යාල ශ්‍රී ලංකාවේ දැඩි ස්‌වභාව රක්‍ෂිත අතරින් විශාලත්වයෙන් පෙරමුණ ගන්නා රísතය වේ. මෙහි ප්‍රමාණය හෙක්‌ටයාර් 28905 (අක්‌කර-71263) කි.

1938 මාර්තු 01 වැනිදා මෙය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ හක්‌ගල දැඩි ස්‌වභාව රísතයද සමඟිනි.

යාල දැඩි ස්‌වභාව රísතය, යාල ජාතික වනෝද්‍යානයේම කොටසකි. කොටස්‌ (ඊකදජනි) හයකින් සමන්විත යාල ජාතික උද්‍යානයේ ඊට ඇතුලත් වැදගත්ම හා සංරක්‍ෂිත අංශයෙන් ප්‍රමුඛ තැන ගන්නා සයවැනි කොටස මෙම දැඩි ස්‌වභාව රක්‍ෂිතයයි. මේ සමග යාල ජාතික උද්‍යානයේ ප්‍රමාණය හෙක්‌ටයාර් 90785 (අක්‌කර-226963) කි.

පිහිටීම

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ මැණික්‌ ගඟෙන් දකුණුදිග කොටස යාල කලාප අංක එකට අයත්වන අතර එම දිස්‌ත්‍රික්‌කයේම මැණික්‌ ගඟෙන් උතුරු කොටස යාල කලාප අංක දෙක හා දැඩි ස්‌වභාව රක්‍ෂිතය නියෝජනය කරයි.

කලාප අංක දෙකට යාබදව ඊට උතුරු දෙසින් යාල දැඩි ස්‌වභාව රísතය පිහිටා තිබේ. යාල කලාප අංක 3, 4 හා 5 කොටස්‌ මොණරාගල දිස්‌ත්‍රික්‌කයට අයත් වේ.

මායිම්

කුඹුක්‌කන්ඔය, බක්‌මීතොට ප්‍රදේශයේ සිට උතුරුමායිම හම්බන්තොට-මොණරාගල දිස්‌ත්‍රික්‌ මායිම ඔස්‌සේ බටහිරට පැමිණ කොටවෙහෙ ගල ආර ඔස්‌සේ දකුණු හා නැගෙනහිර මායිම ලෙස ඊශානු දිශානුගතව යාල කලාප දෙකට සීමා වෙමින් ගමන් කරයි. මෙම මායිම් රේඛාව පලුපොකුණ, වළස්‌කෙම, ඔස්‌සේ පැමිණ කුඹුක්‌කන්ඔය මෝය ප්‍රදේශයද අන්තර්ගත කරමින් ඉන්පසු නැගෙනහිර උතුරු මායිම ලෙස කුඹුක්‌කන්ඔය දිගේ වයඹ දිශානුගතව මඩමෙතොට, නානගල්තොට, මීගහතොට, අඹගස්‌තොට, මහගල්අමුන, කුඩාගල් අමුණ, මණ්‌ඩාගස්‌තොට. ඔස්‌සේ ඉහළට ගොස්‌ බක්‌මීතොටට ඉහළින් අම්පාර-මොණරාගල- හම්බනතොට දිස්‌ත්‍රික්‌ මායිම් කේන්ද්‍ර අසලින් යලිත් උතුරු-බටහිර මායිමට සම්බන්ධ වේ.

ප්‍රවේශ මාර්ග

ශ්‍රී ලංකාවේ දැඩි ස්‌වභාවික රísත සඳහා ඇතුළුවීමේ අවසරය ලබා දෙනු ලබන්නේ පර්යේෂණ සහ සංරíණ අවස්‌ථා සඳහා පමණි. ඊට වනජීවී අධ්‍යíජනරාල්වරායාගේ විශේෂ අවසරය අවශ්‍ය වේ. යාල දැඩි ස්‌වභාව රísතය සඳහා සංචාරකයින්ගේ ප්‍රවිශ්ඨ වීම මේ අනුව තහනමට ලක්‌වේ.

