බටහිර අභියෝග හා
අපේ විනෝදකාමී  තානාපති සේවය

එක්‌ පැත්තකින් ඔවුන්ට ශ්‍රී ලංකාව හොඳින් තබාගත යුතු වැදගත් රාජ්‍යයක්‌ නොවිය හැක. ලංකාවේ සාරය උරාගැනීම සඳහා වූ මහා පරිමාණ ඇමරිකානු සමාගම් ලංකාවේ නැත. යම් වාසියක්‌ ලබාගැනීමට තිබූ පහසුම අවස්‌ථාව මිනීමරු ප්‍රභාකරන්ගේ විනාශයත් සමග ව්‍යර්ථ විය. ඇමරිකානු ගැති පාලකයෙක්‌ පත්කර ගැනීමේ වුවමනාව ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වීමෙන් නැති විය. එ අතර අභීත යුද සෙන්පතියන් හමුදා නායකත්වයට පත්විය. ඔවුන්ගේ සුරතලූන්ව සිටි නායකයන් ජනතාව ඉදිරියේ හෑල්ලූවට ලක්‌වෙමින් තිබේ. එහෙයින් ලංකාවෙන් පලිගැනීම සඳහා කළ හැකි සෑම දෙයක්‌ම කිරීමට ඇතැම් රාජ්‍ය පෙළඹී ඇත.

අනතුර තවම පහවී නැත. එය විවිධාකාර වූ මුහුණුවරින් මතුවෙමින් පවතී. ලොව භයානකම ත්‍රස්‌ත සංවිධානය ශ්‍රී ලංකාව විසින් පරාජය කර ඇත. බටහිරයන්ගේ ආශීර්වාද ලත් කොටි සංවිධානය පරාජය කිරීම ඔවුන්ට ඇදහිය නොහැක්‌කකි. තමන්ගේ ආධාර හෝ උපදෙස්‌ හෝ නොමැතිව ලංකාවට කොටි ත්‍රස්‌තවාදීන් විනාශ කිරීමට හැකිවීම ඔවුන්ගේ මාන්සර්යයට නිගාවකි. එහෙයින් සිදුවූ මදිකම වසාගනු වස්‌ විවිධ මාර්ගවලින් ලංකාවට කෙනෙහිලි කිරීම්වලින් නොනැවතී දඬුවම් කිරීමට ද මාර්ග සෙවීමට ඔවුන් වෙහෙසෙති. එ අතර දේශීය වශයෙන් ඇතැම් පරාජිතයන් ද ඔවුන්ගේ සහායට ඉදිරිපත්ව ඇත.

බටහිරයන් ශ්‍රී ලංකාව දෙස වැඩි අවධානයක්‌ යොමු කිරීමට හේතු වූ කාරණා රැසක්‌ ඇත. එ සියල්ලම අවසානයේදී ආර්ථිකය හා සම්බන්ධ වී ඇත. ශ්‍රී ලංකාවේ පිහිටීම, නාවික මාර්ගවලට මුහුණලා තිබීම, විශාල මහාද්වීපික තටාකයක්‌ තිබීම, අනාගතයේදී විවිධ සම්පත් ලබාගැනීමේ හැකියාව, පරිසර සාධක හිතකරව තිබීම, ජලය හා හොඳ දේශගුණයක්‌ තිබීම මෙන්ම ලාභ ශ්‍රමය තිබීම වැනි සාධක එවා අතර ප්‍රධාන වේ.

