අලූතින් ඉදීවන දහඅටවංගුවේ කථාව
සොරබොර වැව හැදූ බුලතා

මහනුවර මහියංගනය, ප යතලාව, A 26 මාර්ගය ශ්‍රී ලංකාවේ කවුරුත් හඳුන්වනු ලබන්නේ දහඅට වංගුව පාර යනුවෙනි. මෙම මාර්ගය මහනුවර මහියංගන මාර්ගයේ උඩතැන්න සිට මහියංගනය දක්‌වා කොටස කි.මී. 40.90 ක්‌ රුපියල් මිලියන 3840 ක වියදමක්‌ දරමින් මේ වන විට සංවර්ධනය කෙරේ. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව ආධාර සපයනු ලබයි.

වත්මන් දහඅට වංගුව මාර්ගය අධිරාජ්‍යවාදී යුගයේ D R C එසේත් නැතිනම් පාරක්‌ වශයෙන් 1800 ගණන්වල නිර්මාණය වුවත් මහනුවර හා මහියංගනය නගර අතර ගමනාගමනයට වසර දෙදහස්‌ පන්සිය පනහකට අධික ඉතිහාසයක්‌ ඇත.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කරවන ලද්දේ මහියංගන ප්‍රදේශයටයි. සුමන සමන් දේවතාවන්ගේ ඉල්ලීම පරි බුදුරජාණන්වහන්සේගෙන් ලැබුණු කේශ ධාතූන් තැන්පත් කර මහියංගන චෛත්‍යය ඉ කරන ලදැයි කියෑවේ. මහනුවර නගරයත් එවන් ඓතිහාසික නගරයකි. සිංහලයේ අවසන් රාජධානිය ලෙසත්, එදා සිට අද දක්‌වා දළදා වහන්සේ වැඩ සිටින සෙංකඩගල පුරවරය ලෙසත් මහනුවර නගරය සිංහලයින් වන අපට අතිශයින් වැදගත් වේ.

සිංහලයේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ සිට අද දක්‌වාත් මහනුවර, තෙල්දෙනිය, හුන්නස්‌ගිරිය, ආ ප්‍රදේශ ඉතාමත් සශ්‍රීක ගොවිබිම් වශයෙන් ප්‍රචලිතව ඇත.

වත්මන් මහනුවර මහියංගන මාර්ගය ඉතා දුෂ්කර වංගු 18 ක්‌ සහිතව නිමවා ඇත්තේ ඉංග්‍රීසි ආණ්‌ඩු සමයේ වුවත් ඊට පෙර මහියංගනයට යන එන පාර වැටී තිබී ඇත්තේ හුන්නස්‌ගිරිය, දෙනපිටිය, නයියන්තුඩුව, කිරිපට්‌ටියගම, ගලිමුරය, කනහම්පිටිය ගංගොඩ, මැ වක, කලුන්තැන්න, පිටවල, උඩුවහහින්න, මහවල, ගල්පඩිහල, මොරයාය, වේරගංතොට යන ඉපැරණි ගම්මාන හරහාය. එම පැරණි ගම්මාන වල අපේ මුතුන් මිත්තන් වාසය කර ඇති බවත්, ඔවුන් විසින් එදා මහියංගන වෙහෙර වඳින්නටත් දළදා වහන්සේට වැඳුම් පිදුම් කරන්නටත් මෙම පැරණි මහියංගන හුන්නස්‌ගිරිය මහනුවර මාර්ගය භාවිත කර ඇති බව ජනප්‍රවාදයේ පැවැත එයි. දෙවෙනි රාජසිංහ රජතුමාද හඟුරන්කෙත රාජධානියේ ගලපිටමඩ ප්‍රදේශයේ රජකරන සමයේ පවා එවකට දළදා වහන්සේ වැඩසිටි දළදාගම හරහා හුන්නස්‌ගිරියට පැමිණ පල්ලේවෙල කළුන්තැන්න හරහා වේරගංතොටට ගොස්‌ එතැන් සිට මහවැලි ගඟෙන් එතෙරව මහියංගන දැගැබ වන්දනා කළ බව ඉතිහාසයේ කියෑවේ.