පර්යේෂණ හා සංරíණ අවශ්‍යතා මත යාල කලාප අංක එකේ පළටුපාන සිට මැණික්‌ ගඟ පරණ තොටුපළ දක්‌වා ඇති මාර්ගය ඔස්‌සේ පැමිණ මැණික්‌ ගඟ හරහා ගොස්‌ යාල කලාප අංක දෙක ඔස්‌සේ කුඹුක්‌කන් ඔය මඩමෙතොට දක්‌වා දිවෙන ගජබාව, පොත්තන ඔස්‌සේ වැටී ඇති ජීප්රථ මාර්ගයෙන් දැඩි ස්‌වභාව රísතයට ප්‍රවේශ මාර්ගය ඇත. මෙම මාර්ගයේ හල්පන්ගොඩ එළිය, කිව්ලවෙලඑළිය, මඩමෙතොට හා කුඹුක්‌කන් ඔය මෝයද දැඩි ස්‌වභාව රísතයට ඇතුලත් වේ. පාරම්පරික ඕකන්ද කතරගම පාද යාත්‍රා මාර්ගය මේ ඔස්‌සේ යාල කාලාප අංක දෙකට සම්බන්ධව වැටී ඇති බැවින් මේ නිසා පාද යාත්‍රික බැතිමතුන් දැඩි ස්‌වභාව රísතය තුළින්ද ගමන් කරයි. මේ නිසා ඕකන්ද කුමන,කුඹුක්‌කන් ඔය ඔස්‌සේද තවත් පිවිසුම් මාර්ගයකි.

යාල කලාප අංක 1,2,3 මෙන්ම දැඩි ස්‌වභාව රක්‍ෂිතද සෘජුවම යාල උද්‍යානපාලකවරයා යටතේ පළටුපාන පිහිටි යාල උද්‍යාන මූලස්‌ථානයෙන් පාලනය කෙරේ.

භෞතික ලíණ

යාල දැඩි ස්‌වභාව රísතය ගල්කඳු, කඳුවැටි හා තණපිටිවලින් සමන්විත, වැව් දියවළවල්, එබේ, ආර, ඔය මාර්ගවලින් සමන්විත පුළුල් ප්‍රදේශයකි. මෙහි වනාන්තර ආවරණය 65% කි. තවත් 25% ක්‌ තණපිsටිවලින් සමන්විතය. රක්‍ෂිතයේ දකුණුදිග කොටස කෙටි තෘණ සහිත වඩා විවෘත තණපිටි වන අතර, මෙහි හුදකලා වෘí සහ ලඳු කැළෑ හා වනාන්තර පිහිටයි. විවෘත වියන සහිත වනාන්තර 25% කි.

රක්‍ෂිතයේ සමස්‌ථ භූමි ප්‍රමාණයෙන් 10% ක්‌ ගල්, පර්වත, කඳු, කෙම, වැව් හා ආර සඳහා වෙන්වේ. වයඹ දිග කෙළවරේ ගල්පර්වත, කෙම, වතුර වළවල් හා තණපිටිද දක්‌නට ලැබේ.

දෙමටගල, මායාගල වැනි ප්‍රකට ගල් පර්වත හා කොටපුදාවඑළිය පිටියද පිහිටියේ මෙහිය. තම්බන් ආර, කුරුන්දේ ආර මෙම ප්‍රදේශ ඔස්‌සේ පැමිණ එක්‌වී යාල කලාප අංක දෙකේ පොත්තන ප්‍රදේශයෙන් පොත්තන ආර බවට පත් වී පොත්තන කළපුවෙන් මුහුදට වැටේ.