උත්තරාර්ධ ගෝලයේ ගොඩබිම්වල වෙරළ ඛාදනය වීම හේතුවෙන් සැදුන පියෝඩ හා රියා වෙරළ බහුලව ඇත. රටේ භූමිය එතරම් සරු නොවූ නිසා එම රටවල ජනතාවට සම්පත් ලබාගැනීම සඳහා විකල්ප සොයා ගැනීම් අවශ්‍ය විය. පියෝඩ හා රියා වෙරළ හේතුවෙන් සමුද්‍ර තරණයට මිනිසුන් පෙළඹිණි. එ මගින් ක්‍රමයෙන් දක්‍ෂ නාවිකයන් කිසිදු හසරක්‌ නොපෙනෙන මහා සාගරයේ දේශ ගවේෂණයේ යෙදිණි. එ එ රජයන් මගින් ද එ සඳහා අවශ්‍ය ධෛර්යය දෙන ලදී. කොළොම්බස්‌ගේ දේශගවේෂණ සඳහා ශාන්තමේරි, පින්ටා, නින්යා යන නැව් ලබා දෙමින් අවශ්‍ය සියලු සම්පත් ලබාදුන්නේ වික්‌ටෝරියා මහ රැජිනයි. මෙසේ සාගර තරණය මගින් විවිධ රාජ්‍යයන් සිය දේශයට ලැබිණි. එම රටවල පාලනය හොඳින් හෝ නරකින් ඔවුහු ලබාගත්හ. දකුණු අප්‍රිකාව යටත් කරගත් සිසිල් රෝඩ්ස්‌ එහි පාලකයාට තෑගි දුන්දේ අතර කබල් රික්‌ෂෝවක්‌ හා කැඩුන පිඟන්කටු රාශියක්‌ද තිබී ඇත.

සිසිල් රෝඩ්ස්‌ අප්‍රිකානු පාලකයා වූ අතර එම රටේ දියමන්ති, රත්තරන්, ගල්අඟුරු ආදිය මෙන්ම වහලුන් බ්‍රිතාන්‍යයට ලැබිණි. ඔස්‌ටේ්‍රලියාව යටත් කරගත්තේ ද ආක්‍රමණිකයන් විසින් ස්‌වදේශිකයන් බුරුතු පිටින් මරා දැමීමෙනි. වස්‌කෝ ද ගාමා 1497 දී අප්‍රිකාව වටේ ගොස්‌ ඉන්දියාවේ කැලිකට්‌ වරායට පැමිණ වර්ෂ අටකට පසු ලොරෙන්සෝ ද අල්මේදා කොළඹ වරායට පැමිණියේය. ඔහු එක නැවකට ගම්මිරිස්‌ රාත්තල් දෙලක්‍ෂය බැගින් පටවාගෙන ඇත. ඉන් ලද ලාභය එකට හැටක්‌ වූ බවට වාර්තා ඇත.

කොළොම්බස්‌ ඇමරිකාවට එමේදී එහි ජාතීන් 300 ක්‌ පමණ සිට ඇත. අද එහි ඇත්තේ ස්‌වදේශිකයන් 2% ක්‌ පමණය. ස්‌වදේශිකයන් ලක්‍ෂ ගණනක්‌ සංහාරය කිරීමෙන් පසු ඇමරිකාව බිහි විය. ස්‌වදේශික ස්‌ත්‍රී පුරුෂයන් යදම්වලින් බැඳ නැව්වල පටවා විකිණීමට ගෙන ගියහ. එකල වහල් වෙළෙ¹ම ඉතා ලාභදායී ව්‍යාපාරයක්‌ විය. එය නැවැත්වීමට ක්‍රියා කළ එබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාට සිදුවූයේ වෙඩි කා මියයැමටය. ඇමරිකා එක්‌සත් ජනපදය සකස්‌වීමේදී බොහෝ ප්‍රදේශ ඈ¹ ගන්නා ලද්දේ ස්‌වදේශිකයන් විනාශ කිරීමෙනි. ඇතැම් ප්‍රදේශ මිලදී ගෙන ඇත.

මේ අනුව ප්‍රංශයට අයත්ව තිබූ ලුසියානා ප්‍රාන්තය නැපෝලියන් මහ රජතුමාට ඩොලර් එක්‌ කෝටි පනස්‌ ලක්‍ෂයක්‌ ගෙවා 1803 දී මිලට ගත් අතර 1919 දී ස්‌පාඤ්ඤයෙන් ප්ලෝරිඩාවද 1858 දී නිව් මැක්‌සිකෝ හා ඇරිසෝනා ප්‍රාන්ත ඩොලර් කෝටියකට ද 1867 දී ඇලස්‌කාව අක්‌කරය ශත 2 බැගින් ඩොලර් හැත්තෑ දෙලක්‍ෂයක්‌ රුසියාවට ගෙවමින් ද 1899 දී කියුබාව, හවායි, ගුවාම් වැනි දූපත් අධික මුදල් ගෙවා ස්‌පාඤ්ඤයෙන් ද මිලදී ගෙන ඇත. ඔවුන් මෙම මුදල් ආපසු ලබාගැනීම සඳහා යටත් විජිතවල ධනය ද සූරා ගන්නට ඇත.

