නවකතාව ගැන ඔවුන් කියන දේ

සාධනීය ලක්‌ෂණ තිබෙනවා
සාහිත්‍යවේදී ගාමිණී ජයන්ගොඩ

මම තවම ඔය සම්මාන ලැබිච්ච පොත් ටික කියෙව්වේ නැහැ. දැනට මම කියවලා තියෙන සමහර නවකතා දිහා බැලුවාම පේනවා ඒවායේ නවකතාවක අඩංගු විය යුතු යම් යම් සාධනීය ලක්‌ෂණ තිබෙන බව. හැබැයි ඒකෙන් අපේ නවකතා හොඳයි කියලා කියන්න බැහැ.

සමහර නවකතා ගත්තොත් හරිම ඕලාරිකයි. ඒවා කියවන පාඨකයාට අභියෝගයක්‌ එල්ල වෙන්නේ නැහැ. අපේ නවකතාව විශ්ව සාහිත්‍ය මට්‌ටමට ළඟාවෙන්න නම් තව හුඟාක්‌ දුර යන්න ඕනෑ. ඒ ගැන බලාපොරොත්තුවක්‌ අපට තබාගන්න පුළුවන්.

හොයන්න ඕනෑ "පොදු පුරුෂයා"ට
සම්මාන දුන්නු හරක්‌ ටිකයි
ගුණදාස අමරසේකර

මට කියවන්න ලැබුණේ ඔය සම්මාන ලැබිච්ච "පොදු පුරුෂයා" පොත විතරයි. ඒ පොත තනිකරම "ව්‍යාජයක්‌". කතුවරියටත් ඒක තේරිලාද කොහෙද පොතේ අන්තිමට මොකක්‌දෝ වැල්වටාරමක්‌ ලියලා තියෙනවා. අපි හොයාගන්න ඕනෑ ඔය පොත් ලියපු මිනිස්‌සුන්ව නොවේ, ඔය පොත්වලට සම්මාන දුන්නු හරක්‌ ටිකයි. ඔය හරක්‌ ටික ඕනම කුණුහරුපයකට සම්මාන දෙනවනේ. විශ්වවිද්‍යාලවලින් බිහිවෙච්ච විචාරකයන්ගේ තරම ඒකෙන්ම තේරෙනවා. "පොදු පුරුෂයාට" සම්මාන දුන්නු එක හොඳයි. මොකද, මේ සම්මානවල විහිළුව ඒකෙන්ම තේරෙනවා.

"බොරතෙල්" විශ්ව සාහිත්‍යයට යා යුතු කෘතියක්‌
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

මම කියවපු පොත්වලින් බටුවන්ගල රාහුල හිමියන්ගේ "බොරතෙල්" විශිෂ්ට නවකතාවක්‌ ලෙස සලකන්න පුළුවන්. "බොරතෙල්" ඉංගී්‍රසියට පරිවර්තනය කළොත් ඒක විශ්ව සාහිත්‍ය කෘතියක්‌ වේවි. මට විවේකය ලැබුණොත් මම ඒ පොත ඉංගී්‍රසියට පරිවර්තනය කරනවා. "පොදු පුරුෂයා" පොත නරකයි කියලා මම කියන්නේ නැහැ. නමුත් ඒ පොත "බොරතෙල්" එක්‌ක සංසන්දනය කළ යුතු නැහැ.

"බොරතෙල්" ගැන මම කරන විචාරයට ඔබ එකඟ නොවෙන්න පුළුවන්. නමුත් කවදාහරි දවසක මගේ විචාරය හරි කියලා ඔබ කියාවි. විචාරය සම්බන්ධයෙන් ගැටුම ඉතිහාසය පුරාම තිබුනාණේ. විචාරය කාලානුරූපිව වෙනස්‌ විය යුතුයි. මගේ විචාර එහෙම වුණා.ඉස්‌සර මම වික්‍රමසිංහගේ කෘති හෙළාදකිමින් විචාරය කළා.නමුත් දැන් මම වික්‍රමසිංහව හොයාගෙන යනවා. කොහොම නමුත් නවකතාව සම්බන්ධයෙන් කතිකාවක්‌ ඇති වෙන්න ඕනෑ.