පැරණි අතුරු මිතුරු වැව දැඩි ස්‌වභාවික රísතයේ මධ්‍යයේ පිහිටයි. ඊට උතුරු දෙසින් යාල කලාප අංක තුන ප්‍රදේශයේ සිට වැලිකුප්පන් ආර ඇතුලු තවත් ආර කිහිපයකින් ජලය ලැබෙන අතර වැවේ වාන් ප්‍රදේශයේ සිට අතුරු මිතුරු ආර හා නෑබඩගස්‌ ආර වශයෙන් ඔය මාර්ග දෙකක්‌ කලාප අංක දෙට පැමිණේ.

අතුරු මිතුරු වැව ප්‍රදේශයේ ඊට යාබදවම අතුරු මිතුරු ගල නම් සුප්‍රකට පර්වතය පිහිටයි. කොට දැමූ හෙල පර්වතය පිහිටියේ වැවට නැගෙනහිරිනි. තවත් ගල් පර්වත රැසක්‌ මේ අවට දක්‌නට ලැබේ.

අතුරු මිතුරු වැවට තවත් නැගෙනහිරින් කුඹුක්‌නන්ඔයට තරමක්‌ ආසන්යෙන් සුප්‍රකට මණ්‌ඩාගල වැව පිහිටා තිබේ. වැවට බටහිර දෙසින් යාබදව මණ්‌ඩාගල පර්වතය හා ගල්කඳු ප්‍රදේශයකි. වැවේ වෑ කණ්‌ඩිය උතුරු-දකුණු දිශානුගතව විහිදේ. අතීතයේදී කුඹුක්‌කන්ඔය මහවෙලතොටදී (කලාප අංක 3) අමුණු බැඳ කිලෝමීර් 8ක්‌ දිග යෝධ ඇළ ඔස්‌සේ මණ්‌ඩාගලට වතුර ගෙන ආ ඇළමාර්ගය පිහිටා ඇත. වැවෙන් පිටවන කරඹේ ආර ගජබාව දෙසින් මුහුදට එක්‌වේ.

දැඩි ස්‌වභාව රísතයේ අභ්‍යන්තරයේ මෙසේ කුරුන්දන්ආර, වඳුරන් කුදාම, කොට්‌ටකුදාම එළිය, දෙමටගල, රන් බෙලිය හෙල, මීගස්‌ එළිය, මීගහපෙරළිය, අතුරුමිතුරු වැව හා ගල කොටදැමූ හෙල හා ගල් කඳු, කනබිසෝගල මණ්‌ඩාගල වැව හා පර්වතය, කිරිබත් දණහෙල, වැලිකුප්පන් ආර, මහපොකුණවැව, වැලි පොතවල, නෙරළංඑළිය, තෙළඹුගස්‌වල, මායාගල, දෑවේ වැව, පතල්පුදාම වැව, දිගන්වැව, බෝගහවැව, රූගම්වැව ආදී වශයෙන් හඳුන්වන වැව්, ආර, තණපිටි, පර්වත, කෙම යනාදී භෞතික දැ රැසකි. මේවා මගින් වනසතුන්ට රැකවරණයත්, ගැවසීමට සුදුසු වටාපිටාවත්, අභිජනන කාර්ය සඳහා නිදහසත් ලැබී ඇත.

එසේම හතරවටින්ම සුප්‍රකට රísත ප්‍රදේශවලින් වටවීමත් යාල දැඩි ස්‌වභාව රísතයට සුවිශාල ආරíවක්‌ හා හුදකලා බවත් ලබාදේ. වන සතුන්ට මෙසේ ලැබෙන නිදහස හා රැකවල මත සුවිශේෂයෙන් මෙය දැඩි ස්‌වභාව රísතයක්‌ ලෙස නම්කොට ඇත්තේ වනසතුන්ගේ අභිජනන කාර්යය සඳහාද වැදගත් ඉඩකඩක්‌ ලබාදීමේ අදහසිනි.

කාලගුණික හා දේශගුණික වැදගත්කම

වසරේ වැඩි කලක්‌ වියළි දේශගුණයකින් සවන්විත වේ. පෙබරවාරි පමණ සිට ඔක්‌තෝබරය දක්‌වා ඇත්තේ වියළි කාලගුණික තත්ත්වයකි. ඔක්‌තෝබරයේ සිට පෙබරවාරි පමණ දක්‌වා ඊසානදිග මෝසම් වර්ෂාවෙන් තද වැසි ලැබේ.