අපේ ඉතිහාසයේ විශ්මිත නිර්මාණ මිනිස්‌ දෑතින් නිමකළ බව අදටත් ඉතිහාසය සාක්‌ෂි දරයි. අපේ මුතුන් මිත්තන්ගේ යෝධ ශක්‌තිය තවමත් ඒ පැරණි නිර්මාණ තුළින් ලෝ වැස්‌සන් මවිතයට පත්කරයි. එවන් යෝධ නිර්මාණකරුවන්ද වාසය කළ එක්‌ ඓතිහාසික ප්‍රදේශයකි හුන්නස්‌ගිරිය ප්‍රදේශය. ජනප්‍රවාදයේ එන පරි මහියංගනයේ සොරබොර වැව නිර්මාණය කර ඇත්තේ මිනිස්‌ දෑතිනි.

සොරබොර වැව නිර්මාණය කළා යෑයි සැලකෙන බුලතා නම් යෝධයාද ප ංචිව සිට ඇත්තේ හුන්නස්‌ගිරිය කඳු පාමුල ඇති කිරිපට්‌ටිය නම් ගමේ බවත්, උදේ හවස සොරබොර වැව නිර්මාණය කරන්නට යන එන බුලතා යෝධයාට බුලත් අඩුවැඩිය සහ දවල් බත රැගෙන යන බුලතාගේ බිරිඳ නපතා යන එන මාර්ගය ඔවුන් විසින් නිර්මාණය කර ඇති බවත් කියෑවේ. තමන් යන එන මග සැකසීමට සොරබොර වැවෙන් නපතාම විශාල ගල් කෑල්ලක්‌ දෙකක්‌ රැගෙන ඒම සිරිත කරගත් බුලතා යෝධයා සහ බිරිඳ තනනලද ගල්පඩි පාර අදටත් හුන්නස්‌ගිරිය කිරිපට්‌ටිය ගම සිට ගල්පඩිහල ගම හරහා වැටී ඇති පැරණි මාර්ගයේ දක්‌නට ලැබේ.

එදා සොරබොර වැව ඉස්‌මත්තේ තිබූ රහස්‌ ඖෂධ ශාකයක මුල්, පොතු, කොළ, මල්, අතු යනා ය ගෙන එකට අඹරා ගල් මත අතුරා මහා කළු ගල් මෙලෙක්‌කර ඉන්පසු උදළුවලින් පස්‌ කපන්නාක්‌ මෙන් කපා වෙන්කර සකස්‌ කරගත් කළුගල් සොරබොර වැවේ සිට උසුලාගෙන ඒමට කවරෙකුට වුවත් යෝධ ශක්‌තියක්‌ම තිබිය යුතුය. එසේ රැගෙන ආ ගල්පඩි එකිනෙක පිළිවෙළකට තබා මේ පැරණි ගල් මාර්ගය නිමකර ඇත. බුලතා යෝධයාගේ බිරිඳ තම කිරි පට්‌ටියෙන් කිරි දොවාගෙන සෙංකඩගල පුරවරය වෙත දළදා වහන්සේට පුද සත්කාර කරන්නට කිරි රැගෙනවිත් ඇත්තේද කිරි පට්‌ටිය ගමේ සිට හුන්නස්‌ගිරිය ගලේකැලේ මැද මහනුවර, මොරගහමුල, පැරණි තෙල්දෙණිය හරහා රඹුක්‌වැල්ල ප්‍රදේශයද හුන්නස්‌ගිරි කඳු පාමුල ඇති තවත් පැරණි ගම්මානයකි. පෙර රජ දවස රඹුකා නමැති වැ නායකයාද ගං ඉවුරෙන් වැලි රැගෙනැවිත් වාසස්‌ථාන ඉ කරගෙන ප ංචිව සිටි ප්‍රදේශය අදටත් රඹුක්‌වැල්ල නමින් හඳුන්වයි. වැ ජනතාව මහියංගනය ප්‍රදේශයේ දඹාන කේන්ද්‍රකරගෙන තම ජනාවාස පවත්වාගෙන ආ බව අපේ ඉතිහාසය පටන් ගත් දා දක්‌වාම වෙන කථා පුවතකි. විජය කුවේනි. පරම්පරාවෙන් පැවත එන වැ ජනතාවද එදා මහියංගනය හරහා දළදා වැඳපුදා ගන්නටත්, ඔවුනගේ මී පැණි කුරක්‌කන් සහ අලුත් සහල් වැනි පුද පඬුරු දළදා වහන්සේ වෙත පුදන්නටත් වේරගංතොට ගල්පඩිහල කිරිපට්‌ටිය හුන්නස්‌ගිරිය හරහා මහනුවරට පැමිණ ඇති බව ජනප්‍රවාදයේ අසන්නට ලැබේ.

