සංස්‌කරණය : නාරද නිශ්ශංක

එදා මෙදා "ගඟ අද්දර" හමුවී



මෙම අපූර්ව හමුව "දිවයින" නිසල කැමරාවේ සටහන් වූයේ ඉකුත්දා කොළඹ පැවැති "ගඟ අද්දර" ටෙලි වෘත්තාන්තයේ මුහුරත් උළෙලේදීය. මෙරට ප්‍රේක්‍ෂක ජනතාවගේ එදා මෙදා නොමඳ ආදරයට පාත්‍රව තිබෙන "ගඟ අද්දර" චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂ සුමිත්‍රා පීරිස්‌ හා එම චිත්‍රපටය නිෂ්පාදනය කළ සම්මානනීය චිත්‍රපට නිෂ්පාදිකා මිලිනා සුමතිපාල මෙදා "ගඟ අද්දර" ටෙලි වෘත්තාන්තය නිෂ්පාදනය කරන නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාරත්a "ගඟ අද්දර" පුංචි තිරයට අධ්‍යක්‍ෂණය කරන සාරංග මෙන්ඩිස්‌ මුහුරත් උළෙලේදි මෙලෙස මුණගැසුණි. මෙදා ගඟ අද්දර එක්‌ව සිටින සාරංග අධ්‍යක්‍ෂක ඇතුළු නව පරපුරට සුමිත්‍රා හා මිලිනා තම ආශිර්වාදය පුද කිරීම කාගේත් ප්‍රසාදයට හේතු විය.

"ගඟ අද්දර" ටෙලි නාට්‍යය මුහුරත් උළෙලේදී සාලාකා අධිපති ගාමිණි නෙත්තිකුමාර වේෂ නිරූපණ ශිල්පී ඊබට්‌ විඡේසිංහ, ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය, ක්‌ලිටස්‌ මෙන්ඩිස්‌, ජනක මල්ලිමාරච්චි හා "ගඟ අද්දර" චිත්‍රපටය එදා නිපැයූ මිලිනා සුමතිපාල හා "ගඟ අද්දර" පුංචි තිරයට නිපදවන සුධර්මා නෙත්තිකුමාර ද මෙම ඡායාරූපවල දැක්‌වේ.

පිංතූරය - සරණපාල පමුණුව
 

 

 
Powered By -