අප්‍රේල්-මැයි සමයේදී නිරිතදිග මෝසමෙන් තරමක වැසි පතිත වේ. ඒ හැරෙන්නට ලැබෙන අන්තර් මෝසම් වැසි හැර රísතය අගෝස්‌තු ඔක්‌තෝබර් දක්‌වා දැඩි නියං සායක ගිලී පවතී.

අතීත තොරතුරු

යාල දැඩි ස්‌වභාව රísතය මෙන්ම යාල සියලු කලාප 1900 වනවිටත් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ගේ දඩයම් රísතයක්‌ ලෙස නම්කර තිබූ අතර, යාල අභයභූමියක්‌ ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබුවේ 1908 වසරේදීය.

1938 පෙබරවාරි මස 25 වැනිදා යාල කලාප අංක එක කොටස ජාතික උද්‍යානයක්‌ ලෙස ප්‍රකාශයට පත්කල අතර, යාල දැඩි ස්‌වභාවික රísතය 1938 මාර්තු මස පළමුවැනිදා ප්‍රකාශයට පත්කෙරිණි. යාල ඉතිරි කලාප ප්‍රකාශයට පත් කෙරුණේ ඉන්පසුවය.

ඉංග්‍රීසි පාලනයට පෙර සිටම යාල ප්‍රදේශයේ වනබද ගම්මාන පිහිටා තිබිණි. යාල කලාප දෙකට අයත් ප්‍රදේශය හොඳින් වගාකළ සරුසාර කුඹුරු වලින් සමන්විතව තිබූ බවට ස්‌ථිර සාධක ඇත. යාල වෙල උඩගජබාව ඉන් ප්‍රධානය. මණ්‌ඩාගල වැව, අතුරුමිතුරුවැව මේ බවට කදිම සාís සපයයි. එසේම දැඩි රísතය තුළ හා ඒ ආශ්‍ර්‍ර්‍රSතව බෞද්ධ පුනරුදයේ පැහැදිලි සාís දක්‌නට ලැබේ. ඒ අනුව කිව හැක්‌කේ විශේෂයෙන් යාල දැඩි ස්‌වභාවික රísතය බෞද්ධ භිíQන් වැඩ සිටි පුජාභූමියක්‌ බවයි.

අතීත තොරතුරු

යාල දැඩි ස්‌වභාවික රísතය තුළ පුරාවිද්‍යා ස්‌මාරක සහ වෙහෙර විහාර, ගල්ලෙන් යනාදීA නටඹුන් රැසකි. මේවා 4 වැනි සියවසට අයත් බවට පුරාවිද්‍යාඥයින් තහවුරුකොට ඇත. ස්‌ථාන වෙනවෙනම සලකා බැලීමේදී මෙසේ ඒවායේ ඓතිහාසික පසුබිම සැකෙවින් විග්‍රහ කළ හැකිය.

මණ්‌ඩාගල වැව අක්‌කර 1200 කින් පමණ සමන්විත වෙන අතර කිලෝමීටර් තුනකින් පමණ සමන්විත වෑ කණ්‌ඩියකින් සමන්විත සුවිසල් වාරිමාර්ගයකි. අතීතයේaදී උඩ ගජබාව පිටිය මෙම වැවේ ජලයෙන් ගොවිතැන් කර ඇත.

අතුරු මිතුරු වැව වර්ග කිලෝමීටර් 27 ක පෝෂිත වනාන්තර ප්‍රදේශයකින් සමන්විත වන අතර, අක්‌කර 800 ක වපසරියකින් යුක්‌තය. වෑකණ්‌ඩිය කිලෝමීටර් 1.6 ක්‌ පමණ දිගුය. පුරාණයේ ඉතා හොඳින් නඩත්තු වූ මෙහි වෑ කණ්‌ඩිය කිහිප වරක්‌ කැඩී ගොස්‌ ඇත. යාල කලාප අංක දෙකේ සහ දැඩි රísතයේ වනජීවීන්ගේ ජල අවශ්‍යතාව උදෙසා වැදගත් මෙහෙයක්‌ මෙයින් ඉටුවේ.