සිංහල රජ දවස සිට සෙංකඩගල පුරවරයත්, මහියංගනය නගරයත් අතර පැවති මාර්ගයේ පයින් ගමන් කරන්නන්ගේ විඩා නිවා ගන්නට අම්බලම් 13 ක්‌ පමණ ඉ කර තිබී ඇති අතර ඉහත පැරණි මාර්ගයේ ඉන් සමහරක්‌ අදටත් ඉතිරිව ඇත.

එහි පළමු අම්බලම හුන්නස්‌ගිරියේත්, දෙවන අම්බලම නයිනන්තුඩුවේන් තුන්වන අම්බලම කිරිපට්‌ටය ගමේත්, පිළිවෙළින් හාල්යාය, මැ වක, ගංගොඩ, කලුන්තැන්න, උඩුවාගින්න, මහවල, ගටලාගොල්ල, කුඹුක්‌හෙල (ගල්පඩිහල) වේරගංතොට යන ස්‌ථානයන්හි ඉ කර තිබී ඇත. මේ ආශ්‍රිතව මගීන්ගේ ප්‍රයෝජනය සඳහා නිමකරන ලද පැන්තාලි සහ වතුර ටැංකිද ඉ කර තිබී ඇත. සිංහලයේ අවසන් සිංහල රාජධානිය ඉංග්‍රීසි ජාතීන් ආක්‍රමණය කරන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හුන්නස්‌ගිරිය ප්‍රදේශය දක්‌වා පසුබැස හුන්නස්‌ගිරිය කඳුමුදුනේ සැඟවී සිටි බවත්, ඉන්අනතුරුව වැල්ලේතොට මොල්ලිගොඩ අධිකාරම්ගේ වලව්ව අසල වී බිස්‌සේ සැඟවී සිටින විට ඉංග්‍රීසීන් විසින් අත්අඩංගුවට ගත් බවත් සඳහන් වේ.

සෙංකඩගල රාජධානිය ඉංග්‍රීසි යුගයේ ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ආර්ථික වටිනාකමක්‌ ගෙනදුන් ප්‍රදේශයක්‌ වූ අතර, ඉංග්‍රීසි ජාතිකයින් මෙම සශ්‍රීක පොළවේ කෝපි වගාවත්, තේ වගාවත්, එනසාල් වගාවත්, දුම්කොළ වගාවත් වගාකර අසීමිත ධනස්‌කන්ධයක්‌ එංගලන්තයට රැගෙන ගොස්‌ ඇත. අද වන විට එනසාල් වගාවත්, දුම්කොළ වගාවත් සිදු නොකරන අතර, ඒ වෙනුවට ගම්මිරිස්‌ වැනි බෝග වගාවන් සිදුකරනු ලබයි.

ඉංග්‍රීසීන් හුන්නස්‌ගිරිය ප්‍රදේශය තේ සහ විශාල වශයෙන් එනසාල් හා දුම්කොළ වගාවෙන් කෝටි ගණන් මුදල් උපයාගත් ප්‍රදේශයක්‌ වේ. ඉංග්‍රීසීන් විසින් මේ ප්‍රදේශයේ තේ වගාව සහ එනසාල් වගාව සඳහා නවනගලවත්ත, ඩීන්ස්‌ටන්වත්ත, කොබෝනීල, දෙහිගොල්ල, හුන්නස්‌ගිරිය, නුගගලවත්ත, වුඩිසයිඩ්වත්ත, දුල්වත්ත, නායගෝල්ල, කලුගොල්ල වැනි වතුයායවල් ප්‍රයෝජනයට ගෙන ඇත.

ඉහත සඳහන් කළ වතු වැවිලි කර්මාන්තය වෙනුවෙන් පළමුවෙන් මාර්ග ඉ කරන ලද අතර ශ්‍රී ලංකාවේ භූ විෂමතා ලක්‌ෂණ වලින්, මධ්‍යම කඳුකරයේ හුන්නස්‌ගිරිය කඳුවැටියත්, නකල්ස්‌ කඳුවැටියත් විශේෂත්වයක්‌ ගෙනදෙයි.