රටවල් අල්ලා ගැනීම කොතරම් ලාභදායි ව්‍යාපාරයක්‌ වූවාද යත් 1494 දී වෝඩ් සිලාස්‌ ගිවිසුම ඇතිවීමෙන් පෙනේ. මේ අනුව පාප්තුමා කල්පිත සිතියමක ඉරක්‌ ගසා යටත් විජිත සූරා කෑම සඳහා ස්‌පාඤ්ඤය හා පෘතුගාලය ප්‍රධාන එකල තිබූ ප්‍රබල කඳවුරුවලට ලෝකය බෙදාදීමට කටයුතු කරන ලදී. ලිවිංග්ස්‌ටන් හා ස්‌ටැන්ලි යන දෙදෙනා අඳුරු මහාද්වීපය ලෙස හැඳින්වූ අප්‍රිකාව ගවේෂණය කිරීමෙන් පසු සිදුවූයේ එම රටවල ධනය මහා රාජ්‍ය වෙත ඇදී යැමය. මේ පිළිබඳ එන කියුමක සඳහන් වන පරිදි අප්‍රිකානු නායකයකු පසු කලෙක කියා ඇත්තේ කලින් අපේ ඉඩම් අපේ අතේ. බයිබලය නුඹලාගේ අතේ. දැන් නුඹලාගේ බයිබලය අපේ අතේ අපේ ඉඩම් නුඹලා අතේ යනුවෙනි. එ ම්ලේච්ඡයන් සදාචාරවත් කළ සැටිය.

ලාභදායි ව්‍යාපාරයක්‌ වූ යටත් විජිත පවත්වාගෙන යැම එම රාජ්‍යවල නිදහස්‌කාමී ව්‍යාපාර හා විප්ලව ඇතිවීම නිසා දිගටම පවත්වාගෙන යැමට නොහැකි විය. එහෙයින් හොඳින් හෝ නරකින් ගෝලීය ආධිපත්‍යය තමන් වෙත රඳවා ගැනීමට බටහිර රාජ්‍යයන්ට අවශ්‍ය විය. එ සඳහා නිදහස ලබාගත් රටවල නායකත්වයට තමනට පක්‍ෂපාතී පුද්ගලයන් පත් කරගැනීමටත් එසේ නොමැති වන විට එම පාලකයන් විනාශ කිරීමට හෝ නෙරපා හැරීමට හෝ පසුබට වී නැත. තෙල් සම්පත තිබූ මැදපෙරදිග මෙන්ම දියමන්ති ආකර තිබූ අප්‍රිකානු රටවල් හා විවිධ සම්පත් තිබූ ආසියාකරයේ විවිධ ව්‍යාපෘති දියත් කරමින් එම රටවල ආර්ථිකයට බලපෑම් කොට එම රටවල් ණය බරින් මිරිකා සිය සිතැඟි ඉටු කරගැනීමට ඔවුන් කටයුතු කළහ. ප්‍රගතිශීලී ආර්ථික විද්‍යාඥයකු වූ ඡේ. ඡේ. ජෝසප් දක්‌වන පරිදි සංවර්ධනය වන රටවල අභ්‍යන්තර ගැටුම් ඇතිකොට එ මගින් ඔවුන්ගේ ආර්ථිකය වර්ධනය අඩාළ කොට ඇතිවන උද්ධමනය මගින් විදේශ ණය උග්‍රකොට එමගින් බහු ජාතික සමාගම් විසින් එම රටවල් සිය ග්‍රහණයට නතු කරගෙන ඇත.