ඓතිහාසික තොරතුරු හා ස්‌ථාන

දෙමටගල- මීටර් 577 ක්‌ උසැති පර්වතයකි. අතුරු මිතුරු වැවේ සිට කිලෝමීටර් හතක්‌ (7) බටහිර දෙසින් පිහිටයි. මෙහි ගල්කන්දේ මඳදුරක්‌ ගියවිට ගල්ගුහා දෙකක්‌ පිහිටා ඇත. මෙම ලෙන් දිගු කලක්‌ බෞද්ධ භිíQන්වහන්සේලා විසින් භාවිත කරනු ලැබූ බවට වන සාධක එහි ඇත. දොර සහ ජනේල වශයෙන් භාවිතයට ගත් අංගෝපංග සහ බදාම සහිත බිත්තිද මෙහි දක්‌නට ලැබේ. මෙහි ඇති එක්‌ ශිලාලිපියකට අනුව තිස්‌ස නමැති ගම්පතියා සංඝයාට මෙම ලෙන් පූජා කොට ඇත.

කොටාදැමුහෙල - මෙම පර්වතය අතුරු මිතුරු වැවේ සිට කිලෝමීටර් දෙකක්‌ (2) පමණ නැගෙනහිරට වන්නට පිහිටයි. උසින් මීටර් 137කි. මෙහි ජල බිංඳු කාන්දුවන සිසිල් ගුහා කිහිපයකි. මෙහිද ලෙන් කරවූ තැනැත්තන්ගේ තොරතුරු අන්තර්ගත සෙල්ලිපි පිහිටා ඇත. සෙනරත් පරණවිතාන මහතා මෙහි සෙල්ලිපි 20ක්‌ පමණ කියවා සටහන් තබා ඇති බවට වාර්තාවේ. ඇතැම් ලෙන් තුළ සතුන්ගේ රූප සහිත දර්ශණ ඇත. පුන්කලස, ඝණ්‌ඨාර, දාගැබ වැනි දර්ශණ ද ඇතැම් ස්‌ථාන දක්‌නට ලැබේ. ගල් කන්දේ පසෙක දාගැබ් දෙකක නටබුන් ඇත.

මණ්‌ඩාගල- මීටර් 160ක්‌ පමණ උසැති පර්වතයකි. මණ්‌ඩාගල වැව අසල පිහිටා ඇති අතර. මෙම වැවට නම ලැබී ඇත්තේ ද මෙයිනි. යාල කලාප අංක දෙකේ උඩගජබාව පසුකර යද්දී ජීප්රථ මාර්ගයට දිස්‌වන කඳුවැටිය මෙම මණ්‌ඩාගලයි. මණ්‌ඩාගල ගල්පඩි 52 ක්‌ සහිත නටබුන් චෛත්‍යයක්‌ද වේ. මෙය යාල කලාප අංක එක තුළ පිහිටි ආකාස චෛත්‍යය වැනි ස්‌ථානයකි. මෙහිද ලෙන් කිහිපයක්‌ පිහිටා ඇති අතර එහි බිත්ති මත සෙල්ලිපි හමුවේ. පරණවිතාන මහතා මෙහි ලිපි 24 ක්‌ කියවා සටහන් කොට ඇත. එක්‌ ගුහාවක අලියකුගේ පාදයක්‌ කැටයම් කොට ඇත.