එහි පවතින ශීත දේශගුණික තත්ත්වය තේ වගාවටත් නකල්ස්‌ කඳුවැටියේ පතක්‌ සහිත කඳුකර ප්‍රදේශය එනසාල් වගාවටත් ඉතාමත්ම හිතකර දේශගුණයක්‌ වේ. මෙහි කෝටිගණනක එනසාල් වගාකර තිබී ඇත. මහනුවර මහියංගන මාර්ගයේ පැරණි තෙල්දෙනිය නගරය පසුකර හුන්නස්‌ගිරිය දෙසට යනවිට හුන්නස්‌ගිරි දුර්ග මාර්ගය හමුවන අතර වත්මනේද මැද මහනුවර සිට හුන්නස්‌ගිරිය දක්‌වා කඳු තරණය ඉතාමත් දුෂ්කර මාර්ගයකි. අදත් මොරගහමුල සිට මැද මහනුවර, ගලේකැලේ ප්‍රදේශයේ එම පටු මාවත ගේ ඉහළ පහළ නකට රථවාහන දහස්‌ ගණනක්‌ එහා මෙහා ගමන් කරයි. මොරගහමුල සිට හුන්නස්‌ගිරි ශිඛර පාමුල දක්‌වා දුෂ්කර ගමනක යෙදෙන විට වත්මන් හුන්නස්‌ගිරි නගරය ආරම්භ වන තැනින් වම් පසින් නකල්ස්‌ කඳුවැටිය ආරම්භ වේ. එය මාතලේ ලග්ගල ආ ප්‍රදේශ දක්‌වා විහිදී යයි.

දෙවැනි රාජසිංහ රජතුමා හඟුරන්කෙත ගලපිටමඩ ප්‍රදේශයේ සිට උඩරට රාජධානිය පාලනය කරන සමයේදී මහනුවර, තෙල්දෙනිය, හුන්නස්‌ගිරිය හා උඩුදුම්බර යන ප්‍රදේශ ඉතා සශ්‍රීක කරමින් ප්‍රදේශවාසීන්ට හිතසුව පිණිස දැහැමින් එම ප්‍රදේශ ආරක්‌ෂා කරමින් පාලනය කර ඇති නිසා දෙවන රාජසිංහ රජතුමාව අදටත් හුන්නස්‌ගිරි ප්‍රදේZශවාසීන් දේවත්වයෙහි ලා සලකයි. හුන්නස්‌ගිරි ප්‍රදේශය රාසිං දෙවිඳුන්ගේ අඩවිය වශයෙන් අදද සැලකෙන්නේ එබැවිනි. අතීතයේ සිටම වී වගාවෙන්, හේන් ගොවිතැනෙන්, එළවළු ගොවිතැන් තුZළින් තම ආර්ථිකය ශක්‌තිමත් කරගත් මෙම ප්‍රදේශයේ ජීවත්වූ යෝධ ශක්‌තිය ඇති මිනිසුන් මහියංගන ප්‍රදේශය සශ්‍රීක කරන්නට වැව් අමුණු තනවා ඌව වෙල්ලස්‌ස පුරාම සශ්‍රීකත්වය පතුරුවා ඇත.

හුන්නස්‌ගිරි කපොල්ල පසුකිරීමෙන් අනතුරුව මහියංගන දෙසට බැස්‌ම ආරම්භ වේ. එතැන් සිට කිලෝමීටරයක්‌ පමණ ගියතැන දෙනපිටිය ගමත්, එතැනින් දකුණට හැරී කඳු පාමුල දෙසට පැරණි කිරිපට්‌ටියගම හරහා වෙන පාරත් හමුවන අතර, ඉංග්‍රීසි යුගයේදී වතු කර්මාන්තයත් සමග ආරම්භ වූ මාර්ග නිර්මාණයට අතගැසූ සුදු ජාතිකයින් මහියංගනයට යන මාර්ගයද නිර්මාණය කිරීමේ කටයුතු Dග Rග C යට පැවරූ අතර මුලින් මහනුවර සිට හුන්නස්‌ගිරිය ප්‍රදේශයටත් ඉන් ඉහළ නකල්ස්‌ කඳුවැටියේ එනසාල් වගාව ආශ්‍රිත මාර්ගත් වතු ආශ්‍රීත මාර්ගත් වතු වගාව ආරම්භ කළ කාලයේ නිර්මාණය කර ඇත.