මේ නිසා ඇතිවූ යුද ගැටුම් හේතුවෙන් විශාල මිනිස්‌ ඝාතන සිදුවිය. මානුෂීය අයිතීන් කඩවීම් වියට්‌නාමය, ඉරාකය, ඇෆ්ගනිස්‌තානය, හෝක්‌ලන්ඩ් දූපත් ආදියේදී මහා පරිමාණයෙන් සිදුවිය. එසේ තිබියදීත් ඔවුන් ලංකාවේ යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ අතිශයෝක්‌තියෙන් සාකච්ඡා කිරීමට පෙළඹී ඇත. මේ අනුව කවර හෝ ක්‍රමයකින් ලංකාව අඩපණකොට තමනට අවනත කර ගැනීමේ අවශ්‍යතාවෙන් ඔවුහු පෙළෙති.

එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත නීල් බුන් පසුගියදා අවතැන් වූවන් ඉක්‌මනින් සිය ගම්බිම්වල පදිංචි කරවන ලෙසත් ඔවුනට නිදහසේ සැරිසැරීමට ඉඩදෙන ලෙසත් රජයට දන්වා ඇත. එක්‌සත් ජාතීන්ගේ මහලේකම්ගේ දේශපාලන මණ්‌ඩල සහකාර ලේකම් ලීන් පැස්‌කෝ තම අවතැන් කඳවුරුවල කටයුතු පිළිබඳ සෑහීමකට පත්වන බවත් එසේ වුවත් නැවත පදිංචි කිරීම අපේක්‍ෂිත ප්‍රගතියට ළඟා වී නැති බවටත් ප්‍රකාශ කර ඇත. මේ අතර ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ දකුණේ ඥාතීන් හමුවීමට අවතැන්වූවන්ට ඉඩ දෙන ලෙස දන්වා ඇත. ඔහු ලංකාවේ තානාපති ලෙස කටයුතු කරද්දී කොටින් වෙනුවෙන් කටයුතු කළ අයෙකි. මේ අතර හිලරි ක්‌ලින්ටන් ද ලංකාවේ හමුදාවන්ගෙන් සිදුවූවා යෑයි කියන ස්‌ත්‍රී දූෂණ ගැන උපකල්පනය කොට බරපතල චෝදනාවක්‌ කර ඇත. ඇගේ මැතිවරණ කටයුතු සඳහා කොටින් විසින් විශාල ලෙස මුදල් ලබාදී ඇත. එයට කෘතගුණ දැක්‌වීමට දෝ ඇය විසින් ප්‍රකාශ කරමින් කොටින් ආරක්‍ෂා කිරීමේ යෙදෙයි. එක්‌ අතකින් එයට ද හේතු ඇත.

එක්‌ පැත්තකින් ඔවුන්ට ශ්‍රී ලංකාව හොඳින් තබාගත යුතු වැදගත් රාජ්‍යයක්‌ නොවිය හැක. ලංකාවේ සාරය උරාගැනීම සඳහා වූ මහා පරිමාණ ඇමරිකානු සමාගම් ලංකාවේ නැත. යම් වාසියක්‌ ලබාගැනීමට තිබූ පහසුම අවස්‌ථාව මිනීමරු ප්‍රභාකරන්ගේ විනාශයත් සමග ව්‍යර්ථ විය. ඇමරිකානු ගැති පාලකයෙක්‌ පත්කර ගැනීමේ වුවමනාව ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වීමෙන් නැති විය. එA අතර අභීත යුද සෙන්පතියන් හමුදා නායකත්වයට පත්විය. ඔවුන්ගේ සුරතලුන්ව සිටි නායකයන් ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක්‌වෙමින් තිබේ. එහෙයින් ලංකාවෙන් පලිගැනීම සඳහා කළ හැකි සෑම දෙයක්‌ම කිරීමට ඇතැම් රාජ්‍ය පෙළඹී ඇත.

ලංකාවේදී කොටින් වෙනුවෙන් විශාල කර්යභාරයක්‌ ඉටුකර ඇති බවට දැන් දැන් හෙළිවෙමින් පවතින නෝර්වේ බලවතුන් සිය හිතෛෂී ප්‍රභාකරන්ගේ වියෝවෙන් තවමත් කඳුළු සලමින් සිටී. එහෙයින් තමන්ගෙන් යෑපෙන දේශපාලකයන් හා රාජ්‍ය නොවන සංවිධාන ප්‍රාණවත් කරමින් නව මාවතක ගමන් කරමින් සිටීමට බටහිර රාජ්‍ය පෙළ ගැසෙමින් සිටී.