මේ නවකතාවල නැත්තේ  "නව" කොටසයි
මහාචාර්ය සෝමරත්න බාලසූරිය

කතාන්තරයක්‌ කියන අදහසින් ඈත් වූ නවකතාකරුවන් හෝ නිර්මාණකරුවන් විරලයි. නවකතාවෙහි "නව" යන කොටස තමයි අද හුඟාක්‌ නවකතාවල නැත්තේ. නවකතාව හුදු වින්දනයක්‌ ලබාදෙන කතාන්තරයක්‌ නොවේ. එය ලේඛකයා ජීවත්වන යුගයේ දේශපාලන, සමාජ, සංස්‌කෘතික පසුබිමේ කැඩපතයි. එවැනි නවකතාවකින් පාඨකයා බුද්ධිමත් තලයකට ගෙනයන්න පුළුවන්. සිද්ධි මාලාව හෝ කතාව යටින් දිවෙන පාඨකයා ප්‍රබුද්ධ කරන යටි පෙළක්‌ නවකතාවේ තියෙන්න ඕනෑ. නමුත් බොහෝ නවකතාවල තියෙන්නේ සුලභ සංසිද්ධීන්. ඒවා පාටකයා අඩු වැඩි වශයෙන් දන්නවා. එක්‌කෝ අත්විඳ තියෙනවා.

නවකතාකරුවන් තමා විඳි පුද්ගල අත්දැකීම්වල ඇලි ගැලීයි ලියන්නේ. පුද්ගලයකු සතු අත්දැකීම් සීමිතයි. ඒ නිසා නවකතා රචකයාට වැදගත් වන්නේ පරිකල්පනයයි. බොහෝ නවකතාවල කල්පිත කොටස්‌ අඩුයි. පුද්ගල බද්ධ අත්දැකීම් වැඩියි. ඒ නිසා ඒවාගේ නිර්මාණාත්මක ගුණයක්‌ නැහැ.

අනෙක, මෑත කාලයේ පළවූ නවකතා බොහෝ දීර්ඝ කතන්දරයි. ඒවායේ අනවශ්‍ය හෑලි, විස්‌තර වැඩියි. ඒ නිසා එක දිගටම කියවගෙන යැමේ ගුණය අඩුයි. දෘෂ්‍ය මාධ්‍යවලට සාපේක්‌ෂව නවකතාවේ ශිල්ප ක්‍රම භාවිත විය යුතුයි. පාඨකයා ග්‍රහණය කරගැනීම සඳහා නව රචනෝපක්‍රම, නව භාෂා රීතිත් සොයාගැනීම අවශ්‍යයි. හැම දෙනාම ලියන සාම්ප්‍රදායික බස ඉවත දා නව ප්‍රබල භාෂා රූඩීන් සකස්‌ කරගැනීම අවශ්‍යයි. නවකතාකරුවා කතාන්තරවලින් ඈත් විය යුතුයි.

සමහර නවකතා  මනෝසායන වගේ
සාහිත්‍යවේදී පසන් කොඩිකාර

නවකතාව පමණක්‌ නොවේ, අපේ කලාවේම තියෙන්නේ ගැටලු. උදාහරණයකට, අපි විද්‍යාව උත්පාදනය කරන්නේ නැහැ. එතකොට අපේ කලාවට විද්‍යාව ඇතුළු වෙන්නේ කොහොමද? එතකොට ඉබේම අපේ කලාව සාම්ප්‍රදායික වෙනවා. නවකතාවටත් මේක අදාළයි. අපි නවකතාව ගැන කතා කරන්නේ ලාංකේය සමාජය ඇතුළේ සිංහල භාෂාව පමණක්‌ පදනම් වෙච්ච වපසරියකයි. අපේ නිර්මාණකරුවන් තමන්ගේ හෝ පොදු සමාජ ගැටලුවක්‌ නිර්මාණවලට යොදාගෙන තිබෙන බවත් පේනවා. නමුත් මෙතනදී මේ අය කලා කෘතිය වෙනුවට තමන්ව සමාජයට පෙන්නන්න උත්සහ කරන තැන් තියෙනවා. සමහර සාහිත්‍ය කෘති හරියට මනෝ සායන වගේ. මේක අද අපේ කලාවේ පොදු ලක්‌ෂණයක්‌ බවට පත්වෙලා. නවකතාවට අපේ රටේ ඉල්ලුමක්‌ තියෙනවා. නමුත් මෙම නවකතා හොඳද නරකද කියලා නිර්ණය කරන මිනුම් දඬුවල ප්‍රශ්නයක්‌ තියෙනවා. අපේ කලාව ඇතුළේ අර්බුද තියෙන කොට ඒ කලාවෙන් නවකතාව වෙනම අරගෙන කතා කරන එක නිශ්ඵල දෙයක්‌. මේ අර්බුද ඇතුළෙත් හොඳ ,Readසබට, එකකට යන්න අවකාශයක්‌ තිබෙන නවකතා තිබෙනවා. ඒක හොඳ ලක්‌ෂණයක්‌.