එම යුගයේ මහනුවර ප්‍රදේශය ඡේම්ස්‌ සදර්ලන්ඩ් නමැති ආණ්‌ඩුකාරවරයා විසින් පාලනය කරන ලද අතර, ස්‌පාර් මහතා ඇතුළු Dග Rග C මහත්වරුන් පිරිස මහනුවර මහියංගනය පැරණි මාර්ගය වැඩි යුණු කරමින් මහියංගනයට යන පාර වාහන ධාවනය කිරීමට සංවර්ධනය කිරීම වෙනුවෙන් සොයා බැලීම සඳහා පැමිණි විට රජකාලයේ සිට පැවති කිsරිපට්‌ටිය මාර්ගය වෙනස්‌ කිරීමට ගම්මුන් විරුද්ධ වී ගැටලාගොල්ල ගල්පඩිහල හරහා පැරණි මාර්ගය ඔස්‌සේ ඉතා දීර්ඝ මාර්ගවලින් ඔවුන්ව මහියංගනය දෙසට රැගෙන ගොස්‌ ඇත. එය පරංගියා කෝට්‌ටේ රැගෙන ගිය ගමන වැන්නැයි වත්මන් හුන්නස්‌ගිරි ප්‍රදේශවාසීන් පවසයි. එම මාර්ගය ඉ කිරීම් ඉතා දුෂ්කර යෑයි පවසා ඇති ස්‌පාර් මහතා ඇතුළු පිරිස වත්මන් දහඅට වංගුව පාර මාර්ගය 1864 වර්ෂයේදී පමණ නිර්මාණය කර ඇත.

ඒ අනුව හුන්නස්‌ගිරිය, දෙනපිටිය, නයිඅන්තුඩේ, කහටපොල, හාල්යාල, උඩුදුම්බර, ගෙදරමඩ, ඔයතැන්න, තැම්මිටියාන - 35 - රජයේ වනරක්‌ෂිතය හරහා ඉතාමත් දුෂ්කර බෑවුම් සහිත ප්‍රදේශයකදී සිංහල මිනිසුන්ගේද උපදෙස්‌ මත මහා කළුගල් කඩා ඉවත් කර වංගු 18 කින් යුක්‌තව වත්මන් දහඅට වංගුව මාර්ගය ගුරුළුපොත දක්‌වා නිර්මාණය කර ඇත. තනිකර කළුගල් සහිත මෙම වංගු දහඅට ඉතා පටු මාර්ගයක්‌ ලෙස එදා නිර්මාණය කර ඇති අතර 1864 න් පසු එම්. කේ. එම් නම් ආයතනය මගින් පැරණි විලීස්‌ ලයිට්‌ ලොරි භාගයක තට්‌ටු මත තබාගෙන මගීන් මහියංගනය දක්‌වා රැගෙන ගොස්‌ ඇත. ඉන් අනතුරුව මුතාලිෆ් නම් මුස්‌ලිම් ජාතිකයෙකුට අයත් සිල්වර් ලයින් බස්‌ රථත් මහියංගනය දක්‌වා ප්‍රවාහන කටයුතු යොදවා ඇත.

එදා ඉතා දුෂ්කර ගමනක්‌ ගෙවා දහඅට වංගුව පසුකිරීමට සිදුව තිබූ අතර, වාහනයේ ගෝලයන් වංගුවෙන් වංගුවට බැස අඩතබමින් වාහන රිවස්‌ කරමින් (පසුපසට ධාවනය කරමින්) පැය ගණනක්‌ වාහන දහඅට වංගුව පසුකරන්නට උත්සාහ ගෙන ඇත.

දහඅට වංගුව පසුකිරීමෙන් අනතුරුව ගුරුළුපොත, හසලක, වේරගම, ග්ගොම්මන පසුකර, වේරගංතොටට ගොස්‌ (මහවැලි ගං ඉවුරට) තුට්‌ටු දෙකක්‌ දී මහවැලි ගඟෙන් එතෙරව මහියංගන නගරයට ගොස්‌ ඇත.

ඒ සමයේදී ශ්‍රී ලංකාවේ භාවිත කරන ලද මුදල් ඒකකය තුට්‌ටුව සහ පනම යනුවෙන් හඳුන්වන ලදී. තුට්‌ටු දෙකක්‌ ශත තුනක්‌ වූ අතර පනමක්‌ ශත 6 ක්‌ විය. පනම් අටක්‌ යනු ශත 50 කි.