එක්‌ අතකින් ඔවුන් සිතන පරිදි ශ්‍රී ලංකාවට සුහදත්වයේ හස්‌තය දිගු කිරීමට බටහිරයන්ට අවශ්‍යතාවක්‌ නැත. එසේ අවශ්‍ය වන්නේ පකිස්‌තානය ඉන්දියාව හෝ චීනය හෝ සමග ගැටලු සහගත අවස්‌ථාවන් ඇති වුවහොත් පමණය. ත්‍රිකුණාමල වරාය මෙන්ම ලංකාවේ ගුවන්තොටුපළ පිහිටීම එවැනි අවස්‌ථාවන්හිදී වැදගත් විය හැක. එසේ නොමැතිනම් අනාගතයේදී මතුවිය හැකි තෙල් සම්පත හා සුවිශාල සාගර සම්පත නිසා විය හැක. එහෙත් වර්තමානයේදී ලංකාවට වඩා ඉන්දියාව හොඳින් තබාගැනීම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට වැදගත්ය. අතිවිශාල වෙළෙඳපලක්‌ තිබීම නිසා ලංකාවට වඩා වැදගත් වන්නේ ඉන්දියාවය. ඉන්දියාව වර්තමානයේ න්‍යෂ්ටික අතින් ද සන්නද්ධ වෙමින් පවතී. රොකට්‌ හා චන්ද්‍රිකා තාක්‍ෂණය ද ඔවුන් සතුය. එA හැරුණුවිට මිසයිල සෑදීමට ද ඔවුන්ට හැකිවී ඇත. එනිසා කිසිදු අවස්‌ථාවකදී ඉන්දියාවට විරුද්ධව ඔවුන් ප්‍රකාශයක්‌ හෝ කර නැත.

1987 ජුනි 3 දා යාපනයට ඉන්දියාව විසින් ගුවනින් පරිප්පු දැමීමේ දඩබ්බර ක්‍රියාවේදී ඔවුන් ඉන්දියාවට විරුද්ධව කිසිවක්‌ කීවේ නැත. ඉන්දියානු සාම සාධක හමුදාව විසින් කළ ස්‌ත්‍රී දූෂණ මෙන්ම ඉන්දියානු හමුදාව පහරදීමෙන් උරුම්බරායි ගම්මානයේ දෙසීයක්‌ පමණ අහිංසක ගම්වැසියන් මරා දැමීම ගැන මේ සාමවාදීන් කිසිදු විරෝධයක්‌ දැක්‌වූයේ නැත. අනෙක්‌ අතින් දැඩි ඇමරිකානු ගැත්තකු වූ ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කොටි ත්‍රස්‌තයන්ගෙන් දැඩි පීඩනයට ලක්‌වූ අවස්‌ථාවේදී වත් ඇමරිකාව ඔහුට උදව් කළේ නැත. එA ඉන්දියාව අමනාප කරගැනීමට තිබූ අකමැත්ත නිසාය. ලොව ලාභදායී මෙන්ම වැඩිම ඉල්ලුමක්‌ ඇති ව්‍යාපාර වී ඇත්තේ ඖෂධ, යුද ආයුධ හා ආහාර වෙළෙ¹මයි. එA සඳහා ලංකාවට වැඩි සාර්ථක වෙළෙඳපළක්‌ ඉන්දියාවේ ඇත.