මණ්‌ඩාවෙල වැව- අතුරු මිතුරු වැවට හා මණ්‌ඩාගල ගලට නැගෙනහිරි දෙසින් පිහිටයි. ජලජ ශිෂ්ඨාචාරය ආරම්භයේම ගොඩනැගුණු වැදගත් වැවක්‌ සේ සැලකේ. මෙහි බිසෝකොටුව මාදුරුඔය සොරොව්වට නොදෙවෙනි වූ වැදගත්ම පුරාණ හා විශ්මිත ස්‌ථානයක්‌ සේ සැලකේ. කළුගලින් නිර්මිත මෙයට අමතරව ගලින් තැනූ නිර්මාණ හා නයි පෙනහත සලකුණක්‌ද මෙහි දක්‌නට ලැබේ.

ජෛව විවිධත්වය

රුක්‌ගොමුව හා ශාක විවිධත්වය

මෙහි පවතින්නේ ප්‍රධාන වශයෙන්ම වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරය. තෘණපිටි හා ගල්පර ආශ්‍රිත ශාක ප්‍රජාද සැලකිය යුතු ප්‍රමාණයක්‌ තිබේ. කුඹුක්‌කන්ඔය ප්‍රදේශයේ ගංගාධාර වනාන්තරද එම මෝය ප්‍රදේශයේ කඩොලාන පරිසර පද්ධතියද සුළු වශයෙන් ඇත. සමස්‌තයක්‌ ලෙස වනාන්තර කලාපයේ පලු, වීර, බුරුත, මයිල, කළුවර, මලිත්තං, හල්මිල්ල, ඇහැල වැනි ශාක හමුවේ. ගංගාධාරව කුඹුක්‌, තිඹිරිද මුණගැසේ. ගල්පර ආශ්‍රිව බහුලව වැඩෙන්නේ නුග විශේෂ හා පඳුරු විශේෂය. තෘණ විශේෂ ගණනාවක්‌ පිටිවල දක්‌නට ලැබේ.

සත්ව විවිධත්වය

යාල වනෝද්‍යානයේදී හමුවන සෑම සත්වයකුම පාහේ මෙහිදී මුණගැසේ. අලි-ඇතුන්, ගෝනා, තිත්මුවා, ඌරා, නරියා, හාවා, හෝතම්බුවා, උගුඩුවා, උරුලෑවා, මුගටියා, ඉත්තෑවා, කබල්ලෑවා, කොටියා, වලහා, කුළුහරකා, මීමින්නා, වැලිමුවා, වැනි ලොකු කුඩා íSරපායින්ද නයා, පොළඟා, කරවලුන්, පිඹුරා, මාපිලන් වැනි වියළි කලාපීය සර්පයින්ද කිඹුලා, කබරයා, තලගොයා, හිකනලුන්, කැළෑ හුනන්, කටුස්‌සන් තාරකා ඉබ්බා, ගල් ඉබ්බා, කිරි ඉබ්බා වැනි උරගයින්ද මත්ස්‍යයින් හා උභයජීවීන් රැසක්‌ද දැඩි රísත කලාපයේ දිවිගෙවති.

ජලාශ්‍රිත කුරුල්ලන් මෙන්ම වනබද කුරුල්ලන්ද විශාල පිරිසක්‌ මෙහිදී වාර්තාවේ. යාල කලාප පහතුළම වාර්තාවන පíSන් මෙහිදී ද දැකගත හැකිය.

යාල දැඩි රísතය යාල උද්‍යනයේ වනසතුන්ගේ ආරísතම ස්‌ථානය වන අතර උන්ගේ අභිජනනය ඇතුලු නිදහස්‌ හැසිරීම සඳහා වෙන්කෙරුණු කලාපය වේ.

විශේෂ ස්‌තූතිය- වනජීවී සංරíණ දෙපාර්තමේන්තුවට හා එම දෙපාර්තමේන්තුවේ (යාල-බූන්දල හිටපු) සහකාර වනජීවී අධ්‍යí (බස්‌නාහිර)

බී.වී.ආර් ජයරත්න මහතාට

ජගත් කණහැරආරච්චි
ඡායාරූප-  වාසල සේනාරත්න
එච්.එම්.එල්.බී හේරත්

 
Powered By -


     සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.