මේ ඔක්‌කොම විනිශ්චයකරුවො පුස්‌සො රැලක්‌
ප්‍රවීණ කිවි පරාක්‍රම කොඩිතුවක්‌කු

නිදහස ලැබූ තැන් සිට සිදුවූ සමාජ පරිහානියත් සමග නොමග ගිය මෙරට කලාවත්, විචාරයත් දැන් එහි අවසාන අගාධයට පැමිණ ඇති සැටි පැහැදිලියි. සාහිත්‍ය සම්මාන විගඩම එහි අවසාන රංගයයි. මේ බිහිවෙමින් තිබෙන්නේ සම්මානවලට ලියන ලොතරැයි සාහිත්‍ය කලාවක්‌. සින්දු ලියන, නවකතා ලියන පිස්‌සුවක්‌ භික්‍ෂුන්ටත් වැළඳීලා. එක අතකින් මේ සේරම මරා ඉපදවීමක්‌a අවශ්‍ය වී ඇති නිසා මේ සිදුවන දේ හොඳයි.

ගොඩගේ, විෙද්‍යාaදය, ස්‌වර්ණ පුස්‌තක, රාජ්‍ය සාහිත්‍ය ආදී සම්මාන විනිශ්චය කළවුන් පුස්‌සන් රැලක්‌ බව කියන්න ඕන. ඔය සේරම මහාචාරීන් මා සමග තරහා වුණත් මට කමක්‌ නැහැ. ඔවුන් සියලුදෙනා අසාධ්‍ය රෝගීන්. මුළු සාහිත්‍ය කලාවටම "පෝස්‌ට්‌ මෝඩර්න්" වෛරසය වැළඳීලා.

සම්මාන දිනූ නවකතා පල්හෑලි. කවිපොත්වල ඇත්තේ බොරු කවි. මේ ගැන ඉදිරියේදී අමරසේකර, තෝරදෙණිය වැනි කොන්ද තියෙන මිනිසුන් කතා කරාවි. "පොදු පුරුෂයා" සාහිත්‍යමය අවංකභාවයෙන් අර්ථ සම්පත්තියෙන් ආඪ්‍ය නවකතාවක්‌ නොවෙයි. එහි එන භාවනාවත්, සුනාමියත් දෙකම ව්‍යාජයෝක්‌තියක්‌. සුනේත්‍රා රාජකරුණානායක මගේ හොඳ මිතුරියක්‌. අපේ පවුලේ හිතවතියක්‌. එහෙත් මම ඇයට කෙළින්ම මගේ අදහස කියා තිබෙනවා. "පොදු පුරුෂයා" පොතෙන් පිටු 40 කට වඩා මට කියවන්න පුළුවන් වුණේ නැහැ. මේ පල්හෑලි මම කියවන්නේ මොහොකටද කියල මට සිතුණා. ඇගේ මුල් පොත් තුන "සඳුන්ගිර ගිනි ගනී", "ප්‍රේම පුරාණය", "රිදී තිරංගනාවි"ෙඓශ්චර්යමත් හෘදයානන්දකර ලිවීමක්‌. "සුබෝධාලංකාරය", "පොදු පුරුෂයා" වැනි මාස දෙක තුනෙන් ලියන නිසරු තඩි පොත් ලිවීමකට ඇය ඇද වැටී ඇති සැටි ෙ€දජනකයි. (මගේ පුත්තු දෙන්නා නම් මේ පොත් ආසාවෙන් කියෙව්වා. ඒවා ග්‍රහණය කරගන්නා "ට්‍රාන්ස්‌මීටරයක්‌" මගේ මානසික පරිපථයේ නැතුව ඇති.) ප්‍රභාකරන්ටත් මෛත්‍රිය දැක්‌වීමට කතා කිරීම දේශපාලනයත් බුදුදහමත් දෙකම විකෘති කිරීමක්‌. යුද්ධයෙන් රට බේරාගත් වීරයාට තම දෑතින් මේ සම්මානය දීමට සිදුවීම මේ සමාජයේ බියකරු ප්‍රතිවිරෝධය පිළිබිඹු කරන ෙ€දයක්‌ බව කිව යුතුයි.