පොදුවේ ගත් කල ආසියානු, අප්‍රිකානු රටවල ලෙඩ රෝග වැඩි වූ කල ඖෂධ ඉහළ මිලකට විකුණාගත හැකිවේ. රටවල් අතර මෙන්ම රාජ්‍ය ඇතුළත යුද හා කැරලි කෝලාහල ඇතිවූ විට ආයුධ කේවෙල් කරමින් විකුණාගත හැකිවේ. ලොව දරිද්‍රතාව වැඩි වූ විට ආහාර හිඟවේ. එවිට එම රටවල ව්‍යාපෘති ඇති කිරීමටත් කොන්දේසි පනවා ආහාර විකුණා ගැනීමටත්, ණය දීමටත් එA මගින් නොදියුණු රටවල ඇති නොඉඳුල් ආර්ථික සම්පත් සූරා ගැනීමටත් හැකිවේ. එනිසා සම්පත් බහුල දුප්පත් රටවල අභ්‍යන්තර ගැටුම් ඇති කිරීමටත් ආහාර අහේනියක්‌ ඇති කිරීමටත් ආයුධ විකුණා ගැනීමටත් සම්පත් කොල්ලකෑමටත් මහා පරිමාණ සමාගම් යොදාගන්නා සැටි ජෝන් පර්කින්ස්‌ගේ පාපොච්ඡාරණයෙන් පෙන්වා දී ඇත.

2006 දී මානව හිමිකම් කොමිෂම පිහිටුවීමේදී ඊට දැඩි විරෝධය දැක්‌වූයේ එක්‌සත් ජනපද හා ඊශ්‍රායලයයි. අද දැඩි ලෙස මානව හිමිකම් ගැන කතා කරන්නේද ඉතිහාසයේ දැඩි ලෙස මානව හිමිකම් කඩකළ ඇමරිකාවයි. බින් ලාඩන්ට විරුද්ධව මෙහෙයුමේදී ඔවුන් තෝරාබෝරා කඳුකර ගම්මානවල අහිංසක ගම්වැසියන් දස දහස්‌ ගණනක්‌ මරා දැමූහ. ගල්ෆ් යුද්ධයේදී සටන් නවතා භාරවීමට පැමිණි ඊශ්‍රායල් සෙබළුන් අති අමානුෂික ලෙස මරා දැම්මේ කිසිදු ලෝක නීතියක්‌ ගණන් ගෙන නොවේ. පාකිස්‌තානයේ ගැටුම්වලින් මේ වන විට ලක්‍ෂ 24 ක්‌ අවතැන් වී ඇත. නිකරගුවාවේ ආඥදායක සමෝසා දේශපාලන සිරකරුවන්ගේ රහස්‌ පෙදෙස්‌වලට ඌරු තෙල් දමා බල්ලන්ට කෑමට දී ඇත. 2008 දෙසැම්බර් 9 හා 10 දිනවල ගාසා තීරයේ ජමාලියා කඳවුරට සුදු පොස්‌පරස්‌ අඩංගු රසායනික අවිවලින් පහරදී ඇත. මේ ප්‍රහාරවලදී සමේ සිට ඇට දක්‌වා මස්‌ දියවී යන බව කියෑවේ.

මේ අතර ඉරාක යුද්ධයේදී ළමුන් පමණක්‌ ලක්‍ෂ 5 ක්‌ මරා දමා ඇතැයි වාර්තා වී ඇත. මෙම රටවල සරණාගත කඳවුරු පරීක්‍ෂාවට බෑන් කී මූන් හෝ මිලිබෑන්ඩ් ගියේ නැත. ඇමරිකා ලෝක වෙළෙඳපළට පහරදීමේදී ජෝර්ඡ් බුෂ් කීවේ, ත්‍රස්‌තවාදය පිටුදකිනවාද ඔවුන් සමග විනාශකාරී ගමනේ යෙදෙනවාද යන දෙකින් එකක්‌ ලොව රටවල් තෝරාගත යුතු බවය. එA අනුව ත්‍රස්‌තවාදය විනාශ කරන විට ක්‌ලින්ටන් නෝනාට ඌරු ජුවල් නගින්නේ කොටි මැතිවරණයේදී ඇයට වියදම් කළ නිසා විය හැක. ඇයට තම රටේ හමුදා ඉරාකයේදී වියට්‌නාමයේදී කළ ස්‌ත්‍රී දූෂණ අමතකව ඇත. ගුවන්තමෝ කඳවුරේදී කාන්තා සෙබළියන් පිරිමි සිරකරුවන්ට ලිංගික වද හිංසා කළ බව අමතකව ඇත.