අධිරාජ්‍යවාදී යුගයේ අවසන් කාලය වන විට ගරා වැටී තිබූ මහියංගන වෙහෙර ප්‍රතිසංස්‌කරණ කටයුතු ඩී. එස්‌. සේනානායක මැතිඳුන් අතින් සිදුවී ඇති අතර, ඒ වන විටත් මහියංගන නගරයට පිවිසෙන මහවැලි ගඟ තරණය කර ඇත්තේ බැරල් යොදා සාදාගත් පාලමක්‌ උපයෝගී කරගෙන බව සඳහන් වේ. ඉන්පසුව 1937 වර්ෂයේ මිනිපේ ව්‍යාපාරය ආරම්භ කරන ලද අතර, එමගින් වී වගාවද අලුතින් මහියංගන ප්‍රදේශය පුරා ව්‍යාප්ත කර ගොවිජනපදද ඇතිකර විශාල ආර්ථික සංවර්ධනයකට මුල පුරා ඇත.

ඉංග්‍රීසි ආණ්‌ඩු කාලයටත් පෙරසිටම ගම්මුන් මහනුවර මහියංගනය අතර විශාල ලෙස එහාමෙහා ගමන්කර ඇති අතර, ඒ නවල තවලම්, ගොන් කරත්ත, රිටිමල්ල, කදමල්ල, ආදී ක්‍රමවලින් භාණ්‌ඩ ප්‍රවාහනය කර ඇත. ප්‍රවාහනය සඳහා රථවාහන භාවිත වීමෙන් භාණ්‌ඩ හා මගී ප්‍රවාහනය සඳහා දහඅට වංගුව මාර්ගය ඉතා සීඝ්‍රයෙන් භාවිත කරන්නට පුරුදුවී ඇත.

වසර 2500 ගණනක්‌ පැරණි ඉතිහාසයක්‌ ඇති මහනුවර මහියංගනය ඓතිහාසික මාර්ගය තුන්වැනි ලෝකයේ අනෙකුත් සංවර්ධන රටවල මාර්ගවලට සමගාමීව සංවර්ධනය වුවත් ඒ අතීත වටිනාකම නොනසා දහඅට වංගුව ඉ රියේදී පුළුල් කිරීමට නියමිතය.

හුන්නස්‌ගිරි ප්‍රදේශයත් නකල්ස්‌ කඳුවැටි ප්‍රදේශයත් හුන්නස්‌ගිරියේ සිට දහඅට වංගුව පසු කරමින් මහියංගනය දක්‌වා වෙන මෙම කලාපය ඉතා වටිනා සංචාරක කලාපයක්‌ වශයෙන්ද ඉතා වැදගත් වේ. එම සියලු සංරක්‌ෂිත ප්‍රදේශද ආරක්‌ෂා කරගනිමින් මෙම දහඅට වංගුව මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීමට නියමිතය. මෙම මාර්ගය කොතරම් සංවර්ධනය කරත් එහි ඇති පෞරාණික වටිනාකම විනාශ නොකර දහඅට වංගුව සංවර්ධනය කරන ලෙස ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘතිය ආරම්භයේදීම උපදෙස්‌ දී ඇත.

නෙන් න රථවාහන වැඩි වැඩියෙන් මෙම මාර්ගයේ එහා මෙහා යයි. අනාගතයේ එය තවත් විශාල වශයෙන් ඉහළ යනු ඇත. අතීතයේ රට එක්‌සේසත් කළ දුටුගැමුණු රජතුමා මෙන්ද කෝට්‌ටේ යුගයේදී යාපා පටුන ජයගත් සපුමල් කුමාරයා මෙන්ද වත්මනේ ශ්‍රී ලංකාද්වීපයට බිහිවී සිටින යසෙන් කුමාරයා නැගෙනහිර ජනතාව ත්‍රස්‌ත ග්‍රහණයෙන් මුදවා ගැනීමෙන් පසුව නැගෙනහිරට නවෝදය උදා කරන්නට කෝටි ගණන් වටිනා අමුද්‍රව්‍ය මේ වන විට මෙම මාර්ගයේද ප්‍රවාහනය කරනු ලබයි. ඒ වැඩිවන ප්‍රවාහන ධාරිතාවට උචිත වන අයුරින් දහඅට වංගුව මාර්ගය පුළුල් විය යුතුය.

ඒ යෝධ වැඩ පිළිවෙල මේ වන විට මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය අරඹා ඇත.

ටී. බී. ඒකනායක
මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v