"පුහු මහාචාරී විනිසකරුවන් එකකුටවත් කැත්ලීන් ජයවර්ධනගේ "සත්‍ය කාම" විඳින්නට ස්‌නායුවක්‌ නැතිවීම මොන පුදුමයක්‌ද? "සත්‍ය කාම" අතිරම්‍ය නවකතා ප්‍රබන්ධයක්‌. ඒ තරම් සූක්‍ෂම පරිකල්පනයක්‌, බසක්‌, නිරූපණයක්‌ මෑත කාලයේ නවකතාවක තිබුණේ නැහැ. එහි ඇති පරිකල්පනීය ගැඹුර හා බණ්‌ධචාතූර්යයත්, රසාවේශයක්‌, කතුවරියගේ උත්පාදක ශක්‌තියත් මෙයින් පිළිබිඹු වෙනවා. පසුගිය කාලයේ චන්ද්‍රසිරි දොඩන්ගොඩ "දැල බිඳුම" නමින් විශිෂ්ට නවකතාවක්‌ රචනා කළා. මේ රටේ එක්‌ විචාරකයකුවත් එහි අගය දුටුවේ නැහැ. හොඳ සාහිත්‍යමය ගැඹුරක්‌ නැතත් අර තාරකා වාසලමුදලි ලියූ "දෙහි", "මැටි", "කඑ" වැනි ප්‍රබන්ධවල යම්කිසි අවංකභාවක්‌ තිබෙනවා. සුනන්ද මහේන්ද්‍ර මෑතකදී "ජීවක වත" නමින් චම්පු කාව්‍යයක්‌ නිමවූවා. එය මහාර්ඝ ප්‍රයාමයක්‌. ඒ ගැන ඔය එක නව විචාරකයකුටවත් තේරුමක්‌ නැහැ. එවැනි බෞද්ධ ප්‍රතිගුණ කාව්‍යයක්‌ මෙතෙක්‌ ලියෑවී නැහැ. පසුකලෙක සම්මානයක්‌ ලැබුණේ ඔහුගේ "ඕඝ තරණය" වැනි දුර්වල කෘතියකටයි. විෙද්‍යාaදය සාහිත්‍ය උළෙලේ විනිශ්චයන් කළ සැටි විශ්වවිද්‍යාලයකට නින්දාවක්‌ බව සාහිත්‍ය සමාජයට පෙනුණා. රාජ්‍ය සම්මාන විනිශ්චයේදී තේරුණේ මොන කවිද?

උදේනි සරච්චන්ද්‍ර "දෙදෙනාම දියණියෝ" නමින් හොඳ කාව්‍ය සංග්‍රහයක්‌ පළ කර තිබුණා. තේරුණු කවිපොත් දෙකෙන් අජිත් තිලකසේන ලියා තිබෙන්නේ කවි නෙමේ. බොහොමයක්‌ ව්‍යාජ සංකල්පනා පතුරුයි. එරික්‌ එලයප්ආරච්චි සැබෑ කවීත්වයක්‌, චින්තනයක්‌ ඇති නව කවියායි. එහෙත් ඒ කවි අවසානාවකට බුද්ධිමය බරවයකින් පෙළෙනවා. ඒවා බුද්ධිය අභියෝග කරනු මිස හදවත අමතන්නේ නැහැ.

දැන් පහළ වන ව්‍යාජ සාහිත්‍යයට, සිනමාවට, නාට්‍යවලට විවිධ මාධ්‍යවලින්ද "ගරිල්ලා මාකටින්" එකක්‌ ලැබෙනවා. මේවාට විරෝධය පළ කරමින් මා ලියූ ඇතැම් ලිපිවලට ප්‍රධාන පුවත්පත් පවා ඉඩක්‌ නොදුන් අවස්‌ථා තිබෙනවා. නිදහස්‌ අවකාශය ලබාදුන්නේ "දිවයින" පමණයි. අද නිපදවෙන සිනමා, නවකතා කෘතිවල ඇත්තේ බටහිර රීතියක්‌, ආකෘතියක්‌. මේවා ආසියානු ජිවිතය කියාපෑමට නොගැලපෙන, අපේ ජීවන රිද්මය හා නොපෑහෙන බව අදීන ඉන්දීය විචාරකයන් පෙන්වා දෙනවා. මේ ඉන්දීය විචාරකයන් සිය දෙනකුගේ විචාර විමර්ශනය කරනවා නම් අපේ විශ්වවිද්‍යාල ඇඳුරන්ට තමන් බැස සිටින කුණු වළ පෙනෙන්නට පටන් ගනීවි. ඔවුන් කවුරුවත් මේ ඥනදර්ශනය ලබා ගන්නේ නැහැ. මොවුන් නිසා ඇති වන්නේ ව්‍යාජ බොල් සාහිත්‍යයක්‌. එයින් තරුණ පරපුර වල්මත් කිරීම මහා වේදනාවක්‌.

සංවාදය -රසී වීරසිංහ

 
Powered By -


       සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.