ඇමරිකාවේ බලවන්තකම ඉදිරියේ ලොව බොහෝ රටවල් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කළත් ඔවුන්ගේ බලයට අභියෝග කරමින් නව රාජ්‍ය මතුවෙමින් පවතී. බ්‍රික්‌ රාජ්‍ය මෙන්ම චීනය, ඉන්දියාව අද ආර්ථික අතින් ද ඔවුන් අභිබවා යමින් සිටිති. ඇමරිකාවට ඉරානය ප්‍රමුඛ මැදපෙරදිග රටවලින් ඇතිවන තර්ජනය ද සුළුපටු නොවේ. මේ අතර තමන්ගේ යුද මෙහෙයුම් ඇෆ්ගනිස්‌තානයේදී අසාර්ථක වී ඇතැයි ජනරාල් ස්‌ටැන්ලි මැක්‌විරිස්‌ටල් පෙන්ටගනයට දන්වා ඇත. මෙනිසා ඇමරිකා එක්‌සත් ජනපදය යනු එක්‌සත් ජාතීන්ගේ සංවිධානයම වේ යන මිත්‍යා මතය බිඳවැටෙමින් පවතී. පසුගිය කාලයේ ඇමරිකානු ආර්ථිකයේ සිදුවූ බිඳවැටීම් ලොවට රහසක්‌ නොවේ. බැංකු 300 ක්‌ පමණ වසා දමා ඇත. විරැකියාව දෙගුණවී ඇත. ඩොලර් කෝටි ටි්‍රලියන ගණනින් ඇමරිකාව විදේශයන්ට ණය වී ඇත. ඉන් ප්‍රධාන ණය දෙන රට වී ඇත්තේ චීනයයි.

ඇමරිකාවේ සෑම තත්ත්පරයකට වරක්‌ ලේ වැගිරෙන අපරාධයක්‌ සිදුවේ. සෑම තත්ත්පර 48 කට වරක්‌ මංකොල්ලයක්‌ද, විනාඩි 21 කට වරක්‌ ගෙවල් බිඳුමක්‌ ද සිදුවේ. 1993 දී සිරගත වී සිටි සිරකරුවන්ගේ ගණන නව ලක්‍ෂ පනස්‌ දාහක්‌ බව කියෑවේ. එහෙයින් අප තත්ත්වය තේරුම්ගෙන කටයුතු කළ යුතුය. ලංකාව තුළ පෙළපාලි යැම හෝ වහසි බස්‌ කීමෙන් පළක්‌ නැත. අපගේ විනෝදකාමී තානාපති සේවාව වෙනස්‌කොට බලවතුන්ගේ නෑදෑ හිතවතුන් වෙනුවට රාජ්‍ය තාන්ත්‍රිකයන් පත්කොට ඔවුන් මගින් විදේශයන්හි සාර්ථක ලෙස කරුණු පෙන්වාදීමේ වැඩපිළිවෙළක්‌ ඇති කළ යුතුය. අපේ රට තුළ ඇමරිකාව හිටුවා පස්‌ ගැසීමේ වේගවත් කතා පැවැත්වීමෙන් අර්ථයක්‌ නැත. කොටින්ගේ විදේශ තොරතුරු ජාලය අභිබවා යැමට අපගේ තානාපති සේවයට නොහැකිවී ඇත. අප බෙලහීන ජාතියක්‌ නොව කොන්දක්‌ ඇති ජාතියක්‌ බවට ලොවට එAත්තු ගැන්විය යුතුය. එය ඉටු කිරීමේ බලවත් වගකීම ඇත්තේ තානාපති සේවයටය. ජනාධිපතිතුමා විසින් රටට අහිතකර කොන්දේසි පනවන්නේ නම් ජී.එස්‌.පී. බදු සහන අනවශ්‍ය බවට කර ඇති අභීත ප්‍රකාශය අගය කළ යුතුය. අපේ ප්‍රශ්න අපම විස¹ ගැනීමට හැකිවන වාතාවරණයක්‌ ඇති කරගැනීමට අප උනන්දු විය යුතුය. අවලාද නඟන්නන් නිරුත්තර කළ හැක්‌කේ එවිටය.

හි. ලි. ඔස්‌ටින් සිල්වා

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v